(ජේ.කේ.එල්.චාමින්ද)
ඩෙංගු මර්දන කටයුතු සඳහා බව පවසමින් මාගාල්ල ප්‍රදේශයේ නිවසක තනිවම ජිවත්වු 69 හැවිරිදි වයස්ගත කාන්තාවකගේ නිවසට ඇතුල් වී ඇයගේ අත් පා රෙදිපටි වලින් බැඳ නිවසේ තිබු රුපියල් 15,000ක මුදලක් හා රන් වළලු හතරක් කොල්ලකා ගෙන ගිය තිදෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කොල්ලකරුවන් තිදෙනා ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරිමට පැමිණි බව පවසමින් නිවසේ දොරටුව විවෘත කරවා ගෙන තිබේ.
පසුව උල් පිහියක් පෙන්වා මෙකී කාන්තාව බිය ගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ගෙන පලා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු මිනිමැරුම්වලට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් ව සිටින දෙදෙනෙකු බවද පොලිසිය කියයි.
අනික් පුද්ගලයා කොස්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ඉල්ලීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකි.
මෙකී කාන්තාව තේ ඉඩම් ඇතුළු දේපලකට හිමිකම් කියන කාන්තාවකි.
කොල්ලකරුවන් තිදෙනා ගාල්ල බන්ධනාගාර ගතව සිටියදී මෙකී කොල්ලකෑම සැලසුම් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස අස්සේම අැවිත් වතුර තියෙනවා මදුරුපනුවො ඉන්නවා කිියලා මිනිස්සු මංකොල්ලා කෑමටම ලෑස්තිි කණ්ඩායම් ඉන්නවා.මේක නිලධාරීයා ගේ සහයෝගයත් අැතිව කරන දෙයක්, කණ්ඩායම අතරේ මුදල් බෙදාගන්නවා ,පොලිසිය කුඩු දාලා නඩුවලට පටළවන න්‍යායම තමයි ඒකත්,
අද බොහෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් දුෂිතයි. ගෙවල්, හෝටල්, කඩ ආදිය පරීක්ෂා කරලා නඩු නොදැමීමට පගාව ගන්නවා. මේ ගැනත් සොයා බලන්න.
අද බන්ධනාගාර වලට ගියාම ඒ අය ඇතුලට ගියාට වඩා ලොකු හොරු බවට පත්වී එලියට එන්නේ. ඊට පස්සේ ඇප ලබාගෙන එලියට ඇවිල්ල අයෙත් අපරාධ කරන්නට පටන් ගන්නවා. මෙය මෙවැනි අපරාධකරුවන්ට ඇප දෙන නීති පද්ධතියේ වැරැද්ද.