මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක් ‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 19 March 2018
අගමැතිගෙන් චීන ජනපතිට හා උප ජනාධිපතිට සුභ පැතුම් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ වැන්ග් කිෂාන්ට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩ දෙකක් යවා තිබේ. 19 March 2018
ධීවරයින් ගැන විධිමත් සංගණනයක් ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 19 March 2018
සිසුවියන් අපයෝජනය කළ සංගීත ගුරුවරයාට ඇප බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පාසලක හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් එම විදුහලේ සංගීත ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 19 March 2018
දියවන්නාවට පෙරලුණ සුපිරි රියේ හිමිකරු පොලීසියට තලවතුගොඩදී සිදු වු අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරලුණ බී.එම්. ඩබ්ලිව් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අද (19) පොලීසියට බාර වී ඇත. 19 March 2018
අතුරුගිරියේ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී මීට මද වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 19 March 2018
ටිපරයට යටවී සය හැවිරිදි දරුවා මරුට මහියංගනය පගරගම්මන මාර්ගයේ මැදඔය දී වැලි ප්‍රවාහනය කළ ටිපරයකට යට වී අවුරුදු හයක දරුවකු අද (19) සවස මිය ගොස් ඇත. 19 March 2018
සරසවි අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය දිගටම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේදී වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අද (19) පස්වවේ පැවති දෙවන සාකච්ඡාවද අසාර්ථක වී තිබේ. 19 March 2018
දැරියක් අපයෝජනය කළැයි තිදෙනෙක් සැකපිට මොරවක 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලීසිය පවසයි. 19 March 2018
මළසිරුර මාරු වී අලි ජරමරයක් යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන යෑම නිසා එම මළසිරුර අයිතිකරුවන්ගේ ඥාතීන් දැඩි අපහසුවට පත්ව ඇත. 19 March 2018
හිස නැති කඳ කෙසෙල් ඉඩමකින් හමුවෙයි තියුණු ආයුධයකින් කපා ඝාතනය කර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් හිසෙහි කද කොටස යැයි සැකකරනු ලබන මිනිස් ශරීර කොටසක් අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක වළ දමා තිබියදී අද (19) සොයා ගත් බව පොලිසිය කියයි. 19 March 2018
ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය 19 March 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ජුනි 26 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (19) නියම කළේය. 19 March 2018
මධුෂ්ගේ ගෝලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර කඹූරුපිටියේදී අත්අඩංගුවට ගත් මා කඳුරේ මධූෂ්ගේ ගෝලයින් සිව්දෙනා දිනහතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ඉන්දික ජාතුංග මහතා නියෝග කළේය. 19 March 2018
පුජාපිටිය දෙකඩ කළාට මහා සංඝරත්නයේ විරෝධය මහනුවර දිස්ත්‍රික්කය තුළ පළාත් සභා කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉවත් කර එය දෙකට කඩා හතරලියද්දට සහ අකුරණට ඈඳා තිබීම සම්බන්ධයෙන් තමන් වහන්සේලා දැඩි ලෙස විරෝධය දක්වන බව පූජාපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු පවසති. 19 March 2018
පා.ම.සනත් නිශාන්ත 24 දක්වා රිමාන්ඩ් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය. 19 March 2018
කොළඹ පුරපතිනි රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි. 19 March 2018
ආමර්වීදීයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය පවසයි. 19 March 2018
මී කඩන්න ගිහින් වැළහින්නකගේ ප්‍රහාරයට ලක්වෙයි වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරසක් ඊයේ (18) සවස වලසුන්ගේ පහරදීමට ලක් වීමෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. 19 March 2018
වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු පත් කර තිබේ. 19 March 2018
වෛද්‍යවරියගේ කැමරා උපකරණ ගත් සෆාරි සේවා සපයන්නාට ඇප විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ 100 ක් සහ රුපියල් ලක්ෂ 34 ක් වටිනා කැමරා උපකරණ වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සෆාරි සේවා සපයන්නෙක් ඇප මත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානී මහත්මිය නියෝග කළාය. 19 March 2018
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොටගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය පවසයි. 19 March 2018
මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක් මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි. 19 March 2018
අක්මා රෝගයෙන් අයියා මලෝ බේරාගන්න ලක්ෂ 100ක් ලැබිලා දරුණු අක්මා රෝගයකට ගොදුරුව ඉන්දියාවේදි අක්මා බද්ධයකට ලක් කළ යුතුව සිටි නවගත්තේගම මහ අන්දරවැව දරුවන් දෙදෙනා පිළිබදව ලංකාදිප එසැණ ඇතුළු මාධ්‍ය ගනණාවක් කළ හෙළිදරව්වෙන් පසු ඊට අදාළ මුදල ලැබී තිබේ. 19 March 2018
නිදහස් කුසලානය ඉන්දියාවට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. 18 March 2018
කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට බස්නාහිර පළාත භීතියට පත් කරමින් පසුගිය කාලයේ මිනීමැරුම්,සොරකම්,මංකොල්ලකෑම් හා කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයින් තිදෙනෙකු මදුෂ්ගේ ඥාති නිවසක සැඟවී සිටියදී සැක පිට අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි. 18 March 2018
දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය කියයි. 18 March 2018
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් වල් නාශක ඕනෑ කියයි තේ වගාව පත්ව ඇති තත්වයෙන් ගොඩගැනීමට වල්නාශකයක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙයක් හරි දෙන්න කියලා මම රතන හිමියන් ගෙන් ඉල්ලනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 18 March 2018
පේරාදෙණිය උපකුලපති ඡන්දයෙන් මහැදුරු උපුල් දිසානායකට ජය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාලක සභා ඡන්ද විමසීමෙන් වර්තමාන උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. 18 March 2018
මාධ්‍ය හමුවකට එන්න ආ වෘත්තීය සමිති ලේකම්ට ප්‍රහාරයක් මාධ්‍ය හමුවකට පැමිණෙමින් සිටි ප්රගතිශීලී සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සෙවනගල සීනි සමාගමේ වෘතීය සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් වීරසිංහ මහතා පහරකෑමට ලක්වී රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 18 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026