අංජුල මහික වීරරත්න
අපරාධ වැඩිවී ඇතැයි රාජපක්ෂ කල්ලිය කෑ ගැසුවද පොලිසියේ දත්ත වාර්තා විශ්ලේෂණය කරන විට අපරාධ අඩුවී ඇති ආකාරය වටහා ගත හැකි බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
රාජපක්ෂ කල්ලිය රට පාලනය කළ 2014 වසරේ මිනීමැරුම් 548 ක් වාර්තා වී ඇති අතර යහපාලනය ස්ථාපිත කළ 2015 වසරේදී මිනීමැරුම් ගණන 476 දක්වා අඩුවී ඇතැයි නලීන් බණ්ඩාර මහතා කීය.
2016 වසරේදී මිනීමැරුම් 502 ක්ද 2017 වසරේ මිනීමැරුම් 452 ක්ද වාර්තා වී ඇති අතර 2018 ජනවාරියේ සිට මැයි 31 දක්වා මිනීමැරුම් 214 ක් වාර්තා වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සංඛ්‍යා ලේඛන නොබලා හිතුමානයේ කටමත දෙඩවීම පරිනත දේශපාලනඥයන්ට ගැලපෙන්නේ නැති බවද නලීන් බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් හරියට නින්දෙන් ඇහැරිලා වගේ....
රාජපක්ෂ කල්ලිය නම් නෙවෙයි කෑ ගැහුවෙ. රටේ ජනාධිපති සිරිසේන මහත්තය කිව්වේ. දැන් එක එක්කෙනාට බෝලෙ පාස් කරන්න යනවා මෙතන...
ලැබුණත් තනතුරක් කියවන්නෙම වැරදිමනේ.. මම හරි සුදනා.. නමුත් අනිකා නම් වැරදිමනේ.. ඇසුවොත් කෙනෙක් මොනවද මං කළේ කියා... උඩ බලනවා හැර නැත කිසිවක් කිමට අනේ...
නලින් බණ්ඩාර මහත්තයෝ, සමස්ථ අපරාධ අඩු වැඩිවීම තීරණය කරන්න මිනීමැරුම් ගණන පමණක් විශ්ලේෂණය කරන්න එපා. මිනීමැරුම් ගණන අඩුවීම ගැන සතුටු වෙන්න පුළුවන්... එ්ත් පොලිසිය වැඩ ගැනනම් සතුටු වෙන්න බැහැ.
අපරාධ අඩුවෙලා කොහෙද දන්නැහැ... මොන මගුලක් කියන්න පටන් ගත්තත් රාඡපක්ෂ කියල තමයි කතාව අවසන් කරන්නේ...
නෑගිටින්න සර්...දවල් වෙලා...
අනේ මන්දා... අමු කැවිලද කොහෙද?
මෙහෙම ප්‍රකාශ කරන්න ලංකාව කියන රටේ විෂය භාර අැමැතිවරු පමණි.
පුංචි මස් කට්ටකට ඔහොම නම් ලොකු මස් කට්ටකට කොහොම කියයිද
රාජපක්ෂලා හොඳනැති නිසා තමයි මේ අයට අපි ඡන්දය දීලා බලයට ගෙනාවේ. දැන් හැම වරදක්ම කරලා ඊට පස්සේ කියනවා රාජපක්ෂලත් මේ වැරදි කලා කියලා.
රාජපක්ෂ ,රාජපක්ෂ ,රාජපක්ෂ මන්තරේ එම පවුලේ අයට සෙත් කවියක් වෙලා වගේ
මේ පොලිස් වාර්තා නිවැරදි නම්, පසුගිය කාලය හා සසදන විට මිනීමැරුම් වල විශාල වෙනසක් සිදුවී නැහැ. සමහර විට වර්තමානයේ අපරාද වැඩි වී ඇතයි හැඟීමට හේතුව විය හැක්කේ, අද රටේ සිදුවන අපරාධ නිදහසේ විද්‍යුත් මාධ්‍ය මගින් එසැනින්ම ප්‍රචාරණය වීම විය හැකියි. එදා රටේ සිදුවෙන පුවත් අද තරම් නිදහසේ පල කිරීමට හැකියාවක් තිබුනේ නැහැ.