(මනෝප‍්‍රිය ගුණසේකර)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.
මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම්ද යොදාගෙන ඇති බව හෙළිකරගෙන ඇති රහස් පොලිස් නිලධාරීන් විවිධාකාර පුද්ගලයින්ට එලෙස මුදල් ලබාදී ඇතැත් එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් බවද හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ ලේඛන වල සටහන් තබා ඇති බවත් එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයින්ගේ නාමයන් ඉංග‍්‍රීසි කෙටි අක්‍ෂරයන් (මුලකුරු) වලින් තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනි දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශවයන් විසින් ලබාදී තිබේද යන්න පිළිබඳව රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයේ දී මෙම තොරතුරු හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළි වු කරුණු මෙන්ම ඉදිරිපත් වු සාක්කි ද සැළකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් බෙදාගෙන කාලා තියෙනවා. ආයේ එකෙකුට කට අරින්නේ නැති වෙන්න. දැන් හොයන්නකෝ 118 වෙනුවට 45000. මේක බලන ඔබත්, මාත් ඇරෙන්න, ටීවි එකෙන්, පත්තරෙන් කෑ ගහන ඇතැම් අය හවුල්...
කෙටි නම් කිව්වේ ෆුට්නෝට්, හීන් බබා සීයා වගේ නම්වලින්ද?
අනිවාර්යයෙන්ම 2015 හංස කණ්ඩායම ඔය ගනුදෙනුවලට ඇති සම්බන්ධය ඔවුන්ගේ හඬවල්වලින්ම පැහැදිලි වන කරුණකි.
2015 බෙදුම් ඉරක් නෙවේ. පෙර සහ පසු හිටපු සහ හිටින හුඟක් අය සම්බන්ද වී ඇත.
කොහොමද යහ..පාලනය ......
කොහොමද යහපාලනය ....?
හතළිස්පන්දාහක් යනු සුළුපටු ගාණක් නෙවෙයි. හැබැයි මෙතන සේවක වැටුප් ගෙවපුවාත් ඇති. බලයට එන්න සහ බලයේ සිටින දේශපාලකයන්ට උදව් කරලා මේ කේස් එක යටයයි කියලා ඇලෝසියස් හිතන්න ඇති. සමහරක් දේශපාලකයෝත් උපරිම උත්සාහයක් ගත්තා මේක යට ගහන්න ජරාව කාලා...
ඔය ගෙවා ඇති මුදල මෙන් 500% ක් එකවර ගෙවන්න, නැතිනම් නම් හෙළිකරන්න කියලා දඬුවමක් දුන්නම අගේට කියයි අලගිය මුලගිය තැන් පිලිබඳ විස්තර. හෙළි කරන්න බැරිනම් 1000% , සියලුම ව්‍යාපාරික හා අධ්‍යක්ෂ මණ්ඩලවල පුද්ගලික චංචල හා නිශ්චල දේපල රජයට පවරගන්නවා කියලා කිව්වම අගේට එළියට එයි. 225ට අමතරව තව තව පුටු රත්වෙයි.
රාජිත කිව්වට මහබැංකුවෙන් මුදල් රඳවාගත්ත නිසා පාඩුවක් නෑ කියලා මේකේනම් පැහැදිලියි. කොච්චර පාඩුවක් වෙලාද කියලා රටට 45000 ට ලක්ෂය ගානේ දුන්නත් එතනම කෝටි 45ක්... හොඳටම විශ්වාසයි දේශපාලකයන් ලක්ෂයෙන් සෑහීමට පත් නොවෙන අය කියලා.
මේ හෙළිදරව්වේ යටි අරමුණ විය හැක්කේ, නම් 45000 හෙළිදරව් කිරීම අපහසු බැවින් සියල්ල යට ගසා මෙය සාමාන්‍ය සිද්ධියක් සේ හුවා දැක්වීමටයි. නම් මෙපමණ ගණනක් තිබේ නම් මේ ගනුදෙනුව අනිවාර්යයෙන්ම රාජපක්ෂ යුගයේ සිට සිදුවුණු දෙයක් වියයුතුයි.
බයේ බැහැ . මගෙ නමත් තියනවද දන්නේ නැහැ . ඔය 45,000 ඇතුලේ.
දැන් ඔය නම් ලිස්ට් එක රටට හෙළිකරන්නේ කව්රුන් විසින්ද කවදාද? ජනතාවට ඒවා දැනගැනීමට තහනම්ද ? නැතිනම් කුමකටද ජනපති කොමිසන් තියන්නේ ?
ලෝකේ ලොකුම සල්ලි බෙදිල්ල කියලා ගිනස් වාර්තා පොතට යනවා. ලෝකේ හොඳම දානපතියෝ ඉන්නේ ලංකාවේ කියා අපිට ලොකු පිළිගැනීමක් ලැබෙනවා. අපේ රටට කොපමණ ආඩම්බරයක්ද ..? මේ සඳහා වෙහෙස මහන්සි වූ දේශපාලකයින්ට අපි ණයගැති වෙන්න ඕනේ.
කෝ අපිටනම් හම්බ උනේ නෑ නේ , අලෝසියස්ව අපේ රටේ මුදල් ඇමති කරමු එතකොට හැමෝටම උතුරන්න සල්ලි හම්බවෙයි
සල්ලි ගත්ත අය කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා. නම එලියට ආපු ගමන් මාද්‍ය සාකච්චාවක් කැඳවලා ගොත ගගහ වතුර ගැලුම් ගණන් බිබී නිර්දෝෂී භාවය පෙන්වන්න හදනවා... අපිට පේන විදියට සල්ලි නොගත් දේශපාලකයෙක් නැති තරම්. නැතිනම් කෙල බින්දුවක් වැටුනාම පාරේ බුදියගෙන උද්ගෝෂණය කරන දේශපලකයෝ මේ වගේ මහා වංචාවකට විරුද්ධව පාරට නොබහින්න විධියක් නැහැ .
ගණන් හිලව් පත්තර වල දැම්මට මහජනතාව දැණුවත් වෙනවා පමණයි වෙන්නේ. රජය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ සදහා නිසි පියවර කඩිනමින් ගතයුතුයි. නැතිනම් මේ ගැන නිතර නිතර කථා කරලා සිද්ධිය සාමාණ්‍ය සිද්ධියක් බවට පත් වෙන්නත් පුලුවන්. කොහොමටත් ශ්‍රී ලාංකිකයා නීතිගරුක වැඩියි. ඒකෙන් මේ කම්බා හොරු ප්‍රයෝජන ගන්නවා. මෙච්චර ලොකු හොරකමක් කරලත් මාධ්‍යට කථා කරන විධිය ඉතාමත් නිර්ලජ්ජිතයි.
මෙතන කියලා තියෙන්නේ පුද්ගලයින් 45000කට දුන්න කියලා නෙවෙයි නෙ. අවස්ථා 45000ක දි විවිධ පුද්ගලියන්ට දුන්න කියලා. එතකොට එකම පුද්ගලයාට බොහෝ වතාවක් මුදල් ලබා දුන්නා වෙන්න පුලුවන්. මේ නිසා නිවැරදි විමර්ෂණයක් කරනවා නම් එය එතරම් අපහසු වෙයි කියා සිතන්නට බැහැ.
දයාසිරි මහතාගේ කතාවෙන් පැහැදිලි වන්නේ ඒ මහතාට ලක්ෂ දහයම එකම චෙක්පතකින් ලැබුණු බවයි. 45000ස් වරක් මුදල් දී තිබෙනවා කියනවා නේද? අපි නිකමට බලමු එක වරකට ලක්ෂ පහ ගණනේ දුන්නා නම් 45000දහස් වතාවකට කොපමණ මුදලක් දී ඇත්ද කියා? 45000 අපි ලක්ෂ පහෙන් වැඩිකර බලමු. බැඳුම්කරයෙන් වූ ලාභයටත් වඩා මුදලක් ගෙවලද කියා...
මේ මහජතාව නොගම යවන්න කියන දෙයක් මිසක නිකමට සිතන්න 45000 වාරයක් මුදල් දෙන්න කී දෙනෙක් මේ සදහා වැඩ කරන්න ඕනෙදේ කියල.. දැන් මොන කමිටුව දැම්මත වැඩක් නැහැ වෙන්න ඕනේ දේවල් සිදුවී අවසන්.මේ යට කිසිස්ම දෙයක් වෙන්නේ නැහැ අවුරුදු ගණනක් මේක අද ගෙන ගිහින් නිකම්ම ලිස්සල යනවා
නිදහස ලැබිල වසර 70ක් යන කොට කොහොමද ලංකාව දූෂණය අතින් දියුණුවෙලා තියෙන හැටි!!!
ඇලෝසියස් මුදලාලිගේ සල්ලි දන්සලේ ඉදිරිපස තොරණ පුරා දැල්වෙන 45000 විදුලි බුබුළු, කොළ පාට විදුලි බුබුළුද, නිල පාට බුබුළුද?