බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික මව හා දියණිය මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික කොලීන් ලුවිස් මොනිකා (37) හා ඇයගේ දියණිය වන කොලීන් පොපි ග්රේබ්බියල් (7) දැරියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණයෝ
සුපිරි මගේ ධාවනය වන බොහෝ බර වාහන වල පසු පස ලාම්පු දක්නට නොමැත, එසේම එම රථ මෙලෙස පාරේ අනවසර ස්ථාන වල නවතා ඇති සැටි දක්නට ඇත. රියදුරුට හෝ එහි ගමන් කරන්නෙකුට හදිසි මුත්‍රා පිට කිරීමේ සිට ආපදාවන් දක්වා නිසි ක්‍රමයක් නොමැතිව නවතී.
අධිවේගී මාර්ගයක කන්ටේනර් තියා වෙන වාහනයක්වත් නවත්තන්න දෙන්නෙ මොන රටේද? ඕවා මාරක.
අධිවේගී මාර්ගයේ යද්දි නිදිමතක් ආවොත් පසෙකට කර ආරක්ෂිත විදුලි පහන් දල්වා පොඩි නින්දක් ගහන එක නිදිමතේ ධාවනය කරනවාට වඩා හොඳ නැද්ද..? කොට්ටාවෙ ඉදල ගාල්ලට "උපරිම" පැය එක හමාරක් යයි. ඒ ඇරත් වැලිපැන්නෙ සේවා ස්ථානයක් තියෙනව. ඒකෙ නවත්වනකන් ඉවසන්න බැරි නෑ. ඔය අතරෙ වාහනේ නවත්තල අවට සිරි නරඹන අයත් ඉන්නව.
වාහනයක් සුපිරි මගේ කෑඩුණම, ඒකට මීටර් 100-50 අතර දුරකින් අනතුරු වලක්වන රිෆ්ලෙක්ටර් එකක් තියන්න ඕනෙ. අනික් රියදුරන් ඒක දැකල වාහනේ වේගය අඩු කරගෙන අනතුරු වලක්වාගන්නවා. ඒවා දියුණු රටවල්වල අනිවාර්ය දේවල්.
වාහනය, රියදුරු මොන රටේද ?
Hard Shoulder කියල හදිසි වාහන නැවතුම් සඳහා වෙනම කොටසක් තියනවා ඒ හැර කිසිම තැනක වාහන නවතන්න බැහැ. එය මිනී මැරීමක් හා සමානයි. මිනිස්සු අධිවේගේ යන්නේ ගමන ඉක්මනට යන්න.
අනතුරක් අඟවන (හැසාර්ඩ්) පහන් තියෙන්නෙ ඕකට තමයි. අපේ අය එය දල්වන්නේ හතරමං හංදියක කෙලින් යනවා කියන්න. කොහෙන් ආපු මාර්ග නීතිද මන්දා. අවශ්‍ය වෙලාවට නැහැ. කිසිම වැඩකට නැතිව නම් භාවිතා කරන්න දක්ෂයි.
හයිවේ එකේ වේගෙන් යන වාහන එලෝල අල්ලන පොලිස් කාර්, බයිසිකල් , සීසීටීවී අය කොහෙද හිටියේ? මේ කන්ටේනර් ලොරිය කැඩිලා තියෙනකොට.... මේ අය පාන්දර බුදියගෙන ඉන්න ඇති...
ඔය කන්ටේනර් කාරයෝ සහ ටිපර් කාරයෝ කියන්නේ කාලකන්නි මිනි මරුවෝ.
"අනතුරක් අඟවන (හැසාර්ඩ්) පහන් තියෙන්නෙ ඕකට තමයි. අපේ අය එය දල්වන්නේ හතරමං හංදියක කෙලින් යනවා කියන්න." මෙම පුරුද්ද මාත් දැක තිබේ. අපට උගන්වා ඇත්තේ දෙපසම ලාම්පු දැල්වීම අනතුරක් හෝ අබලන්වීමක් නිසා ඇතිවන තත්වයක් දැනුම්දීම බවයි. නව රියදුරන් මෙම සංඥාව මෝඩ ලෙස යොදවාගනී