(විනීතා එම් ගමගේ)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
2015 පෙබරවාරි මාසයේ සිට 2018 අප්‍රේල් මාසය දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද්දේ පල්ලේගම මහතාය.
එතැන් සිට යළි සිවිල් ආරක්ෂක බළකායට පත්කරන තුරුම හෙතෙම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
පල්ලේගම මහතා 2013 සිට 2015 දක්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන 2030 තිරසර සංවර්ධන ඉලක්ක දිනා ගැනීමේ වගකීම ඇත්තේ ද පල්ලේගම මහතා ඇතුළු කණ්ඩායමටය.
චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (18) වැඩ භාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිර ගෙවල් තවමත් හොර ගුහාවන්ය. මේවාට වගකිව යුත්තේ හිටපු සහ දැනට ඉන්න නිලධාරීන්ය. එබැවින් එවැනි නිලධාරියෙක්ට මෙවන් තනතුරක් දීම සුදුසු නැත.
අපි නම් දන්න විදිහට පල්ලේගම මහත්තයා තමයි බහුතරයක් පුටු රත්කරන කොමසාරිස්ලා අතරින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ සිරකරුවන් යන දෙපිරිසටම වැඩියෙන්ම වැඩක් කරපු නිලධාරියා... කතාකරද්දි හොයලා බලලා කතාකරන්න.. දන්නැත්නම් බන්ධනාගාර නිලධාරියෙක්ගෙන් අහලා බලන්න. කෙසේ හෝ යළිත් සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි..
හොඳ තේරීමක් ජනාධිපතිතුමනි...