නාලක සංජීව දහනායක
එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නේ නම් ආණ්ඩුවට බදු නොගෙවා සීටීමට ජනතාව සාමූහිකව තීරණය කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (20) පැවසීය.
දෙමළ ඊළම වෙනුවෙන් රටම ලේ විළක් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමෙන් රට තුළ සහජීවනය ඇති නොවන බවද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
විකාර කතා කියන, විකාර වැඩ කරන ඇමැතිවරු දැන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අහිංසක ජනතාවගේ බදු මුදල් ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් වෙනුවෙන් වන්දි වශයෙන් ගෙවන්න හදනවා. මේ වගේ වැඩක් වෙන්නේ ලෝකයේ පළමු වතාවටයි. සාමාන්‍යයෙන් මෙහෙම තීන්දුවක් ගන්න පුළුවන් මොලේ අමාරුවක් තියෙන ආණ්ඩුවකට විතරයි. තමන්ගේ රාජ්‍ය බෙදා වෙන්කිරීමට හෝ වෙනත් කරුණක් වෙනුවෙන් සටන කර මරණයටපත් වූ ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවන්න ලෝකයේ කිසිම රටක් තීරණය කරන්නේ නැහැ.
එවැනි ක‍්‍රියා මඟින් සහජීවනය ඇතිවෙන්නේ නැහැ. නැවතත් අවි ආයුධ අතට ගන්න දෙමළ දරුවන් පෙළඹවීමක් මෙම වන්දි දීමේ ක‍්‍රියාවෙන් සිදුවෙනවා. ත‍්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ පෞද්ගලික බූදලයෙන් නෙවෙයි. මේ වන්දි දෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදලින්. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන්, සාලාව අවි ගබඩාව පුපුරා යෑමෙන් අවතැන් වූ මිනිසුන්ට තවමත් නියම වන්දි ලැබිලා නැහැ. ඒත් දළදා මාළිගාවට බෝම්බ ගහපු, දේශපාලන නායකයන් ඝාතනය කළ, රට ලේ විළක් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන්නේ මොකටද?
දෙමළ ඊළම වෙනුවෙන් සටන් කළ ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවානම් ජනාධිපති හා අගමැතිවරයාත් ඒ බෙඳුම්වාදී ව්‍යාපාරයටම අයිති චරිත දෙකක් බව අපිට හිතන්න වෙනවා. ගොවි ජනතාව හූල්ලනවා, ආර්ථිකය කඩා වැටිලා, තමන්ගේ ව්‍යාපාර වැහෙන්න නොදී පවත්වාගෙන යෑමේ අභියෝගයකට අද ව්‍යාපාරිකයන් මුහුණ දීලා.
මේ ආර්ථික ප‍්‍රශ්න වලට පිළිතුරු නොදෙන ආණ්ඩුව තමන් බලයට ගේන්න උදව් කළ දෙමළ ඩයස් පොරාව සතුටු කරන්න එල්.ටී.ටී.ඊ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවන්න හදනවා. එක්කේ මේ ආණ්ඩුවට මොළේ අමාරුවක් හැදිලා නැත්නම් කොටි ආවේස වෙලා.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලාටත් ගෙව්වේ මේ රට 88/90 ලේ විලක් කරලා. ඔබලා අද රජ සැප විඳින්නෙ මේ රටම නැති කරලා. අතීතෙ අමතකද? කොටින්ගේ පවුලේ අයට ගෙවන එක ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ.. ඔයාගේ ලෝගුවේ කේස් ගොඩයි.. බයිසිකලේ ගිය කෙනා මෙචට හම්බකරේ කොහොමද?
ඒ යෝජනාව ඇමති මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කල බවක් පලවී තිබුණා දකින්න නැතුව ඇති නේද? අලුතෙන් තවත් නැති බිල්ලෙක් මවල රට ගිණිතියන්න හදනවා.
කොටි ගැන කතා කරන අයවත් එල්ලන්න ඕනේ.. ලයිට් කණුවක් ගානේ.. මෙච්චර නස්පැත්තියක් කරලා තව වන්දිත් ගෙවපල්ලකෝ... හිට්ලර් වගේ යකෙක්ම තමයි අපේ රටෙත් මතුවට බිහිවිය යුත්තේ.
මේ අය පාඩුවේ හොදටම සැප විදිනවා, සල්ලි කෝටි ගනම් තියෙන්නේ. අනේ පව් දුක් විදින වැඩ කරන ජනතාව.
අනිවාර්යෙන්ම..!! ත‍්‍රස්තවාදී මෙහෙයුම් හෝ එම කටයුතුවලට සම්බන්ධවෙලා මියගිය ත‍්‍රස්තවාදීන්ට අපේ බදු මුදලින් කිසිසේත්ම මුදල් නොගෙවිය යුතු අතර, ඒ ආකාරයටම දැනට පාර්ලිමේන්තුවේ සිටිනා බැඳුම්කර හොරුන්, කැළෑ පාලුවන් සහ ත‍්‍රස්තවාදීන්ට මුදල් දිය යුතුයයි කියා ගන්නා ත්රස්තවාදීන්ටද අපේ බදුවලින් එක සතයක්වත් නොදිය යුතුයි. මොවුන් සියලුමදෙනා බරපතල වැඩ ඇතිව අවමය වසර25ක්වත් සිරදඬුවම් ලබා දිය යුතු අතර ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කළ යුතුයි.
අපේ බදු සල්ලි හොරකම් කරලා මාලිගා හදා ගත්ත අයමයි කයිවාරු ගහන්නේ.
මොහු කියන ආකාරයටම කඳුරට ජල විදුලිය යාපනයට දෙන බැවින් විදුලි බිල ද නොගෙවිය යුතුයි. පරණ කොටි ලයිට් දාගන ඉන්නවනේ.
අයියලාට, අක්කලාට, නංගිලාට, මල්ලිලාට, මේ අයගේ දරු මුණුපුරන්ට රජයේ වියදමින් ගෙවල් දොරවල් යාන වාහන අරන්දීපු අය රට පාලනය කරනකොට මහජනතාව බදු ගෙව්වට කමක් නැද්ද ආයුබෝවං !
නෑදෑයින්ට ගෙවල් දෙන්න බදු ගෙව්වට කමක් නැද්ද?
හරියට හරි වැඩිහිටි අපේ තැන්පතුවට බදුගහලා මේ අය ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා.
අලි - කොටි ගිවිසුමක් ගැහැව්වනම් හරිනේ, ආ ඒ දවස්වල ගෙව්ව මුදල් වලට හිලව් කරන්න පුළුවන් නේ. එතකොට බදු ගෙවන්න අවශ්‍ය නැහැනේ........... දැන් කිසිම මුදලක් ගෙවන්නත් අවශ්‍ය නැහැ.............
විමල් මහතා ඔබේ කතාව සහතික ඇත්ත. අපිට වැදගත් වන්නේ කතාකොරන පුද්ගලයාගේ පැටිගිරිය නොවෙයි පලවූ අදහස හෝ හෙලිකල කරුණුයි. රටේ මිනිසුන් තැන්පත් කල අර්ථසාධක මුදලේ පොලියට බදුගසා ඒ මුදලින් ත්‍රස්තයින් ගෙන් යැපුනවුන්ට වන්දිගේවන්නේ මොන රටේද? ජනතාව වෙනුවෙන් හඬනගන්න. JVP ඔවුන්ගේ මතය පළකරනවා නම් හොඳයි.