නාලක සංජීව දහනායක
යහපාලන රජයේ විවිධ වංචා හා දුෂණ චෝදනා හෙළි කළ ‘ටොප් ටෙන් ’වැඩසටහන යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ඒකාබද්ධ විපක්‍ෂය යොමු කළ පැමිණි එකොළහක ප‍්‍රගතිය විමසා බැලීම සඳහා තම මන්ත‍්‍රී කණ්ඩායමක් අද (20) එම කොමිසමට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
රජයට රුපියල් කෝටි දහතුන් ලක්‍ෂ එක්දහස් පන්සියයක් පාඩු කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් හත් දෙනෙකුට හා නිළධාරීන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බව ද මන්ත‍්‍රීවරයා කීය.
මෙහි පළමු පැමිණිල්ල 2016 ඔක්තෝම්බර් 26 වැනි දා ඉදිරිපත් කර ඇති අතර පසුගිය වසරේ මාර්තු 16 වැනි දා අවසන් පැමිණිල්ල සිදුකර ඇත. ඒ අනුව පැමිණිලි සිදුකර වසර දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගත් පියවර සම්බන්ධයෙන් කිසිවක් වාර්තාවී නැති බවද මන්ත‍්‍රීවරයා කීය.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක්ද අල්ලස් කෙමිසමට ලබාදෙන බවද මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්නෑවෙයි කීවලු.
එතකොට ඔය හොරකම් කරපුවා විමර්ශනය කරන්නෙත් ඔයාමද? මරු හොරුන්ගෙත් හොරු කම්බ හොරු..
අල්ලස් කොමිසමට ලැබෙන පැමිණිලි සියල්ල තෝරන්නේ නැතුව ලැබෙන පිළිවෙලට පරීක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ ඇති ජනතා විශ්වාසය පලුදු නොවනු ඇත.
විමර්ශන කියල කරන්න ගොඩක් නැති වෙයි. දික්කසාද නඩුවේදී එලි කරපු දේපල ටික දැක්කනේ.
සත පහක දෙයක් හොරකම් කරලා නැති මනුස්සයෙක්නේ අප්පා අල්ලස් හෝ දූෂණ කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙන්නේ...