තරිඳු ජයවර්ධන
සිංහරාජයේ මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් අලි දෙදෙනාගේ ගැටලුවට ස්ථිර විසඳම් ලෙස සිංහරාජයේ සීමා මායිම් ලකුණු කිරීම සහ සිංහරාජය අවට ජීව අලි වැටක් ඉදි කිරීම ඇතුළු යෝජනාවලික් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන බව පරිසරවේදිනී ශානිකා පතිරණ මෙනවිය පැවසුවාය.
සිංහරාජයේ අලි දෙදෙනාගේ ගැටලුව සම්බ්න්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පරිසරවේදීන්ගේ සහභාගීත්වයෙන් මරදාන සී එස් ආර් හිදී පැවැති මාධ්‍ය හමුව අමතමින් පරිසරහා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදිනිය එලෙස ප්‍රකාශ කළාය.
සිංහරාජය අවට ඉඩම් පවරා ගැනීම සඳහා 2004 වසරේදී හිටපු ජනාධිපතිනිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම පත්‍රිකාව අනුව ඉඩම් පවරා ගැනීම සිදු නොවූ බවත්, කැබිනට් පත්‍රිකාවේ සඳහන් දෑ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් ශානිකා පතිරණ මෙනවිය ප්‍රකාශ කළාය.
පරිසරවේදීන් ජනාධිපතිවරයා වෙත භාර දෙන සංදේශයේ සඳහන් යෝජනා කිහිපයක් මෙසේය.
සිංහරාජයේ සීමා මායිම් ලකුණු කිරීම, සිංහරාජය තුල සිදුවන මැණික් ගැරීම, ජාන මංකොල්ලය, ගස් කැපීම් හා අනෙක් නීති විරෝධී ක්‍රියා නතර කිරීමට ජනතාව දැනුම්වත් කිරීම හා රජයේ මැදිහත්වීම ශක්තිමත් කිරීම, අලි දෙදෙනාට විද්‍යුත් කරපටි පැළඳවීම මගින් ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම හා ගමට ඇතුළුවන වේලාවන්වලදී යළි කැළයට පන්නා දැමීම, ඒ සඳහා වනජීවී කාර්යාලයක් එම ගම්මාන ආශ්‍රිතව පිහිටුවා අවශ්‍ය පහසුකම් සැපයීම, ජීව අලි වැටක් නිර්මාණය කිරීම හා අලි තර්ජන ඇති ගම් වටකර අලි වැටක් නිර්මාණය කිරීම, කෙන්යාව වැනි රටවල භාවිතා වන අලි වදින ගම්මාන ආශ්‍රිත මී මැසි ජනපද ස්ථානගත කිරීම (මෙය ගැමියන්ට ආදායම් ක්‍රමයකි), මයික්‍රෝ තරංග නිකුත් කරන උපකරන මගින් තරංග නිකුත් කර අලි එම තරංග මැදින් යන විට ශබ්දය නිකුත් කරන උපකරණ කැලය හා ගම්මාන අතර සවි කිරීම, අලින්ගේ ආරක්ෂාවට හා සිංහරාජ කෝල උරුමයේ හා අවට පරිසර පද්ධතිවල ආරක්ෂාවට අවශ්‍ය දැනුම ජනතාවට ලබා දීම, ඉහත සියල්ල සිදු කිරීමට තාක්ෂණික කමිටුවක් පත් කිරීම
අද පැවැති මාධ්‍ය හමුවේදී නීතීඥ නුවන් බෝපගේ සහ පරිසරවේදී කීර්ති හේවාගොඩ මහත්වරු ද අදහස් දැක්වූහ. පරිසරවේදී කීර්ති හේවාගොඩ මහතා සිංහරාජයේ ඉතිහාසය හා අලි ප්‍රශ්නයේ ඉතිහාසය ගැන දීර්ඝ ලෙස කරුණු ගෙනහැර දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකිවිය යුතුයි. තව ටික කාලයකින් අලි දෙන්න කාලෙට යනවා.. ඊටපස්සේ කවුරුත් මේ ගැන හොයන්නේ නැහැ. ඊළඟ පාර ගොයම් පැහෙන කාලෙට අලියා ඇවිත් තව කට්ටිය මරලා ගියාට පස්සේ හැමදාම ඔය බයිලා කියයි. ඔය පරිසර සංවිධාන වලට වැඩිය ගමේ මිනිස්සු අලිදෙන්නට ආදරෙයි. සියලුදෙනා ප්‍රායෝගික විසඳුමකට එන්න නැත්නම්... තවකීදෙනෙක් මේක නිසා ජීවිත නැතිකරගනීද දන්නේ නැහැ.
රටේ දැන් තියෙන එකම ප්රශ්නය මේකද? කැලෑ කපන අය අල්ලලා නඩු දාලා හිරේ යවන වැඩේ ඇමැතිලා නියමෙට කරාවි. රට වටකර වැටවල් ගහනවද නැතිනම්, අලි වටකර වැට ගහනවද? පරිසරවේදීන්ගේ මොලේ තමයි මොලේ... අපිට වටින්නේ අපේ උරුමයන් මිස කෙහෙල්මල් ලෝක උරුමයක් නොවේ.
ඕක නිකම්ම නිකම් සාකච්චාවක් විතක් වේවි, ඊට පස්සේ ජනාධිපති තුමා කියය අහවලා නිසා ඔය වැඩේ කරන්න බැරි උනා කියලා
පරිසරවේදියෝ ඇවිත් සත්තු ටික මුර කරලා මිනිස් ජීවිත බේරා ගන්නවා නම් වැඩේ ගොඩනේ .