ඩයනා උදයංගනී
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව යුද්ධයෙන් පීඩාවට පත් සෙසු පිරිස් වෙත වන්දි ලබාදීමට රජය කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබාදීමට ස්වාමිනාදන් ඇමතිවරයා තුන්වැනි වරටත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා එසේ කරන්නේ කාගේ උවමනාවටද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීවේය.
‘‘එතුමාට දී තිබෙන්නේ උතුරු පළාත් ගැන කටයුතු කිරීමේ ඇමති ධූරයක්. එතුමා ඉදිරිපත් කළත් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළා. තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයයි. එහි වන්දි ලබාදිය යුතු කොටස් 10ක් පමණ සඳහන් කර තිබෙනවා. එයින් මිය ගිය ත‍්‍රස්තවාදී සාමාජිකයන්ට යන කොටස ඉවත් කර ඉතිරි ඒවා ක‍්‍රියාත්මක කළ හැකියි. සමහරු මේ දේ විකෘති කර වෙබ් අඩවි ආදියේ පළ කර තිබෙනවා. ජාතිවාදය, ආණ්ඩු විරෝධය වැපිරවීම සඳහා යොදවා තිබෙන පිරිස් විසින් මේ දේවල් කරනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල් ටි ටී ඊ කොටස අයින් කලාට වන්දි යන්නේ මියගිය ත්‍රස්වාදීන් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකාවන්ව විරුද්ධ වෙන්න ඕන. ත්‍රස්තවාදීන් අහිංසක ජීවිත අමු අමුවේ ඝාතනය කරද්දී ඒ වෙනුවෙන් වන්දි දෙන්න තියා වචනයක් කතා නොකළ මිනිස්සු අද ත්‍රස්තවාදීන්ට අතින් ඝාතනය වෙච්ච, අපහසුතාවයට පත් වෙච්ච පවුල් වල අයගෙන්ම බදු අය කරලා මිනීමරුවන්ට වන්දි ගෙවන්න ලෑස්ති වෙනවා. එක නිකන් හරියට අපේ අහිංසක මිනිසුන්ව මැරුවට ඔබට ස්තුති කියනවා වගේ වැඩක්.
එල් ටී ටී කොටස ඉවත් කළාට වන්දි යන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් නම් ලංකාවාසි අපි හැමෝම පක්ෂ, පාට, ආගම් භේදයකින් තොරව එක හෙළාම එයට විරුද්ධ වෙන්න ඕනෑ. ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් අමුඅමුවේ ඝාතනය කරද්දී වන්දි තියා වචනයක් කතා නොකරපු අය අද ත්‍රස්තවාදින් අතින් ඝාතනය වෙච්ච, අපහසුතාවයට පත් වෙච්ච මිනිසුන්ගේ පවුල් වලින්ම බදු අයකරලා මිනීමරුවන්ට වන්දි ගෙවනවා. එ්ක නිකන් අපේ මිනිස්සු මැරුවට ඔබට ස්තුතියි කියනවා වගේ වැඩක්. ස්වාමීන් වහන්සේලා සිරගත කරනවා, රණවිරුවන් පෝරකේට යවනවා, අපිට බදු ගහනවා, ඒ සල්ලි ත්‍රස්තවාදීන්ට දෙනවා. මේක නෙමේ අපි ඉල්ලපු යහපාලනේ...
යුද්ධයෙන් පීඩාවටපත් සාමානය ජනතාවට වන්දි ලබාදීම සාධාරණ යෝජනාවක් වන නමුත්... එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා සාමානය දෙමළ ජනතාව වෙන්කර හඳුනා ගැනීමේ නිර්නායක මොනවද කියලා පැනයක් ඇති වෙනවා. ඒ නිසා වන්දි ගෙවනවාට වඩා හොඳයි උතුර හා නැගෙනහිර ජනතාව පුනරුත්ථාපනය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා නම්...
හරියට හරි. මියගිය කොටි සාමාජිකයනුත් අපේම දරුවන්... ඔවුන්ටත් වන්දි දීමට යහපාලන රජය බැඳී පවතිනවා.
මේ රට කන රටේ අවාසනාවට උපන් අය විවිධ අවස්ථාවන්වලදී තම තමන්ගේ පුද්ගලික මත ඉදිරිපත් කරලා මේ රට වනසන්න හදනවා. ඉදිරියේදී මේ රටේ නායකත්වය ගන්න එන ඕනෑම කෙනෙක් මෙවැනි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන පුද්ගලයින්ට, මුල්‍ය වංචා කරන පුද්ගලයින්ට සහ මේ රටේ පරිසරය වනසන අයට අතිශයින්ම දැඩි දඬුවම් දිය යුතුයි. ඔවුන්ගේ දේපල රාජසන්තක කර, අවම වසර 25ක්වත් මොවුන්ට සිර දඬුවම පැනවිය යුතුයි. අපේ රට හරි පාරට දාන්න නම්, ඒ සඳහා දේශපාලනික නිදර්ශක අවශ්‍යයි.
මරු ඇමැතිලා... තමයි. නියම උපදේශයක් තමයි දීලා තියෙන්නේ.. කොක්කෙන් බැරිනම්, කෙක්කෙන් තමයි තමුන්ගේ වැඩේ කරගන්න හදන්නේ
වන්දි ඉල්ලන කෙනාටයි, වන්දි දෙන්න හදන අපේ අැමැතිලාටයි ඔක්කොටම විකාර... රට විනාශ කරපු අයට හා ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්නේ කවුද? ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා නම් මුලින්ම සියලුම හමුදාවේ නිලධාරින්ට වන්දි ගෙවිය යුතුයි.
88-89 රාජ්‍ය භීෂණ යුගයේ 80,000 සිංහල බෞද්ධ තරුණ තරුණියන් හා භික්ෂූන් වහන්සේලා අමුඅමුවේ මරා දැමූ විට මෙරටේ දෙමව්පියන්ට අහිමිවූ දූපුතුන් වෙනුවෙන් වන්දි ගෙවීම කෙසේවෙතත් කඳුලක් හෙලන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. මැතිවරණයේ කතිරයක් වෙනුවෙන් බඩ ගෝස්තර සිංහල දේශපාලකයන් ජාතිය පාවාදෙන හැටි අප පිළිකුලෙන් බලා සිටිනවා.
‘‘එතුමාට දී තිබෙන්නේ උතුරු පළාත් ගැන කටයුතු කිරීමේ ඇමති ධුරයක්".. රාජිත මේ නොකියා කියන්න හදන්නේ ස්වාමිනාදන් ගෙනාව යෝජනාවෙන් ආවරණය වෙන්නේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පමණක් බවද, යුද්ධය නිසා දකුණේ ජනතාවත් පීඩාවට පත්වුණා. මේ යෝජනාව ක්‍රියාත්මක වෙනවා නම් යුද්ධයෙන් පීඩාවට පත්වුණු සියලුම සිවිල් ජනතාවට සාධාරණයක් විය යුතුයි. එය දෙමළ, සිංහල, මුස්ලිම් වශයෙන් අඩු වැඩියක් නොවිය යුතුයි. සිවිල් යුද්ධයක් නිසා පීඩාවට පත්වන් ජනතාවට වන්දි ගෙවීම රජයේ වගකීමක්...
මේ ක්‍රියාකරන්නේ 2020 ඔලුවේ තියාගෙනයි... හොඳටම දන්නවා අනිවාර්යයෙන් පරිදින බව. කොටි පවුල්වලින් හරි කමක් නැහැ බලය බලය බලය.. මේ වගේ අය තවදුරටත් අපට ඕනෑද?
හොරුන්, අපරාධකරුවන්ද බිහිවන්නේ සමාජයේ වරදිනි. ඔවුන් හිරේට ගියවිට අඹුදරුවන්, යැපෙන්නන් බරපතල ගැටළුවලට මුහුණදෙයි. මොවුන්ටද රජය මගින් දීමනාවක් ගෙවිය යුතුයි. මෙයද මේ සමගම ඉදිරිපත් කළයුතුයි.
එතකොට රාජිත ඇමතිතුමනි, මිස්ටර් ප්‍රභාකරන්වයි, ඔබතුමාගේ එල්ටී.ටී.ඊ. ළමයිනුයි ඉවත් කරන්නද හදන්නේ?
රට දෙකඩ කරන්න, වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ක්‍රියාත්මක කළ දැවැන්ත සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැසපට කවන ලෝකයේ එකම රට මෙයයි. එකම කැබිනට්ටුව පිහිටියේද ලංකාවේයි. අහිංසක යැයි කීවට එදත් අදත් උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගෙන් 80% ඊළමට, වෙනම රජයකට උඩින්ම කැමතියි. අදත් ඔවුන්ගේ දෙවිවරු මිනීමරු ප්‍රබා ඇතුළු නඩයයි. පුදුමයක මහත නම් දේශද්‍රෝහීන් තවමත් නිරුපද්‍රිතව පාලන යාන්ත්‍රණයේ කොටස් කරුවන් වීමයි.
උතුරු නැගෙනහිර හිටපු සිංහලයින්ට නැවත පදිංචි වෙන්න නොදෙනකොට, විදුලිය කපනකොට මේ දෙපිට කාට්ටුව කොහෙද හිටියේ දන්නේ නැහැ.
මේ මිලේච්ච කොටින් රටට ජාතියට කල අපරාදවලට ඇදුමක් ඇඳගෙනද වන්දි ගෙවන්න යන්නේ . එ්ත් ජනතාව ගෙවන බදු මුදල් වලින් තමයි ගෙවන්නේ .නැති නම් මොනවයින්ද ගෙවන්නේ . බැංකු මහා දවාලේ සුද්ද කරපු හොර තක්කඩි ඉන්න රටක හැම බරක්ම පටවන්නේ අපේ පිටටයි . එතකොට කොටි නිසා නැති වුන නෑදෑ හිතමිතුරන් ට අපේ දේපල වලට කවුද වන්දි දෙන්නේ . මේ රට පාලනය නිවට දේශ ද්‍රෝහීන් එක එකාට ඕන විදිහට කරන කෙරුවාවල් තමයි මේ . අපේ රට පාලනය කරන්නේ මන්ද මානසික පිස්සෝ රැලක් . මේ පිංගුත්තර දේශපාලුවන්ට රට ජාතිය ආගම රැක ගැනීමට උවමනාවක් කොහෙත්ම නැහැ . මුන්ට උවමනා මොන විදිහකින් හරි උන්ගේ බඩයි සාක්කුවයි රැකගන්න විතරයි . මම නම් බදු මුදල් ගෙවන්නේ නැහැ . හිරේ යනවා ඒක මගේ හිතට සැනසීමක් වේවි
පුදුම රටක් මේක නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනයකළ ලෝකයේ කුරිරුතම ත්‍රස්ත වාදීන් ට වන්දි. මේ සල්ලි අපේ බදු මුදල් නේද බොලව්.
මේ යෝජනාවට වඩා හිතට දුකක් දැනෙන්නේ මේ කාලකණ්ණි පාලකයන් වෙනුවෙන් කඩේ යන සිංහල මිනිස්සු දැක්කම ..ඉස්සරහට මේ ගෙවන මුදල් ආරක්ෂක අංශයේ අයගෙන් පඩියෙන් අය කරගන්න යෝජනාවක් ආවොත් පුදුම වෙන්නනම් එපා
යහපලනෙන් ඕනෑම දෙයක් ලබා ගන්න පුලුහන් බව මහා ජාතිය ඇරෙන්න අනිත් හැම ජාතියක්ම දන්නවා
උනුත් අපේ රටේ මිනිස්සු, පැරදුනු රටක් සතුරු රටක් නොවේ නිකම්ම නොසලකාහරින්න, ඔවුන් යුද්ධ කලේ නිකම් ඉන්න බැරිව අත කස කසා හිටපු නිසාවත් මිනීමරු ගතිය නිසා වත් නොවේ, ඔවුන්ට වෙන කරන්න කිසිම දෙයක් නොතිබුණු නිසයි, දකුණෙන් කිසිම ආකාරයක බුරුලක් නොලැබුණු නිසයි, අපේ රටේ ගෑනියෙක් ට එංගලන්තේ නගරාධිපතිකමක් ලැබුනාම ඒ ගැන අපි සතුටු වෙනවා, එත් ඒ රටේ ඒ තරම් අවස්තාවක්, ඉඩක් තියෙන දියුණු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කටක් හොල්ලන්නෙ නැත්තේ ඇයි? දකුණේ දෙමල මිනිහෙක්ට තැනක් ලැබෙන අවස්තාවක් තියේද? උගත්කම නිසා ලැබුණු අවස්ථාත් නැතිකරලා දැම්මා, ඉතින් එවුන් ත්‍රස්තවාදීන් වෙන ඒක වෙන කෑලි ඉල්ලන ඒක පුදුමයක් නොවේ, අපි කරන්න ඕන එවන් අවස්ථා අහුරන්න, ඒ මිනිස්සුන්ට සිංහලයන් එක්ක තමන්ගේ අනන්‍යතාව ආරක්ෂාකරගෙන සතුටින් ඉන්න පුළුවන් බව පෙන්වන්න, ජාතියක් වශයෙන් තමන්ගේ හොඳහිත පෙන්වන්න අපට ලැබුණු අනර්ඝ අවස්තාවක්, ඉතින් කෝටි 100ක් කියන්නේ ඒ එක්ක සසඳලා බලනකොට ඉතා සුළු මුදලක්, මතකද අර පෙට් ස්කෑනර් එකේ මුදල අපේ මිනිස්සු කෝටි 200ක් මාසයකින් එකතු කරලා දුන්නා, ඒ වගේ කැම්පේන් එකක් කලොත් මේ රටේ ආයේ යුද්ධයක් ඇති වන්නේ නැහැ,
සෝමා ඩුබායි...එතකොට 88 / 89 මැරුණේ අපේ දරුවෝ නෙවෙඉද?...ඒගොල්ලන්ට වන්දි දීල ඉදිමුද ? ඒගොල්ලෝ බඩදරු අම්මල ..කිරි දරුවෝ...මැරුවේ නැහැ...සෝමා ඩුබායි ගේ ගෙවල් කොළඹ 7 වෙන්න ඇති තිබුනේ ඒ දවස්වල..
සිලාවතුර හමුදා කන්ද වුරේ සෙබළුන් ප ගමනින් යද්දී විඩාව සන්සිදුවගන්න බෝගසක් යට ගිමන් හරින්න පුරුදු උන මේක දැනගත්ත කොටින් බිම් බෝම්බ අටවා සෙබළුන් 100 පමණ සමුල ගාතනය කරා ඉතින් එක සෙබලෙක් පමණක් ප්‍රති ප්‍රහාර දුන්න මෙතන මෙතන මිය ගිය කොටින් ද සෙබළුන්ද වන්දි ලැබිය යුත්තේ
ලංකාවේ බොහෝ දෙනෙක් අද බුද්දාගම කියල කරන්නෙ කොතරම් බොරුවක්ද කියල හිතෙනවා මේ අදහස් දැක්කම. බුදුන් දෙසූ වටිනාම දහම තමයි නහී වේරෙන වේරානි කියන්නෙ. මෙතන කී දෙනෙක් ඒ විදිහට හිතනවද? දැන් මටත් බනියි. හැබැයි මම බය නැතිව කියනවා අද බෞද්ධයන් වැඩි හරියක් මේක පිලිපදින්නේ නෑ
දැන්වත් තණකොළ කන ලක්ෂ 62 කට්ටිය ඕක අඳුර ගත්තොත් හොඳයි. එත් කොහොම අඳුර ගන්නද. ඒ කටිටියට මතක බඩ ගැන විතරයිනේ.
රට 30 වසරක් ආපස්සට ගෙනිච එකට වෙන්නැති වන්දි දෙන්නේ