සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මේ වන විට පාර්ලි්මේන්තුව අවට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින අතර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් මාර්ගයේ ගමන් කළ ජනතාවද දැඩි අපහසුතාවට ලක් විය.
පාර්ලිමේන්තුව අවට මේ වන විට පොලීසිය හා කැරළි මර්දන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර ඇත.
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු වටරවුම සිට රාජගිරිය දෙසට වාහන ගමන් ගන්නා මං තීරු වසා දමමින් මාර්ගයේ වාඩි වී සිටි නිසා ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරය සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු වී තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පාරවල් වහගෙන අපට ගෙවල්වලට යන්න නොදී විරෝධකයෝ කරන්නේ මහජනයාට රිද්දවන කොට මහජනයා අනික් පැත්තට හැරිලා ආණ්ඩුවට බලපෑම් කරයි කියන අදහසින් නේ. හැබැයි, අපි නම් කරන්නේ අනික් පැත්ත හැරිලා නොදකින් මුන් හින්ද කී දවසක් නම් අපට මහා මහා පාරේ රස්තියාදු වෙන්න වුනාද කියලා සාප කරන එකයි.
මේ ගොල්ලෝ නාන්නේ මාසෙකට සැරයයි. හරිම කම්මැලි ජාතියක්. ඉතින් ආණ්ඩුව ගානේ මෙහෙම නා ගන්න හරිම ආසයි. ඒ හින්ද ඒ දිනය එනකොට මාසෙකට සැරයක් වරද්දන්නෙ නැතුවම පාරට එනවා.
වෛද්‍ය සභාව විසින් අනුමත අවම සුදුසුකම සාධාරණ එකකි. කරුණාකර මෙම අවම සුදුසුකම සපුරා නැති සයිටම් සිසුන් සිටීනම් ඉවත්කර ඉතිරිය කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුල් කර ගන්න. මෙම අවම සුදුසුකමවත් සපුරා නැති සය්ටම් සිසුන් සිටීනම් කරුණාකර වෙන කර්මාන්තයක් බලා ගන්න.
අපේ ඉල්ලීම් දිනා ගන්න පොදු මහජනතාවට පීඩා කිරීම වැරදියි. විශ්ව විද්‍යාල සිසුන් පමණක් නොවේ, රටේ කොතැනත් උද්ඝෝෂණ කරන්නෙ පාරෙ යන මිනිස්සුන්ට හිරිහැර වෙන විදියට පාරවල් හරස් කරලා. අපිත් කැම්පස් කාලෙ ඕවා කලා. දැන් කණගාටුයි. හැබැයි තාම සයිටම් විරෝධියි !!!
වෛද්‍ය සභාව විසින් හෝ වෙනයම් සභාවක් විසින් සඳහන් කල අවම සුදුසුකම වලංගු විය යුත්තේ ඒ සඳහන් කල දිනයේ සිට ඉදිරි කාලයටයි. එය අතීතයටත් බලපානවා නම්, එය රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්ටත් එකසේ බලපැවැත්විය යුතුයි. එබැවින් ඔය කියන අවම සුදුසුකම සපුරා නැති සිසුන් රජයේ විශ්ව විද්‍යාලවලත් සිටිනවා නම් ඔවුන්වත් වෙන කර්මාන්තයකට යොමු කල යුතුයි.
මොනව වුනත් මෙයාලා නොහිටින්න ඔය සයිටම් එකෙන් උපාධි අරං වැඩබැරි අය දොස්තරලා වෙලා කීදෙනෙක් වල පල්ලට ගිහින් ඉඳීද දන්නෙ නෑ. තාමත් ලැජ්ජ නැතිව පාලකයො බලන්නෙ තමන්ගෙ අදක්ෂ දරුවෝ සල්ලි බලෙන් දොස්තරලා කරන්න.
රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුල්වීම කණ කැස්බවා විය සිදුරෙන් අහස දකින තරම් දුෂ්කර අභ්‍යාසයකි. ඒ උපරිම සුදුසුකම් ලබාගෙනය. එයට ආසන්න උසස් ලකුණු ලබාගත් දරුවන් දහස් සංඛාවක් බලාපොරොත්තු සුන්ව අතරමග නවතී. බඩ කලගෙඩියක් තරම් පිම්බෙන තුරු වතුරින් පුරවා ගෙන අකුරු කරන දරුවන් ගැන මම අත්දැකීමෙන් දනිමි. ඉහළ සුදුසුකම්ද ලත් දරුවන් හැලී යත්දී මුදල් බලයෙන් අවම සුදුසුකම් හෝ නොලත් අය වෛද්‍ය අධ්‍යාපනයට ඇතුල්වෙති. සයිටම් යනු ඒ අසාධාරණයට යෙදු නමයි. එයට එරෙහි මේ බුද්ධිමත් තරුණ ජනයාට පෙනෙන - දැනෙන - හැඟෙන සත්‍යය පාලකයින්ට නොපෙනෙන්නේ ඇයි. ඒ ඔවුන් පෙනී සිටින්නේ මුදල් වෙනුවෙන් නිසාය. ලෝකය දකින්නට දෑසක් .අහිමි කරන , ජීවිතය අගාධයට තල්ලු කරන මෙම උඩඟු පාලකයින්ට ඇහෙන්න දැනෙන්න කතා කල හැක්කේ උද්ඝෝෂණවලින් පමණි.සුදුසුකම් ලත් අතරමඟ හැලුණු පිරිසක් වෙනුවෙන් වූ සටන මහජන පිඩාවක් සේ ලඝු කිරීම ඇත්තෙන්ම මුග්ධ පාවාදීමකි.