(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර )
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ලබන මස 30 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පෙත්සම් අද(18) අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.
පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වග උත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.
එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කිව්වහාම ඒකට නිදහසට කරුණු කියන්න ඕනා එකම රට මේ ශ්‍රී ලංකාව වෙන්න ඇති. ඒ අනුව ඊළගට මේක සුගන්ධිකා ප්‍රනාන්දුට විය හැකිය.
නොතේරෙන නිසයි මේ අහන්නේ ... කචුරු හරි යම් ආයතනයකට හෝ පුද්ගලයකුට චෝදනාවක් කලොත් ඉස්සරවෙලාම ඒක විභාග කරලා ඇත්ත නැත්ත හොයා බලන්න නෙමෙයිද ඕනා?
රන්ජන්ට දඬුවම් නොකරන්න හේතුව නම්, ඔහු කියා සිටින්නේ සත්‍යයක් බැවිනි.
මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා ඔහුගේ නීතිය සම්බන්ධ අදහස සමඟ....... විනිසුරුවරු පමණක් නොවෙයි පොලීසියද මේ නීතිමය රාමුවෙන් තොර රටක් බිහිවීම ගැන වගකීම භාරගත යුතුයි.... මේ ආයතන දෙකම මහජන මුදල් විශාල ලෙස වියද් කරනවා.. ලංකාව ලෝකයේ දූෂිත රටවල් ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා
සළුවට නෙත බැඳුනට වැඩක් නැතේ... තරාදියත් "සීරු මාරු" කර නැතුවානේ.. තරදියත් දෙවඟන මෙන් තිබෙනු අනේ... යුක්තිය කොයිද දැන් කණපිට ගියා අනේ...
ඔන්න රන්ජන් හොඳ අවස්ථාවක්. හොර තක්කඩින්ගේ වැඩ කිඩ සේරම එළිකරලා උත්තරය පිළියෙළ කරලා ඉදිරිපත් කරන්න. නගානන්දයි, සුගන්ධිකායි එළිකල දේවල්වලට අමතරව සම්පූර්ණ විස්තරයක් රටම දැන ගන්න එක හොඳයි.
මේ කාරණයේදී නම් ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව මට හොඳටම පසක් වේ. මොකද නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ වෙච්ච අසාධාරණ නඩුවක්... රන්ජන්ට දඬුවම් කළොත් අධිකරණය තම අපක්ෂපාතීත්වයේ කන්‍යාභාවය එයින්ම අහෝසි කරගනු ඇති... රන්ජන් අධිකරණයට අපහාස කළ බව මට පේන්නේ නෑ. ඔහු කිව්වේ අධිකරණයට සම්බන්ධ විවිධ පාර්ශව දූෂිත බව... ඉතින් ඒක ඇත්තනේ. රංජන්ගේ නඩුව වගේම අධිකරණයට සම්බන්ධ පාර්ෂවයන් සිදුකරණ දූෂණයන් පමණක් විභාග කිරීමට වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු කාලය එළඹී ඇත. ඒ සඳහා සාමාන්‍ය නඩු වලට ඉදිරිපත් නොවන නීතිඥ කණ්ඩාමයකුත් පුහුණු කළ යුතුයි. එතෙක් රංජන්ගේ නඩුව කල් තැබීමට පාර්ලිමේන්තුව ක්‍රියාකළ යුතුයි.
හිතවත් රන්ජන්,ඔබ සිනමාවෙන් රටේ හදවත් දිනාගත්තා සේ දේශපාලනයේදී හොරකමට, වංචාවට, දුෂණයට එරෙහිව නොබියව සටන් කළා. බොහෝ අය මෙන් ඔබ හම්බකලේ නැහැ. ඒත් යමක් පැවසීමේදී නීතියට එකඟව පැවසිය හැකි ක්‍රම තියෙනවා. මෙහිදී ඔබ "ඇතැම් සහ සමහර" යන වචන භාවිතා කලේ නම් ඔබට විරුද්ධව පියවර ගන්න කිසිවෙකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. එවිට ඔබ අපහාස නීතියට යටත් නැහැ. යකඩ දැලක් වන නීතිය කඩා දැමිය හැකි මකුළු දැලක් බවට පත් කර ගන්නා සමහර දෙනා සිටිනවා. ඔබ මෙහිදී ඔබටම විරුද්ධව වැඩකිරීමට අවශ්‍ය සාක්ක්ෂි සහ තොරතුරු මාගල්කන්දේ කට්ටියට ලබාදී තියෙනවා."දිෆෙමේෂන් ඇක්ට්" යනුවෙන් පනතක් පෙරදී සුද්දන් විසින් පුවත්පත් කලාවේදීන්ගේ අපහාස නඩු වලින් ගැලවීමට හදුන්වා දී තිබුනා. මෙහිදී අපහාසයක් සිදුවුවත්, එය රටටත් ජනතාවටත් සද් භාවයෙන් කල නිසා පත්‍ර කලාවේදියා බේරෙනවා.
රන්ජන්, මෙය ඔබට යොදාගන්න අධිකරණයේදී පුලුවන්ද කියා මා දන්නේ නැහැ. මෙය ඔබගේ නීතිවේදියාට පවසන්න. ඔබ හොරෙක් දුෂිතයෙක් කියා පෙන්වන්නට විරුද්ධ පැත්තට බැහැ. ඒ අනුව ඔබගේ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාස වුනත්, ඒවා කලේ රටටත් ජනතාවටත් සද් භාවයෙන් බව පෙන්වීමට ඔබගේ නීතිවේදීන් සමත් උවහොත් එය ඔබගේ ජයග්‍රහණය වේවි. අපගේ පැතුමද එයයි.
රන්ජන් ගොයියා අධිකරණය ගැන කියන කතාව අපි දන්නේ බොහෝ කාලෙක සිටයි.ඒ වුනාට නුඹට අපේ රටේ සංස්කෘතිය සහ රට විනාශ කරන වැඩ පිලිවෙලක් ගෙන යන බවත් රහසක් නොවේ.ඔබේ ගොඩක් වැඩ සංදර්ශන තමයි.