ජුඩ් සමන්ත
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් මුන්දලම නගරයට ආසන්නයෙන් ඉදිකිරීමට යෝජිත ටයිල් නිෂ්පාදන ආයතනයකට එරෙහිව අද (20) ප්‍රදේශවාසීහු පවසති.
යෝජිත ටයිල් කර්මාන්ත ශාලාව ඉදිරිපිට එකතුවූ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් එම ස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වු පසු පා ගමනින් මුන්දලම නගරයට පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
මුන්දලම නගරයේ පිහිටි අයියනායක දේවාලය අසලදී පිරිස පොල් ගසා යෝජිත කර්මාන්ත ශාලාවට විරෝධය පළ කළහ.
මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් ප්‍රදේශයේ පරිසර විනාශ වන බවත් ජන ජීවිතයට හානි සිදුවිය හැකි බවත් විරෝධතාවයට එක්ව සිටි පිරිස් පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කර්මාන්තවලින් ගොඩක් විස සහිත දේවල් පරිසරයට මුසුවෙනවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ට ගොඩක් බලපානවා. මේ වගේ දේවල් පටන් ගන්න ඕන මිනිස්සු ජීවත් වෙන තැන්වල නෙවේ කර්මාන්තපුරවල.