(නිමල කොඩිතුවක්කු)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුන් එවැනි තීරණයක් ගැනීමට පෙර මහනායක හිමියන්ගෙන් විමසිය යුතු බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
මොන යම් ආකාරයෙන් හෝ සිවුර ඉවත් කලත් උන්වහන්සේ මහනකම අත් නොහැරියේ නම් කොතරම් කලයක් ගතවුවද කිසිවකුටත් මහනකම පැහැර ගත නොහැකි බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ අවධාරණය කළහ.
පැපිලියාන සුනේත්රාමහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සඳහන් කළහ.
‘‘ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කළ ආකාරය පිලිබඳ විමසා බැලීමේදී මෙම කරුණ සමස්ථ සාසනයේම අනාගතයේ යම් යම් දේ සදහා පූර්වාදර්ශ හැටියට යොදාගැනීමේ හැකියාව තියෙනවා.
ඥාණසාර හිමියන් සිරගත වූයේ තමන්ගේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් පෙනී ඉඳලාද යන ගැටලූව මෙතන තියෙනවා. උන්වහන්සේ පෙනී සිටියේ රණවිරුවන් අත්අඩංගුවට ගෙන මාස ගණන් හිරකරගෙන සිටීම කියන බරපතල කාරණාව වෙනුවෙන් එක්නැලිගොඩ අතුරුදන් වීම හා සම්බන්ධ නඩුවට අදාළව සිදු වූ සිද්ධියකදීයි.
මෙහිදි එක්නැලිගොඩ මහත්මියට ඥානසාර හිමියන් තර්ජනය කර බැණ වැදුනාය කියන කාරණාව පදනම් කරගෙන තමයි උන්වහන්සේව මුලින්ම මේ උසාවියට කැඳවන්නේ. උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ උසාවියට අපහස කලා කියන කාරණාව සම්බන්ධයෙන් කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපි එම කාරණාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.
මේ නඩුවට හැමදාම එන පිරිස එක්නැලිගොඩ ඉදිරියට තියාගෙන අපේ රටේ රණවිරුවන් සිරගත කරන්න, යුද්ධය අවසන් කළ නායකයන් සිරබාරයට ගන්න, රටට හානිකර විපත්දායි දේ කරන කන්ඩායමක්. ඒ සියලූ කණ්ඩායම් එකතු වෙච්ච එක නඩයක් එක්ක තමයි එක්නැලිගොඩ මහත්මිය මේ නඩුවට එන්නේ. ඒක දැක්කට පස්සේ ඥාණසාර හිමියන් විතරක් නෙමෙයි ඒ කියපු වචනය අපි අතිනුත් නොකිය වුණා නම් තමයි පුදුම වෙන්න ඕන. ඒ තරමටම ඒ උදවිය රටට ද්‍රෝහීයි.
හිරකාරයන්ට අන්දන ඇදුම අන්දවලා උන්වහන්සේ සිරගත කරන බවට මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා. එක වැරුද්දකට දඬුවම් දෙකක් ලැබෙන්න විදියක් නැහැ. උන්වහන්සේ සිරගත කිරීමේදී සිරේ සිටීමේ දඩුවම ලැබෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එළියට ආවට පස්සේ උන්වහන්සේට භික්ෂුන් වහන්සේ නමක් හැටියට තිබූ වරප්‍රසාද අහිමි කිරීමේ විදියක් නැහැ.
බැන වැදීම පිළිබඳ විනය පිඨකයේ තියෙන්නේ ඕමස වාදයයි පිළිබඳවයි. ඒ අනුව ජාතිය, ආගම, නම, ගෝත්‍රය ආදි කරුණූ 10ක් මතක් කරලා බනිනවා නම් එය විනය පිඨකයට අනුව කුඩා ඇවතක්. මල්ක් කැඩුවත්, ගහක් ඉගිල්ලූවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ කෙනෙකුට කුඩා ඇවතක් වෙනවා.
මෙවැනි ඇවතක් වුණහම මම අතින් මෙවැනි වචනයක් කියවුණා. මෙතනින් පස්සේ මම එයින් සංවරයට පත්වෙනවා කියලා තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සමඟ ප්‍රකාශ කිරීමෙන්ම ඒ ඇවතෙන් නිදහස් විමේ අවස්ථාව තියෙනවා. ඒනිසා ඉතා සුළු සරල ඇවතක් තමයි උන්වහන්සේට වෙලා තියෙන්නේ.
උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ගලවලා රාත්‍රී හයක් ඉක්මවලා හත්වෙනි දවස උදාවන විට උන්වහන්සේට මහනකම අහෝසි වීමේ ගැටලූවක් තියෙනවා. මේකට කියන්නේ චිවරයෙන් වෙන්ව වාසය කිරීම යනුවෙන්. යම්කිසි කෙනෙකුට උපද්‍රවයක් පැමිණියොත් වහාම තව තැනකට ගොස් සිවුර පැළඳ ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේ නමකට විනයෙන් දීලා තියෙන ආරක්ෂාව . හැබැයි සත් දිනය ගත වන විට උන්වහන්සේට භික්ෂුත්වය අහිමි වෙනවා.
ඒ භික්ෂුත්වය අහිමි කරන්න උන්වහන්සේට විනයානුකූල වැරුද්දක් මෙතන සිද්ධ වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලැබී ඇති දඬුවම ක්‍රියාත්මක කරන ආයතනය වන බන්ධනාගාර කොමසාරිස්වරයා, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වහාම මහා නායක හිමියන්ගෙන් විමසිය යුතුයි. මේ කරපු වරද සිවුරු ඇරවිමට තරම් වැරුද්දක්ද කියලා ඔවුන් විමසිය යුතුයි.
අතීතයේ හැටනමක් හිමිවරු කනමැදිරි වලේ දාලා ඝාතනය කරපු සිද්ධියක් තියෙනවා. ඒ හැට නම ඝාතනය කිරිම සදහා එවක රජු විසින් ඒ හිමිවරුන්ගේ සිවුරු ඇරෙව්වේ නැහැ. කළ්යානි මහා ස්ථීරයන් වහන්සේ රජුගේ බිරිඳට හසුන් පතක් දුන්නාය කියන සැකය පිට උන්වහන්සේ තෙල් කටාරමක දාලා උනුකරනවා. හැබැයි ඒක කලේ උන්වහන්සේට ජම්පරය අන්දලා නෙමෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර කියවනවා. ලංකාවේ මහාචාර්යතුමාලාගේ තරම මේකෙන් හිතාගන්න පුළුවන්...
ජම්පරේ තමයි බැරි..., පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වැරදි කළ දුස්සීල චීවරධාරීන් බර වැඩ කරන්න යැව්වා...
හාමුදුරුවෝ බුදුදහමයි, ඉතිහාසයයි, පවතින නීතියයි එකට පටලවාගෙන කතාකරන බවකුයි මට නම් පෙනෙන්නේ...
කිසිම හාමුදුරුකෙනෙකුට මෙහෙම කරන්න ගිහියෙකුට අයිතියක් නැහැ. තවත් ඡායාරූපයක දැක්කා ජෙලරයෙක් ස්වාමීන්වහන්සේගේ පිටට අත්තියාගෙන ඉන්නවා. මේවා හොඳ නැහැ.
මේ නඩු තීන්දුවේ පරමාර්ථය, මේ භික්ෂූන් වහන්සේගේ මහණකම පැහැර ගැනීම යයි කියා මා සිතන්නේ නැහැ.
සල්ලි හොයන්න පිණ්ඩපාතේ යන්න කියලා බුදුදහමේ නැහැ. ධර්මාශොක රජතුමාගේ කාලේ වගේ නම් උන්වහන්සේටයි, මුන්වහන්සේටයි දෙන්නටම වෙන්නේ කුලියක්, මලියක් කරගෙන ජීවත් වෙන්න.
බොහොම පින් නොදැන සිටි දෙයක් පැහැදිලි කළාට...
මහාචාර්ය හාමුදුරුවනේ මීට පෙර වතාවකදී බීමතින් වාහනයක් පදවා අනතුරක් සිදුකිරීම වලංගු බලපත්‍රයක් රහිතව වාහනය පැදවීම ඇතුලු චෝදනා නවයකට වැරදි කරු වුනේත් රණවිරුවන් බේරාගන්ට ගිහින්ද? මීට අදාල හඬපටය හා එම සංවාදය පැවැත්වූ නාලිකාවේ ඇතැයි සිතමි. අපේ බුදු දහම මේ නම් වෙනත් විකල්පයක් ගැන සිතීමට කාලයයි.
ඇතැම් චීවරධාරීන් අපේ ශාසනයට කරන ලොකුම හානිය නම් කසාවත දරාගෙන දේශපාලනය කිරීමට යාම... කෙසේවුවත් කාටවත් නීතියට එරෙහිව සහ ඊට නිග්‍රහවන දේවල් කිරීමට නොහැකිය. නීතිය කාටත් පොදුය. වෛරය, ආවේගය, ද්වේෂය ඇතිව කටයුතු කිරීම බුදුදහමට එකඟ නොවේ.
සියල්ලටම පළමුව හරියට සිවුර දරාගෙන විනය නීති රකින්නේ නැති පූජ්‍ය පක්ෂය ගැන සොයා බැලුවොත් හොඳයි නේද?
14/04/2000 දින බීමතින්, රියක් පදවා පදිකයෙකු අනතුරට ලක් කර 20/10/2000 දින රථවාහන උසාවියේදී ඉදිරිපත් වූ චෝදනා නමයටම වරද පිළිගෙන රුපියල් 12,000 ක දඩ ගැසුම් කෑමට ලක්වූ පුද්ගලයෙකුගේ භික්ෂුභාවය හොයනවාට වඩා වෙන එකක් හොයන එක හොඳයි.
කොටින්ට සහ ජඩ පාලකයින්ට කඩේ යන පින්ගුත්තරයින්ට රට ජාතිය වෙනුවෙන් වැඩක් කරන්න බැහැ උන් ඩොලර් කාක්කන් මිස අන් කවුරුන්ද? මේ ස්වාමින් වහන්සේ කියන දේ නොතේරෙන්නේ ඒ නිසයි.
මේ රටේ නීතිය කාටත් පොදුයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කළ විට උසාවියෙන් වැරදිකරු කළවිට හිරේට දැම්මොත් ඒක වළක්වන්න කාටවත් බැහැ. හිරේට යන්න අකමැති නම් කළ යුතු හොඳම දෙය නීතිගරුක පුරවැසියකු ලෙස ජීවත්වීමයි.
පරංගියොයි, අරාබියොයි, උඩින් අදහස් දාලා තියෙනවා. බුදුදහමට අත තියන්න ආවොත් ඒ අයටත් අබසරණයි.
අද බොහෝ දෙනෙක් ආගමයි නීතියයි පටලවාගෙන... කවුරු වුණත් රටක නීතියට ගරුකළ යුතුයි. ලංකාව තවමත් පුරුෂාධිපත්‍යය රජකරන ගෝත්‍රික රටක්... කවුරු වුණත් කාන්තාවකට අපහාස කිරීම හරීම කනගාටුදායකයි. නියම බුදුදහම ඉගෙන ගත්තා නම් හොඳයි.
දුස්සීල භික්ෂු පිරිසක් ඉන්නවා සිවුරු පොරවගෙන දේශ ප්‍රේමයයි කියල ශාසනේ විනාශ කරන. අවාසනාව කියන්නේ ගොඩක් බෞද්ධයින්ට මෙවැනි අය වීරයන් වීමයි.
අපේ හාමුදුරුවනේ රටක නීති හදන්නේ රටේ ආගම් සංස්කෘතිය ශිෂ්ඨාචාරය පදනම් කරගෙනයි. ඒ නිසයි මුස්ලිම් රටවල ඉස්ලාම් ආගම පදනම්කරගෙන ශරියා නීතිය සකසා තිබෙන්නේ. ක්‍රිස්තියානි රටවල එම සංස්කෘතිය ආගම පදනම් කරගෙන නීතිසම්පාදනය වෙලා තිබෙනවා පමණක් නොව රජතුමාට බලපෑම් කිරීමේ හැකියාවකුත් පූජක පක්ෂයට තිබුණා. සෞදි අරාබියේ සේවය කල අය දන්නවා මුල්ලාවරුන්ට සමාජයේ කටයුතුවලදී පොලිසියට වඩා බලයක් තිබෙන බව... බුර්කාව නොපැළඳි ගැහැණියකට මහපාරේ වේවැල් පහරක් දීමට... මුල්ලාවරුන්ට හැකිය. ඒත් මේ සිංහල බෞද්ධ රටේ අපට ඇත්තේ කොහෙන්දෝ පාත් වූ රෝම, ලන්දේසි කියා ගන්නා නීතියකි. සිංහලයා කොපමණ නිවටද කියනවා නම් නීතිය තම රටේ සංස්කෘතිය සිරිත්විරිත් අනුව වෙනස් කර ගන්නවා වෙනුවට අපේ සිරිත්විරිත් හැදියාව සංස්කෘතිය පරදේශයකින් පැමිණි නීතිඅනුව වෙනස් කරගත්තේය. ඒ කෙසේවෙතත් විනය නීති වලටම සීමාවෙන්න. මෙතන අන්‍ය ආගමිකයින් පලකරන අදහස් සිංහල බෞද්ධයාට සතේක වැඩක් නැත.
ප්රජාතන්ත්රවාදය නිසා තමයි මෙහෙම උඩ පනින්නේ... සිංහල රජ කාලේ වගේ නම් උපැවිදි කරලා උල හිඳුවනවා.
අපේ හාමුදුරුවනේ මේ අය විනය පිටකය පැත්තකින් තියලා බුද්ධපුත්රයින්ට ක්‍රියාත්මක කරන්න හදන්නේ රෝමලන්දේසි නීතියයි. එ්කට අපේ නිවටයොත් හුරේ දමනවා.
ඉතාම ලස්සනයි පැහැදිලි කිරීම... ඔබවහන්සේට පිං... මුස්ලිම් රටවල රටේ නීතිය ආගම මත පදනම් වුනා වගේ අපේ රටේ නීතියත් අපේ ආගම සහ සංස්කෘතිය මත පදනම් විය යුතුයි. අපට වින කැටූ රෝම, ලන්දේසි එංගලන්ත නීති ඉවත් කළ යුතුයි. රට, ජාතිය සංස්කෘතිය ගැන හැඟීමක් නැති, මෙහි ප්‍රතිචාර දාන අයට මෛත්‍රී කරමු.
ගිහි කළ ඥාති කාන්තාවකට කවුරු හෝ පූජ්‍ය පක්ෂයේ කෙනෙකු අපහාස කළොත් එය කුඩා අැවැතක් කියා අමතක කරනවද? අපි තවම සෝවාන් වී නොමැති නිසා අපිට නම් බැහැ. පූජ්‍ය පක්ෂයට තම භූමිකාව අමතක වීම තමයි මේ සමහර පටලිවිලි වල මුල. අන්තිමට සිල්වත් විනයධර පූජ්‍ය පක්ෂයට දානයත් නැති වෙන විදියට තමයි සමහර ඇත්තන් කටයුතු කරන්නේ...
බමුනෙක්ගේ නමකින් පෙනී හිටින ලංකාවේ බහුතර මෝඩ ජනයා නියෝජනය කරන අයට නීතියක් යනු ආගමකින් එන එකක් බවයි තේරුම් අරන් ඉන්නේ , අනික උදාහරණයට ගත් අරාබියේ කොහෙද නීතියක් තියෙන්නේ , එකනේ සල්ලි තිබුනත් ඒවා දියුණු රටවල් ගණයට නොවැටෙන්නේ . ආගම යනු නීතියට යටින් ඇති ලෝකයෙන් අතුගෑවිල යන කරුමයකි. නිතිය යනු ආගම් ජාති අනුව බෙදී යන මිනිසුන් එකම සමාන තලයකට ගෙන ඒමේ මධ්‍යස්ථානයයි..
හාමුදුරුවනේ, බුදුරජාණන් වහන්සේත් නීතියට ගරුකළා. සිව්රක් දැරූ පළියට භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒ කාන්තාව තම ස්වාමියා අතුරුදන්වීම නිසා වූ අසරණ තත්වයට යම් පිළිසරණක් නිසායි මෙහෙම උසාවි පැමිණියේ... ඇගේ සැමියා එක්නැළිගොඩයි. ඒ නිසා ඇයට තර්ජනය කිරීමත් සුදුසු නැහැ. මේ රටේ අපේ උතුම් ආගම විනාශ කරන්නේත් එලෙසයි.
පවතින රෝම, ලන්දේසි නීතියට අකැමැති සියලුදෙනා වෙත ඉපැරණි රජනීතිය බලපවත්වන්නට ලබාදෙන ලෙස ඉල්ලමි.
ඔය මොනවා කිව්වත් බුදුන් වදාල ධර්මයට අනුව ජීවත් වෙන ගිහියන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගරු කළ යුතු භික්ෂූන් කවුද කියන එක හොඳාකාරව දන්නවා.
කවුරු වුණත් රටේ නීතියට යටත්. වරදක් කළොත් දඬුවම් විඳින්න ඕනේ.
කමෙන්ට්ස් කියෙව්වම ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියල තේරෙනවා. එතකොට හාමුදුරු කෙනෙක් වරදක් කලොත් එක වරදක් නෙමෙයිද?
ඥාණසාර හිමි කරන ලද සියලුදේ අප අනුමත නොකරන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පිළිගෙන තිබේ. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කළයුතුව තිබුනේ සහෝදර හාමුදුරුනමක් වරදක් කරනවිට අවවාදදී, වරද අවබොධකර වරදෙන් මුදවා ගැනීමයි. ඥාණසාර හිමියන්, ස්වාමීන් වහන්සේලාට නොගැලපෙන වැරදි ක්‍රියාවන්වල නිරත වනබව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ දැනගත් අවස්ථාවේම විනය පිටකය පිළිබඳව තම සහෝදර හාමුදුරුවන්ට පැහැදිලිකර දුන්නේ නම් ඥාණසාර හිමියන්ට මෙවැනි ඉරණමක් අත්නොවීමට තිබිණි. දවස් 7ක් ජම්පරය ඇඳගෙන සිටිනවිට මහණකම නැතිවීමක් පිළිබඳව දනසිටියා නම්, විනය පිටකයේ තිබුනේ නම් එය ඥාණසාර හිමියන්ට අවබෝධ කරවාදීම කළ යුතුව තිබුණේ මිට බොහෝ කලකට පෙරය. පන්සල් තිබෙන්නේ දේශපාලනය කිරීමට නොව ධර්ම ප්‍රචාරය කිරීමට බව පූජ්‍ය පක්ෂයේ සියලුදෙනාම එය අවබෝධ කරගත යුතුය. ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පැමිණීම නිසා සහ වරප්‍රසාද සොයා දේශපාලකයින් පසුපස යාම නිසා ඔවුන්ට තිබුණු ගරුත්වය ඔවුන් විසින්ම විනාශ කරගෙන තිබේ. ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පැමිණීම සහ පැමිණ කරන ක්‍රියාකාරකම් බෞද්ධයන්ට සහ බෞද්ධ දර්ශනයට කරන මහානිගාවකි. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.
මීට පෙර වැරදිකළ හාමුදුරුවන් ටත් දඩුවම් දුන්නානේ. අනික මීට පෙර සිරගත කළ හාමුදුරුවන් තාම සාසනේද?
ගැහැණුන්ට තර්ජනය කරන්නයි, බීලා රිය පදවන්න කියලයි තියෙන්නේ මොන පිටකයේද?
එක්සත් රාජධානියේ සිරගෙයක දවස ගත කරන සිරකරුවෙක් ඉන්න බව අමතක වෙලා ඇති. ඒ පුද්ගලයා (පැවිදි කෙනෙක්) කළ වැරැද්දක් නිසා සිරගෙයට නියම කිරීමෙන් පසු සිවුර වෙනුවට ජම්පෙරයක් අන්දවා එරට බන්ධනාගාරයට ගෙනගිය වග කවුරුත් දන්නා දෙයක්. එසේනම් නීතියට ගරුනොකර සිවුරු දරණ එකද හරි?
තම තමන්ගේ දැනුම් මට්ටම් මත විවිධ අදහස් පළවෙනවා... නමුත් ඇත්තටම සිදුවන්නේ කර්ම ඵල විපාක දීමකි... එය බුදුරදුන්ටද පොදු විය... නැණසර සමිඳු යළි වඩිනු ඇත... සත්‍ය ජය ගනු ඇත...
රටේ නීතිය වන්නේ විනය පිටකය නොවේ. විනය පිටකය ඇත්තේ භික්ෂූන් පාලනයටය. විනය පිටකය අනුව හැසිරුනා නම් අද සිරබත් කන්න සිදුවන්නේ ද නැත.
මේක සමථ මණ්ඩලයෙන් විසදන්න දාන සුළු චෝදනාවක්. මෙතන තියෙන කුමන්ත්‍රණය වටහා ගන්න ලැබේවා.!
මැදගොඩ හාමුදුරුවෝ පෙන්නන්න උත්සාහ කරනවා මොහු සිරගත වුනේ රට ජාතිය වෙනුවෙන් කතාකරන්න ගොසින් කියා.. එහෙනම් හාමුදුරුවනේ ඊට තුඩුදුන්න නඩු නිමිත්ත නැවතත් හොඳට අහලා තේරුම් ගන්න බලන්න. ඔහු වැරදිකරු වුනේ යුක්තිය පසිඳලන උසාවි සංකීර්ණයකට පිරිසක් සමග කඩාවැදී අගතියට පත් පාර්ශවයට ප්‍රසිද්ධියේ බැණ වැදීම විනිසුරු දෙසට ඇඟිල්ල දිගුකර කළු සුද්දන්ගේ නීතියට අපි භයවෙන්නේ නැහැ කියා තර්ජනය කරමින් විනිසුරුට හා ගරු අධිකරණයට අපහාස වන ලෙස හැසිරීමේ ප්රතිඵලයටයි.. රට, ජාතිය වෙනුවෙන් කතාකරපු පුද්ගලයෙකු හිරේදාලා කියා හිතාමතාම වැරදි ආකල්පයක් සමාජගත කරන්න යෑම භික්ෂුවකට නොගැලපෙන දෙයක්...
පුද්ගලයෙකුට දඬුවම් දීමේදී පෙර වැරදි සොයා බලනවා.. නමුත් මේ හිමියන්ට පෙර තිබූ වැරදි අනුව මෙතරම් අඩු කාලයක දඬුවමක් ලබා දුන් එකට නම් ගරු අධිකරණයට ගරුකළ යුතුයි .
හාමුදුරුවෝ ශාසනය බේරා ගන්න කියලා දේශපාලකයනි, පසුපස යාම නිසයි මේ සේරම. වෙනත් රටවල භික්ෂූන් වහන්සේලා මෙන්ම ලංකාවේ අනෙකුත් පූජ්‍ය පක්ෂවල අය ද තමන්ගේ ආගමානුකූලව විනයක් සහිතව ජීවත්වෙති. අපගේ හාමුදුරුවරුන්ට විතරයි මෙය බැරි. හිරේ ගිය කෙනෙකුට දඩගෙවිමට කියා පිණ්ඩපාතේ ගොස් එකතු කර ගන්නා ලද සල්ලිවලට වුනේ මොකක්ද? භාණ්ඩාගාරයට දුන්නාද? දැන් ඒ සල්ලි කෝ? ඇත්තෙන්ම හාමුදුරුවරු යන්නේ රට හෝ ආගම බේරා ගන්නවට වඩා බලය සහ මුදල් පසුපසයි.
සමහරුන්ට රෝම ලන්දේසි නීතිය හොඳ නැහැලු, සිංහල රාජ නීතිය ඕනෙලු, එහෙම වුනානම් ලැබෙන්නෙ රාජසිංහ කැප්පෙටිපොල පවුලට දුන්න දඬුවමද ? එහෙනම් ජම්පරේ ප්‍රශ්නයත් විසඳෙනවා.
" සිත කය සංවරය නොමැතිව දෙසන බණ " " ශීලය නොමැති දුශ්ශීලය පෙරට ගෙන " " අලුයම කෙල පිඩක් සේ හිමි ඉවත ලන " " දෙස් පාලනය වෙයි හිමිවරු නොමඟ යන "
නීතිය කාටත් එකයි.
ඥානයට ජම්පරයක් එන්දවීමට බන්ධනාගාර නිලධාරීන්ට සම්පුර්ණ අයිතියක් තියනවා. උසාවියෙන් වැරදී කාරයෙක් උනොත් අනිවාර්යන්ම ජම්පරේ අඳින්නම ඕනි මොකද මේ නීතිය නොදැන කතා කරන්නේ.
"ලංකා" ඔබ හරියටම හරි, ස්තුතියි.
බමුණු ආරච්ච් අපි කොපමණ රට ගැන හිතුවත් මේ ප්‍රතිචාර දමන සමහරක් නිවටයින්ම බව පෙනෙන දෙයක්. මේ අය මේ රටේ ආගම දහමත්, සංස්කෘතියත්, රටත් විනාශ කරන බටහිරයන්ගේ රුකඩ බව කිව යුතුමය.
බැලු බැල්මට පෙනෙන දෙය සත්‍යයක් යැයි උපකල්පනය කළහොත් , ස්වකිය ආත්මලාභය වෙනුවෙන් නොව ජාතියේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටීම නිසා ,උපන් කෝපය මුදා හැරීමක් අධිකරණමය දණ්ඩනයකට යටත්වීම දක්වා පුළුල්වීම බෞද්ධ සමාජයේ කම්පනයකට හෙතුවෙන්නට ඇත. මහාචාර්ය හිමියන්ගේ මත දැක්වීම හාස්‍යයට ලක් කිරීම සහ උන්වහන්සේ අවමානයට පත්කිරීම 'පව්කාරයාට ගල් ගැසීම 'සිහිපත් කරයි. රහසින්වත් පව් නොකරන මත දක්වන්නන්ගේ හාස්‍යජනක හිස් ප්‍රලාප නොව මහාචාර්ය හිමියන්ගේ අදහස් ගැන සිතා බලමු. යහපත් මානව ධර්මතා මුල් සිඳගත් දේශයක නිරෝගී ප්රජාතන්ත්ර වාදය වෙනුවට, වෙනම ප්‍රභූ පන්තියක් ලෙස කැපී පෙනෙන්නට දඟලන දේශපාලකයින්ගේ රැවටිලිකාර කියුම් කෙරුම් අදහන ජනතාවක් වූ අපි, කිසිවක් ප්‍රශ්න නොකරමු. නිහඬ අනුකම්පාව ගැබ්වූ සංවේගාත්මක බැල්මකින් සිටින මිනිසුන්ට සිනාසෙමු.