රොමේෂ් මධුෂංඛ
යාපනය මල්ලාකම් මන්සන්ධියේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ගැටුම් ඇති කරගත් දෙපිරිසෙන් පුද්ගලයින් 5 දෙනෙකු අද (18) උදෑසන අත්අඩංගුවට ගත් බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.
මල්ලාකම් කතොලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේදී පහරදීම් සිදු කළ පුදගලයින් සම්බන්ධයෙන් කළ පරික්ෂණ වලදී අදාළ සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගැටුම හේතුවෙන් ගැටුම නිරාකරණය කිරීමට ගිය පොලිස් නිලධාරිවරයකුට එක් පුද්ගලයකු විසින් පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තැබීම නිසා 25 හැවිරිදි සුදර්ශන් කුලමන්කාල් නැමැත්තා මිය ගියේය.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පැවති නොසන්සුන් තත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති අතරම පොලිස් ආරක්ෂාව තරකර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දින මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන් කරලා අවුරුදු දහයක් යන්න කලින් ආයෙමත් මේ මිනිස්සු අනවශ්‍ය ආකාරයෙන් කලබල ඇතිකර ගන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නැති නිසා වෙන්න ඇති සමහරවිට...
මහපාරේ සිදුවුන අභාග්‍ය සම්පන්න කලබලයක් යොදාගෙන " කොටි" නැගිටිනවා කියමින් අමුලික බොරු ප්‍රචාර ගෙනයන දේශපාලඥයින් සහ ඔවුන්ගේ ගෝල බාලයන් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.