සුජිත් හෙවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
උස්ස අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අචාර්ය විජයදාස රාජපක්ෂ හා රාජ‍්‍ය ව‍්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම් හරීස් මහත්වරුන් අතර අද(20) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇති විය.
මේ මත ගැටීම ඇති වූයේ උස්ස අධ්‍යාපන අමාත්‍යවරයා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිදුවී ඇතයි කියන ලිංගික අල්ලස් ඉල්ලීමක් පිළිබඳ කලින් සභාවකදී කළ ප්‍රකාශයක් ගැන හරීස් නියෝජ්‍ය අමාත‍්‍යවරයා දැඬි ලෙස විවේචන කරමින් කතා කළ අවස්ථාවේදීය.
මෙහිදි අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් අතර අණුසුම් කතාබහත් ඇති විය.
අමාත්‍ය එච්. එම්. එම් හරීස් -
උස්ස අධ්‍යාපන ඇමතිතුමා අග්නිදිග විශ්ව විද්‍යාලය ගැන ලොකු චෝදනාවක් කළා. ඒකේ කථිකාචාර්යවරුන් විභාග සමත් කර දීමට ලිංගික අල්ලස් ඉල්ලන බව ඇමතිතුමා කිව්වා. තමා යටතේ තියෙන ආයතනයක් ගැන එහෙම කතා කරන එක සදාචාරාත්මක නැහැ. ඒ ආයතනයේ එවැනි සිද්ධියක් වෙලා නැහැ. ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන කිසිම සාක්ෂියක් නැහැ. ප්‍රදේශයේ පිරිසක් ඇමතිතුමාට වැරදි තොරතුරු දීලා තියනවා. ඇමතිතුමාගේ ප්‍රකාශය නිසා ඒ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් වේදනාවට පත්වී සිටිනවා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ -
මම වගකීමක් නැතිව කතා කරන්නේ නැහැ. ගැහැණු දරුවෙක් එවැනි කරදරයකට පත් වෙලා සිටිනවා. ඇය මේ ගැන විශ්ව විද්‍යාල කොමිසමට පැමිණිලි කලා. හඬ පටයක් තියනවා. දැන් කොමිසම විමර්ශනයක් කරනවා. මම මේ සිද්ධිය අල්ලස් කොමිසමටත් බාර දුන්නා. ඔලුවිල් පාලනයක් නැතිව ගිය විශ්ව විද්‍යාලයක්. දැන් නජීම් මැතිතුමා ඒක දියුණු කරගෙන යනවා. නමුත් පිරිසක් ඔහුගේ කටයුතුවලට බධා කරමින් සිටිනවා.
අමාත්‍ය එච්. එම්. එම් හරීස් - ඔබතුමාගේ ප්‍රකාශයෙන් නරක අදහසක් රටට ගියා. සියලුම කථිකාචාර්යවරුන් එලෙස කටයුතු කරනවා කියලා මතයක් ගියා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ - නැහැ මම ඒ කථිකාචාර්යවරුන්ගේ නම් කිව්වා. ඔබතුමා මේ ගැන හොයනවට අකමැතිද? ඒ දරුවන්ට සධාරණයක් වෙනවාට අකමැතිද?
අමාත්‍ය එච්. එම්. එම් හරීස් - මම විරුද්ධ නහැ. මම කියන්නේ ඔබතුමාගේ ප්‍රකාශයෙන් වැරදි අදහසක් රටට ගියා. මේක හැම පැත්තකින්ම එන දරුවන් ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයක්. ඔබතුමා එදා කරපු ප්‍රකාශය බලන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම හෙන්චයියෙක් තමයි මෙහෙම අල්ලස් ඉල්ලලා ඇත්තේ....
එහේ විතරක් නෙමේ වෙනත් එ්වගෙත් මේ ගැටලුව කොහෙත් තියනවා. අපිට අැස් පනා පිට පෙනිලා තියනවා. අපෙන් අහගෙන එසයිමන්ට් හදාගෙන. අපෙන් නොතේරෙන දේ අහගෙන විභාග ලියලා කතිකාචාර්ය වරියන් වුණ අය ඉන්නවා. එ් වගේම සැබවින්ම දක්ෂ රෑමත් සිසුවින් ඉන්නවා. හැබැයි එ් අයට විභාග පාස් වෙලා උපාධිය ගන්න සෑහෙන කාලයක් යනවා. අර හැම වෙලේම මඩ බාල්දිය අරන් එන අය එහෙම කියයි රජයේ විශ්ව විද්‍යාලවල ඔහොම තමා කියලා. නෑ මේ ගැටලුය රජයේ හා පුද්ගලික අංශයේ සෑම තැනකම සෑම අංශයකම තියන ගැටලුවක් මා සේවය කරන පුද්ගලික අායතනයෙත් තියනවා.
මේ වාගේ සංවේදී මාතෘකා ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් එම ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට තමන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන් ඉදිරියේ නිකරුනේ අපහසුතාවයකට පත්වෙන්න ඉඩතියෙනවා.
විභාග සමත් කිරීම සඳහා, සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරු ශිෂ්‍යාවන්ගෙන් අල්ලස් ගන්න එක විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නම් අලුත් දෙයක් නෙමේ...
සරත් මයා වෙත, ඔබගේ අදහස් සාධාරණය. නමුත් මෙසේ ප්‍රසිද්දියේ එසේ කතා නොකලොත් එය " අළුයට ගිනිමෙන් " සදා කල් තියෙනවා නොවේද ? ප්රශ්නය විසදිය යුතු නොවේද? මෙවන් අය පිලිබදව සමාජය දැනගත යුතු නොවේද? එසේ කිරීමෙන් අනාගත දරුවන්ගේ යහපතට හොදක් මිස අවැඩක් සිදු නොවනු ඇති අපගේ අදහස.