සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
බැඳුම්කර සිද්ධියේ සැකයට භාජනය වී සිටින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
නානායක්කාර මහතා වෙත ඉල්ලීම කළේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ විවාදයේදීය.
එහිදී නානයක්කාර මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
‘‘මහ බැංකු සොරකම දැන් ලෝක ප්‍රසිද්ධයි. මේ සිද්ධියේ සැකයට භාජනය වී ඇති සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් විය යුතුයි. කතානායකතුමා ඒ දැනුම් දීම කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මීට පෙර බැදුම්කර වංචා ගැන සොයා සැක කරන මන්ත්‍රී වරුන් ඉවත් කරන්නේ කවදාද ? ඔබලා බලයට පත්වුවහොත් එහෙම කරනවාද ? ඒ කියන්නේ හොදට වෙලා අරගෙන රෑ බැංකුව කඩපු කට්ටිය දැන් දවල් කඩපු එකටනේ දිගටම කෑගහන්නේ.රෑ කඩපු එක යට ගහන්න.
සල්ලි නොගත් කෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ කියලයි අපිට නම් හිතෙන්නේ ? බලමු .
මෙයාට මගේ පැත්ත ඉන්න හොරුන් ගැන අවබෝධයක් නෑ වගේ.
මහජන සල්ලි හොරකම් කරපු පෙර සහ වර්තමාන රෙජීමවල සාමාජිකයනුත් ඉවත් කරන්න කිව්වොත් නරකද?