අනීෂා මානගේ
නිල්වැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්වූ බහුදින ධීවර යාත්‍රාවක නැවක් ගැටීම නිසා අනතුරට ලක් කළ බව එම යාත්‍රාවේ සිටි ධීවරයෝ පවසති.
අනතුරට ලක්ව ඇත්තේ නිල්වැල්ල ධීවර වරායෙන් පසුගිය 15 වැනි දා ධීවරයින් පස්දෙනෙකු සමඟ පිටත්ව ගිය නදුන් පුතා බහුදින ධීවර යාත්‍රාවයි. නිල්වැල්ල ධීවර යාත්‍රාවේ සිට නාවික සැතපුම් සීයක් පමණ දුරින් බහුදින ධීවර යාත්‍රාව නැංගුරම්ලා තිබියදී ඉකුත් 18 වැනි දා රාත්‍රී 12.55ට පමණ නැවක ගැටීම නිසා ධීවර යාත්‍රාව අනතුරට ලක්වී තිබේ.
අනතුරින් යාත්‍රාවේ සිටි ධීවරයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ධීවර යාත්‍රාවට අලාභ සිදුව තිබේ. අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව අද (20) 9.30ට පමණ නිල්වැල්ල ධීවර වරාය වෙත පැමිණියහ.
ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට යාත්‍රාවේ ගමන් කර ඇත්තේ කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන උපුල් ප්‍රසන්න(37), ලුණුකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මංජුල ප්‍රසාද්(38), තිළිණ මධුශංක(24), දික්වැල්ල මාලියද්ද ප්‍රදේශයේ පදිංචි තිලංග උදසික(350) දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි අරූෂ අසංග(43) නම් ධීවරයින් පස්දෙනෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd