(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් කඩා ඇති බවට එහි ගේට්ටුවේ ආරක්‍ෂාවට සිටින පොලිස් නිලධාරීන් විසින් පැමිණිලි කර ඇති බව රත්නපුර පොලීසිය කියයි.
නඩු බඩු ගබඩාව කඩා ඇත්තේ කවදාද යන්න ගැන නිවැරදි තොරතුරක් මෙතෙක් ලැබී නැති බව පවසන පොලීසිය අද (17) පෙරවරුවේ ගේට්ටුවේ රාජකාරී බාරගත් පොලිස් නිලධාරියා අධිකරණ භූමිය පරීක්‍ෂාවේදී නඩු බඩු ගබඩාව කඩාදමා ඇතිබව දැක ඇතැයි ද පොලීසිය කියයි.
රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අභ්‍යන්තර ගොඩනැගිලි ආරක්‍ෂාවට නොව ආරක්‍ෂක සේවයක් පවතින බව ද පොලීසිය කියයි. පොලීසිය එහි ගේට්ටුවේ රාජකාරී ඇතුලූ භූමිය සම්බන්ධ ආරක්‍ෂක කටයුතු බාරව සිටින බවද පොලීසිය පැවසුවේය.
නඩු බඩු ගබඩාවේ තිබූ භාණ්ඩ අතරින් අතුරුදන්ව ඇත්තේ මොනවාද යන්න තවමත් දැනගන්නට නැති බව ද පොලීසිය කියයි.
පසුගිය බ‍්‍රහස්පතින්දා නඩු බඩු ගබඩාව වසා ගිය පසු සිකුරාදා ද නිවාඩු දිනයක් නිසා එය කඩා ඇති දිනය නිශ්චිතව කිව නොහැකි බව ද පොලීසිය කියයි. නඩු භාණ්ඩ ලෙස නම් කරන, ගංජා ඇතුලූ නඩු භාණ්ඩ මෙම නඩු ගබඩාවේ තැන්පත් කර ඇති බව ද පොලීසිය කියයි.
රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" සවිකොට බලනු මැන නිසි තැන්වල කැමරා " " සේවය කරනු ඇත එහි ඩිජිටල් කුමරා " " පෙන්වා දෙනු ලබයි සේයා කව්ද හොරා " " ඉන්පසු බියයි එන්නට කිසි දිනෙක හොරා "