(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගුවන් ටිකට් පත් මිල දී ගැනීමේ දී සිදුකළ වංචාවක් හේතුවෙන් එහි සැපයුම් අංශයට අනියුක්තව සේවය කළ නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි එම කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිගු කළක් තිස්සේ මෙම වංචාව සිදු කර ඇතැයි සැක කරන බවත් කොතරම් මුදලක් වංචාකර ඇත්දැයි සොයා පරික්ෂණ සිදුකරන බවත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාර්යංශයේ සැපයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගුවන් ටිකට් ලබා ගැනීම් මෙම නිලධාරියා විසින් සිදු කර ඇති අතර සාමාන්‍යයෙන් ගුවන් ටිකට් පත් කිහිපයක් වෙනුවෙන් නොමිලේ ලබා දෙන ටිකට් පත් සඳහා ද මෙම නිලධාරියා මුදල් ලබාගෙන ඇතැයි හෙළි වී ඇති බව ද එම නිලධාරියා කීය.
මෙම නිලධාරියා මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බවත් සිද්ධිය පිළිබඳ ඉහළ කළමණාකරණයෙන් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලම සිට පහලටම දුෂණය වංචාව මහජන දේපල හොරකම රජ වුනු රටක මේකත් පුදුමයක්ද?
කොතන බැලුවත් වංචාව දූෂණය.
පොඩි අයව අල්ලලා වැඩක් තියෙනවද මහා හොරුන්ට ඇමතිකම් දිදී?
මෙම ආයතනයෙන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට කිසිම සෙතක් වෙන්නේ නැහැ. ගුවන් තොටුපොලේදී රට යන අපිව පරික්ෂා කරන්නේ හරියට හොරුන්ව පරික්ෂා කරනවා වගේ කිසිම සැලකිල්ලක් නැහැ .