(විනීතා එම් ගමගේ)
බැඳුම්කර වංචාවට විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 700 කට ආසන්න මුදලක් බිලි වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාවේදී පර්පචුවෙල් සමාගම රුපියල් 112 ක් බැගින් මිල දී ගෙන ඇති බැඳුම්කර එම මිලදී ගැනීමෙන් විනාඩි කිහිපයක් තුළ රුපියල් 121 බැගින් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලට අලෙවි කර ඇතැයි මේ වනවිට හෙළිවී ඇතැයි ද තෙන්නකෝන් මහතා කීය.
ඒ අනුව පර්පචුවෙල් සමාගම විනාඩි 12 වැනි සුළු කාලයක් තුළ එක් බැඳුම්කරයකින් රුපියල් 9 බැගින් ලාභ ලබා ඇති බවත් එම මොහොතේම පුද්ගලික බැංකුවක් වන ඩොයිෂ් බැංකුව පර්පචුවෙල් සමාගම විසින් එම බැඳුම්කරම මිලදී ගෙන ඇත්තේ රුපියල් 113 බැගින් බව ද හෙළි වී ඇතැයි හෙතෙම කියා සිටියේය.
මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට එහි ප‍්‍රතිලාභීන් වෙත ගෙවන පොලි අනුපාතය කපා හැරීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි ද තෙන්නකෝන් මහතා කීය.
කීර්ති තෙන්නකෝන් මහතා මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේ ද කියා සිටියේය.
‘‘ විශ්ව විද්‍යාල මහාචාර්යවරුවන් ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ විශ‍්‍රාම දිවිය සරු කිරීම සඳහා ස්ථාපනය කර ඇති විශ්ව විද්‍යාල අර්ථ සාධක අරමුදල බැඳුම්කර වංචාවට හසුවී ඇති බව හෙළි වන්නේ පළමු වතාවටයි.
විශ්ව විද්‍යාල පද්ධතියේ සේවය කරන 15,000 කට අධික පිරිසකගේ විශ‍්‍රාම අරමුදලට මෙයින් හානි සිදුවී තිබෙනවා. 2014 දී සිය සාමාජිකයින්ට සියයට 15 ක් පොලි ගෙවු එම අරමුදල 2015 දි සියයට 11 ක්, 2016 දි සියයට 11.3 ක් මෙන්ම 2017 දි ගෙවා ඇත්තේ සියයට 10 ක් පමණයි.
අදාළ ගනුදෙනුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙනුවෙන් සිදුකර ඇත්තේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසිනුයි. නියමිත කාර්ය පරිපාටියෙන් බැහැරව එම ගනුදෙනුව සිදුව තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල සේවක බාරකාර අරමුදල ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙන්ම රක්ෂණ බාරය හරහා වංචා කර ඇති මුදල අයකර ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇතත් විශ්ව විද්‍යාල අරමුදලට සිදුවූ අලාභය අයකර ගැනීමට කටයුතු කර නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කරුණු ප්‍රමාණවත් නෑ... එහෙම වුණාද කියන්න. අදාළ අරමුදලට සෘජුව බැඳුම්කර මිලදී ගන්න නම් ප්‍රාථමික අලෙවිකරුවකු විය යුතුයි. ඒත් එහෙම නෑ. ඒ වගේම කොටස් නිකුත් කරද්දීත් ඔය වගේ විනාඩි ගාණකදී මිල වෙනස්වන වෙලාවල් තියෙනවා. ද්විතීක වෙළෙඳපළේ මිල අනුපාතය හෙළි කළා නම් පැහැදිලි කරගන්න තිබ්බා...
"බැඳුම්කර වංචාවේදී පර්පචුවෙල් සමාගම රුපියල් 112 ක් බැගින් මිලදී ගෙන ඇති බැඳුම්කර එම මිලදී ගැනීමෙන් විනාඩි කිහිපයක් තුළ රුපියල් 121 බැගින් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලට අලෙවිකර ඇතැයි මේ වනවිට හෙළිවී ඇතැයි ද පැවැසීය." මෙන්න නියම කෝට් එකක්... මෙච්චර හොරකමක් කරලා තියෙද්දී අැයි මේවට අනුබල දීපු අය තවම නිදැල්ලේ...?
ලාබය බෙදුණා. මේකනේ සමුපකාර ක්‍රමය