(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ සඳහා වන සංශෝධන පනත සැප්තැම්බරයේදී ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කීවේය.
නව මැතිවරණ ක‍්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක‍්‍රමයට බැවින් මැතිවරණය පැරණි ක‍්‍රමයටම පැවැත්වෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ මලයව දැක්ක කල්... කොහේද වහං වෙලා හිටියේ හැබෑවටම? ගොයං කොළයකටවත් වහං වෙලා හිටියද මලය..?
සත 5 කට විස්වාසකරන්න එපා...
ඒක හොඳ වැඩක්. නැත්නම් පළාත් සභා මන්ත්‍රීලත් 8000ක් නඩත්තු කරන්නත් රටේ සල්ලි වලින් තවත් භාගයක් වෙන්කරන්න වෙයි.