IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
 
කොහුවල ප‍්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17)  මරණ දඬුවම  නියම කළේය.
 
 
මත්ද්‍රව්‍ය නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
 
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොහුවල ප‍්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.
 
 
මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
 
 
2012 වසරේ කොහුවල ප‍්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 62.06 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව කෙහුවල ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සන්තකයේ තිබී කොකේන් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
 
 
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.



අදහස් (2)

කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම්

ratna P Thursday, 17 January 2019 10:32 AM

අර කිලෝ ග්‍රෑම් 250ක් 300ක් විතර ගේන හොරුන්ට මොනවගේ දඩුවමක් දෙයිද දන්නේ නෑ

:       0       2

ශාන් Friday, 18 January 2019 03:17 AM

මෛත්‍රී මහත්මයට එල්ලුම් ගහ නැවත ගේන්න මරණ දඬුවම් නියම වූ කවුරුත් නෑ කිව්ව නේද? පහුගිය ටිකේ කීපදෙනෙකුටම මරණ දණ්ඩනය නියම කලා, දැන් එල්ලුම් ගහ සම්මත කරගන්න පුලුවන් වෙයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site