(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර ඇත.
නිලධාරියාට චෝදනා එල්ල වී ඇත්තේ ළමා අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් වන අතර නිලධාරිනියගේ පූර්ව වෘත්තීය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මොවුන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයට සම්බන්ධ වීමේදී මෙම කරුණු සැඟවී දැයි මූලිකවම මෙම විමර්ශනයෙන් සොයන්නේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද දෙයක්... මෙතන කරන කියන දේවල් ගැන හොදට හොයල බලන්න ඕනේ. වැඩ බැරි කට්ටිය පුරවාගෙන ඉහළ නිලධාරීන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්නට කඩේ යන පිරිසක් මේකේ අරක්ගෙන ඉන්නවා. අවංක අයට මෙතන තැනක් නැහැ