(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධාරියෙකු පත් කර තිබේ.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය ඉකුත් සදුදා (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති හෙයින් හා විශ්ව විද්‍යාල බලධාරීන් විසින් ආයතනයේ කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වී ඇති හෙයින් නිසි බලධාරියෙකු පත්කළ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ වෙතත් ශිෂ්‍ය - ශිෂ්‍යා වන්ගෙන් අල්ලස් ගැනීම පෙර නැගෙනහිර යුරෝපිය රටවල පැවැති වැඩවසම් ක්රමයකි. නුතන සමාජයේ ලංකාවේ විශ්ව විද්‍යාලවලත් එම ක්‍රමවේදය පවතීනම් සියලුම කාර්ය මණ්ඩල මානසික වෛද්‍ය කොමිටුවකට ඉදිරිපත් කර නිර්දේශ ලබාගෙන පමණක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගනුදෙනු කිරීමට ඉඩහරින්න. අතලොසක් පිස්සන් පාලනය ලෙහෙසියි. හැබැයි එම පිස්සන් නිසා බොහෝ පිරිස් පිස්සන් කොටුවට යොමු කිරීමට සිදුවේනම් අඩු පිස්සෝ ප්‍රමාණයකින් වැඩේ විසඳගන්න.