බන්දු තඹවිට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පැවසීය.
මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ මාතර දෙසට සහ කොළඹ දෙසට ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉදිකර ඇති අතර එම ඉදිකිරීම් සඳහා සැලසුම් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගත යුතු වුවත් එම සමාගම මතුගම ප්‍රාදේශීය සභාවෙන් සැලසුම අනුමත කර නොගෙන එහි ඉදිකිරීම් සිදුකර ඇත.
එහෙත් ඉන්ධන පිරවුම් හල් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලබා ගැනීමට යාමේදී එහි ඉදිකිරීම් සැලසුම සඳහා පළාත් පාලන ආයතනයක අනුමැතිය ලබා නොගැනීම නිසා තම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.
මේ නිසා ඉන්ධනහල් දෙකේ සැලසුම් මතුගම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීමට අදාළ සමාගමට සිදුවී ඇති අතර ඒ සඳහා නව සැලසුමක් මතුගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී වරයා ඇතුළු කාර්මික නිලධාරීන් විසින් එම සැලසුමේ අඩුපාඩු නිවැරදිකර නව සැලසුම අනුමත කර ඇති අතර අනුමැතියකින් තොරව කරන ලද ඉදිකිරීම සඳහා එක් ඉන්ධන පිරවුම්හළකට රුපියල් නම ලක්ෂ අසු දහසක් බැගින් පිරවුම්හල් දෙක සඳහා රුපියල් දහ නම ලක්ෂ හැට දහසක දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනවශ්‍ය විකාර නැතුව මෙම ඉන්දන පිරවුම්හල් දෙක විවෘත කලානම් අධි වේගේ ගමන් කරන ජනතාවට කොපමණ පහසුවක්ද ? ඉක්මනින් ඕව විවෘත කරන්න ,
කොළඹ සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ප්‍රාදේශීය සභා කීයකට අයිතිවෙනවාද. විකාර නැතිව අධිවේගී මාර්ගය සඳහා අයිති බිම් ප්‍රමාණය අධිවේගී මාර්ගය අයත් දෙපාර්තමේන්තුවට පවර ගන්න එවිට කෙරෙන වැඩකටයුතු පහසුවෙනවා. අධිවේගී මාර්ගය තුළ ඉන්දිකෙරීම් කරන්න හැම ප්‍රාදේශීය කාර්යාලයේම අවසර ගන්නගියොත් වැඩක් කොරන්න කාලයක් නැතිවේවි.
ඉස්සෙල්ල ප්‍රාදේශීය ගොයියාගෙන් වැඩේ ශේප් කොර ගන්න ඇති දෙවෙනියට ආපු හාදය ගාන කඩා ගන්න ගිහිල්ලා වැඩේ ගැස්සෙන්න ඇති. ප්‍රාදේශීයසභා ගැන අපිටද කියන්නේ
එකත් අසුවෙලා තිබෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලබා ගැනීමට යාමේදී. එතකම් ප්‍රාදේශීය සභාවත් සමඟ ශේප් එකේ වැඩේ ගිහිල්ලා. තව මොනවාද කතා.
දැන් ඉතින් ඔය පාඩුව තෙල් ගහන අපෙන් ටික ටික අයකරගනියි
අපරාදේ, ඔයිට බොහොම අඩුවෙන් වැඩේ කරගන්න තිබුණා. මේ ගොල්ලන් දන්නේ නැහැ.
පළාත් සභා, ප්‍රාදේශීය සභා නිකන් බාධක පමණි...