කතරගම වෙඩි තැබීමකින් පොලිස් නිලධරයෙක්ට තුවාල කතරගම ප්‍රදේශයේ දී අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 21 March 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 March 2018
මිනින්දෝරු වර්ජනයෙන් සංවර්ධනයට බලපෑම් මිනින්දෝරු වර්ජනය සංවර්ධන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බව ඇමැතිවරුන් ගණනාවක් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 20 March 2018
කොස් මල්ලීට වෙඩි තැබූ ගිනි අවිය සොයාගනී හිස කොටස පමණක් වෙන්කර එය කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා අංගොඩ කොස්මල්ලි හෙවත් ශාන්ත කුමාර නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය අද (20) අගුණකොළපැලැස්ස ගෝඨාභයගම ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 March 2018
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ගැන කරුණු 45ක යෝජනාවලියක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට නම්, ආණ්ඩුව තුළත් පක්ෂ තුළත් ප්‍රතිසංස්කරණ සිද්ධිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 20 March 2018
රුසියා ජනපති පුටීන්ට ජනපති මෛත්‍රිපාලගෙන් සුබ පැතුම් පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. 20 March 2018
බැඳුම්කර නඩුවත් විශේෂ අධිකරණයේ නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවාය. 20 March 2018
‘සක්‍රීය බැරකම් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවේ’ - කතානායක සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 March 2018
විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත් අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (20) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 20 March 2018
බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි බැඳුම්කරය සහ බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල පරිවර්තන පිටපත් ලැබෙනතුරු ලබන 23 සිකුරාදා පැවැත්වීමට තිබූ ඒ පිළිබඳ විවාදය මාසයකට පමණ කල් දැමීමට සිදුවන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 March 2018
කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. 20 March 2018
මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දීම 2015 ඡන්දෙ බලාපොරොත්තුවක් - වැලිඅමුණ ‘මහා පරිමාණයෙන් සිදුවන මූල්‍ය අපරාධ මුළු මහත් ජනතාවටම බලපානවා. 2015 වසරේදී ආණ්ඩුව පත් කිරීමේදී බලාපොරොත්තු වූ එක් කරුණක් වන්නේ මෙවැනි මහ පරිමාණ අපරාධකරුවන්ව ඉහළම දඬුවම් ලබා දීමයි.‘ ජනාධිපති නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 20 March 2018
ජනපති තීන්දුවට වෛද්‍ය සිසු මාපියෝ එකඟ නොවෙති මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා බව කියමින් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු ගැටලු සහගත බැවින් ඒ සඳහා කෙසේවත් එකඟවිය නොහැකි යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි. 20 March 2018
කෝටියක ඩොලර් ගෙනියන්න හැදූ කැසිනෝ ක්‍රීඩකයා අල්ලයි රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූ පන් දහසක් (103,85,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ කැසිනෝ ක්‍රීඩකයෙකු උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 20 March 2018
පොලිස් කොමිසමේ ලේකම් අද සිට ඉවතට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණයක කළේය. 20 March 2018
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කරයි. 20 March 2018
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක් ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය. 20 March 2018
කුඩු ග්‍රෑම් තුනට දිවි ඇති තෙක් හිරේට හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 20 March 2018
කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කාලා කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ලික බැංකුවකට අද (20) පස්වරුවේ ඇතුළු වු කොල්ලකරුවෙක් පිහියක් පෙන්වා සේවකයින් බිය ගන්වා එහි කටුන්ටරයේ තිබුු රුපියල් 9,50,000 ක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි. 20 March 2018
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි. 20 March 2018
බස් රියැදුරාට පහර දීමේ නාටකය ගැන පළාත් මන්ත්‍රීගෙන් අලුත් පිටපතක් බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් මහතා අද (20) බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මැද දකුණු පළාත් සභා රැස්වීමට සහභාගී විය. 20 March 2018
මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්රිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර මහේස්ත්‍රාත් නියෝග කළේය. 20 March 2018
කොටි තිදෙනාට එරෙහි නඩුව අනුරාධපුරයෙන් වව්නියාවට කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් තිදෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පවතින නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අනුරධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය. 20 March 2018
ආගමන විගමන නිලධාරිහු වැඩ වරති ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව අද (20) වැඩ වර්ජනයක් අරඹා ඇත. අද (20) අලුයම සිට ’’සාධාරණත්වය සදහා වූ අරගලය ’’ යන මැයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිළධාරීන් , ශ්‍රී ලංකාවේ සියලුම වරාය නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය දෙති. 20 March 2018
පුත්තලම රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් අද (20) පුත්තලම මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවූ බව පුත්තලම පොලිසිය කියයි. 20 March 2018
ඇඟලුම් සේවිකාවන් 34 ක් ගම්පහ රෝහලට ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විස වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි. 20 March 2018
මහනුවර කළහයෙන් හානි වූවන්ට ලක්ෂ 98 ක වන්දි මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. 20 March 2018
තංගල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කර සිටින මන්ත්‍රීවරයෙක් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 March 2018
පුංචි සභා 340 ක් පිහිටුවීම අද පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 20 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026