(අංජුල මහික වීරරත්න)
අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත.
ස්වාමින් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පුර්ණ අයිතිය එම හිමිකම අයත් නිකායට හෝ අදාල ස්වාමීන්වහන්සේට තිබෙන බවත් ඒ පිළිබඳව කිසිම රජයකට හෝ රටේ පාලකයකුට හෝ රජය නියෝජනය කරන පාර්ශවයකට අයිතියක් නැති නමුත් ස්වාධීන අධිකරණයක් තුල රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට ගරු කිරීමට බැඳි සිටින බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය යැවු ලිපියේ සඳහන්ය.
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය කෝට්ටපිටියේ රාහුල අනු නාහිමියන්ට අධිකරණය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට යැවු ලිපියකට පිළිතුරු ලෙස අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම ලිපිය යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තෝරාගත් පිරිසකට විරුද්ධව පමණක් ඇති චෝදනා විභාග වන්නේ මොන නීතියකට යටත්වද ?
අධිකරණ ඇමති තුමියගේ පැහැදිලි කිරීම සාධාරණය , එහෙම නැතුව ෆොන්සේකා හිරේ ගියහම හමුදා නිල ඇඳුමත්, රන්ගජිව පොලිස්පරික්ෂක තුමා පොලිස් නිල ඇදුමත්, දැනට බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර අධිකාරී එමිල් බන්ධනගාර නිල ඇදුමත්, මන්ත්‍රීලා මන්ත්‍රී ඇදුමත් , පෙරකදෝරුවෝ කළු කබාත් දොස්තරලා දොස්තර කබාත් හාමුදුරුවෝ සිවුරත් හිරේදී ඇන්දොත් හිර කාරය කවුද ? නිලධාරියා කවුද ? ඔවුන් බලන්න එන අමුත්තා කවුද යන්න , හිර ගෙදර ආරක්ෂක නිලධාරීන්ට තොරා බේරගන්න බැරිවේ. එහෙම වුනොත් හිරකාරයන්ට කිසිම කරදරයකින් තොරව හිරෙන් පැන යන්න පුළුවන් වේවි.
මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව ඇඳගෙන උසාවියේ පෙනී සිටින්න පුලුවන්නම්. මුසේල්මානුවන්ට හිස්වැස්ම දාගෙන උසාවියේ පෙනී සිටින්න පුලුවන්නම් කාටත් පොදු කියන නීතිය මුස්ලිම්වරුන්ට වලංගු නැද්ද ? බන්දනාගාර නීතිය බන්දනාගාරයට පොදුයි භික්ෂු විනය භික්ෂූන් දැන් තමයි ගැටුම පැන නැගුනේ දැන් බලමු විසඳෙන්නේ කොහොමද කියලා. මෙරටේ සස්කෘතියට හරියන විදිහට නීති සැදී තිබුනානම් ඔය ප්‍රශ්න එන්නේ නැත. කොහෙන්වත් ආපු රෝමලන්දේසි නීතිය තමයි අපිට තිබෙන්නේ. උඩරට විවාහ නීති මුස්ලිම් විවාහ නීති වෙනස්. එහෙනම් ඇයි මේ නීති වෙනස් කොරන්න බැරි.
භික්ෂු දේශපාලනය නිසා පිරිහෙන්නේ බුදුසසුන.......
මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව මහා නා හිමි වරුන් හා අධිකරණ සංඝනායක හිමිවරුන් ශාසන ලැදිව තමන්ට අයිති කාර්යය නොපැකිලව ඉටු නොකිරීමයි .
කිසි කෙනෙක් නීතියට ඉහලින් නොසිටි. බුදුහාමුදුරුවෝ මේ බව කියා ඇත. චීවරයට ප්‍රථමයෙන් ගරු කල යුත්තේ එය අඳින හාමුදුරුවෝ චීවරයට නිගරු කරමින් නීතිය අතට ගැනීම පහත ක්‍රියාවකි. චීවරය ජාතිවාදය අවුස්සමින් ජනතාව නොමග යෙවීමට පාවිච්චි කරන්නන්න්ට දඬුවම් කල යුතුය.
ස්වාධීන අධිකරණයක් මෙතුමිය මේ රටට ලබා දීලා.
මමත් කොහෙත්ම කැමති නෑ හාමුදුරුවරු දේශපාලනය කරනවට.
රට හදන පළමු පියවර , ආගමික නායකයින් විනයේ පිහිටුවීම. විනය ට මුල් තැන
බන්ධනාගාර නීතියද එහෙම නැතිනම් බන්ධනාගාර සැප හෝටලේ නීතියද?
" නීති ගරුක සැම නීතිය රකීවී " " නීතිය විසින් ඒ අයවද රකීවී " " නීති කඩන අය ඒ ලෙස නොවේවී " " එවන් අයට ජම්පරයම ලැබේවී "
බන්දනාගාර නිතිය කාටත් එකනම් දේශපාලුවෝ විතරක් බන්ධනාගාර ගතවුණු ගමන් කොහොමද රෝහල් ගතවෙන්නේ.?
භික්ෂුත්වයට නිඟා සිවුර ගලවා වෙනත් ඇඳුමක් ඇන්දවීම ගිහියන්ට අයිති කාර්යයක් නොවේ.
මේ නඩුව ඉවරකරන්න මෙයාලට පුදුම හදිසියක් තිබුණේ. දඞුවම ක්‍රියාත්මක කිරිම හරියට කෙස්ගහාට. කමක් නැහැ දැනට මෙයලා මෙහෙම දඟලපුවාවේ.තව අවුරුදු එකහාමාරනේ.
බන්ධනාගාර නීතිය වගේම, රටේ නීතියත් කාටත් පොදු වුනානම් අද මුළු ආසියාවේම අංක 1 රට අපි තමයි.
මෙතන අදහස් දක්වන සමහර අයට චීවරය ඉවත් කිරීම ප්‍රශ්නයක්. නමුත් ඒක අදාළ නොවන අය පොරවගෙන ඉන්න එක ප්‍රශ්නයක් නොවෙයි.
අපි ඡන්දයක් එනකල් ඉන්නවා. ඔයාලට උත්තර දෙන්න ඔහොම යන්කෝ නුසුදුස්සෝ තනතුරුවලට ආපුවාම ජනතාව දුක්විඳිනවා.
රටක නීතිය හැමෝටම පොදුය. හිරේ යන්න සහ ජම්පරය අඳින්න අකමැති නම් නීතිගරුකව ජීවත් වෙන්න.
එහෙමනම් දේශපාලකයාට සුදුසුකම් ගැසට් කරන්න. හාමුදුරුවන්ට හොඳ නැත්නම් වයස් සීමාවක් දාලා සුදුසුකම් දාලා ගැසට් කරන්න දේශපාලනයට අවශ්‍ය දේවල්...
හිරේට නියමවෙන ඕනෑම කෙනකුට අදාල ඇඳුම අඳින්න වෙනවා. මේක ඥානසාර හිමියන්ට විතරක් අදාල නැහැ. දැනටමත් හිරේ ඉන්න 15 දෙනෙක් අදාල ඇඳුම අඳිනවා . මේක දේශපාලන වාසි ගන්න අය බොරුවට අපිව ගොනාට අන්දන්න හදනවා. කැමති කෙනෙක් ඇදගත්තට කමක් නැහැ.
මේ තක්කඩි ජහපාලකයින් බටහිරයින්ට ඕනෑ ලෙස ක්‍රියාකරන පින්ගුත්තරයින් පිරිසකි. මේ අය විකාර දොඩවනවා. මෙරට බුද්ධ ශාසනය විනාශ කරන මේ කේවට්ටයින් නිවටුන් මිස අන් කවුරුද? අතීතයේ සිට මේ රට රැකීමට ස්වාමීන් වහන්සේලා අපරිමිත සේවයක් කර ඇත. පන්සලේ සම්ප්‍රදාය නුඹලාට විනාශ කල නොහැක. නුඹලාට බටහිරයන් සතුටු කරනවා හැර කළ හැකි දෙයක් නැත.
රටේ නීතිය කාටත් පොදු නම් මුස්ලිම්වරුන්ට වෙනම නීතියක් රටේ තියෙන්නේ කොහොමද? හොරකම් කරපු දේශපාලකයන්ටත් වෙනම නීතියක්. දේශපාලකයන්ගේ නඩු බොරුවට කල් දමමින් ඉන්නවා. අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැතුව කතා කරනවනේ.
නීතිය කාටත් පොදු නම් මහා බැංකුව සුද්ද කරපු අය නිතිය ඉදිරියට ගේමුකෝ අපිට බලන්න.
උන් වහන්සේගේ වැරැද්ද අවවාදකොට නිදහස් කළහැකි එකක් ලෙස පෙනේ. නමුත් පෙර වැරදි හේතුවෙන් මෙම දඬුවම ලැබුනා විය හැකිය. ඒ නිසා කලබල විය යුතු නොවේ.
බුද්ධ ශාසන අමාත්‍යතුමා පවසන්නේ ගලබොඩ අත්තේ හාමුදුරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට රාජ්‍ය නොවන සංවිධාන රාශියකින් ලිඛිතව ඉල්ලා තිබූ බවයි. අධිකරණය ස්වාධීන නෑ.
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමය අනිත් 14 දෙනා ගැන කවුරුවත් කතාකරන්නේ නැහැනේ...
මේ වනවිට සිරදඬුවම් විඳින ඉහත කී භික්ෂූන් 15 දෙනාගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූයේ ඇයි ?