(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධ කර ගැනීමට විරෝධය පළකරමින් විශ්ව විද්‍යාල සිසුහු අද (16) උද්ඝෝෂණයක් කළහ.
විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් අරඹා තිබු මෙම උද්ඝෝෂණය දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා ප්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත වීමට නියමිතය.
සබරගමු විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබුණේ විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව විරෝධතාව මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංක ගමගේ සිසුවා පැවසීය.
දේශපාලකයන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පවත්වා එය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බවට උපකුලපතිවරයා ලෝකයට පෙන්න්න උත්සහ කරන බව ද ඔහු කීවේය.
මෙම විරෝධය පවත්වන්නේ උපකුලපතිවරයාගේ එම උත්සාහයට මිස වෛද්‍ය පීඨයට එරෙහිව නොවන බව ද ඔහු කීවේය.
විවිධ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයට යන අයට දේශපාලනය කරන එකත් නවත්තන්න ඕනේ. මෝඩ හැත්ත. මේ අය මේ වගේ හැසිරෙන කම්, මේ රට ඉවරයි. කලා උපාධි අපේක්ෂකයෝ, වෛද්‍ය අංශය ගැන කතාකරනවා.
මේක උද්ඝෝෂණය කරන්න තරම් කාරණයක්ද? ළමයි මොකක් හරි අල්ලගෙන හැමදාම උද්ඝෝෂණ කරනකොට ඉගෙනගන්නේ කොයි වේලාවේද?
මෙම විරෝධය නම් සෑම තැනින්ම වියයුතු දෙයක්මයි. මොකද මේ සියල්ලම දුප්පත් මහජනතාවගේ බදුමුදල් වියදම් කර ගොඩනැගෙන දේවල් බැවින්ය. කිසිදු දේශපාලකයෙක්ගේ පුද්ගලික වියදමින් නිර්මාණය නොවන දේවල් බැවිනි. තවද එසේ බදුමුදල්වලින් සාදන ලද දේවල් මහජන මුදල්ම වියදම් කර දේශපාලකයන්ගේ නම්ද යොදමින් නාස්ති කරනවා නොවේද?
එ්ක නම් හරියට හරි. පොලිටික්කෝ ඇවිල්ලා විවෘත කරන්නේ උන් සල්ලි ගෙදරින් ගෙනැල්ලා හදපුවා වගේ. ජනතාවගේ බදු මුදල් වලින් හදල ඒවා විවෘත කරන්න ඕනෑ ජනතාව විසින්...
මහා ශිෂ්‍ය සංගමයේ කට්ටිය හිතන් ඉන්නේ උද්ඝෝෂණ කළාම ඔක්කොම දෙවියෝ දෙනවා කියලා...
පළවෙනි පින්තූරයේ දැක්වෙන පරිදි මේ උද්ඝෝෂණ දැන් බල්ලාට ගොස් ඇත.
මොකක් හරි උපාධියක් සමත් වුවාට පසු රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ කන්නලව් කරන්නේ දේශපාලකයන්ට මිස දෙවියන්ට නොවෙයි නේද මල්ලියේ? දේශපාලකයන් අතින් පත්වීම් දෙනකොට වැඳ නමස්කාරකර පත්වීම් ලිපි ලබාගන්නවා. අපි හැම වර්ෂයකම මාධ්‍ය මගින් දකිනවා. ඔය වසර තුන, හතරට කාඩ්බෝඩ් වීරයෝ වෙන්න එපා...
ඕන එකෙක් ඇවිල්ල විවෘත කරලා යනකම් ඉඳලා ඔයාලට තියෙන්නේ ගිහින් ඉගෙන ගන්න නේද? උත්සවයට ඔයාලා නොගිහින් හිටියම ඉවරයි නේද? ඕකට කාලය නාස්ති කරලා උද්ඝෝෂණ කරන්න ඕන නැහැනේද? ඕවා ඇවිල්ල එක එක දේශපාලකයන්ට කඩේ යාමක් කියලයි මට හිතෙන්නේ. අර කෝච්චියක් එනකොටත් උද්ඝෝෂණය කලේ....
මේවා ඉදිකර ඇත්තේ මහජනයා ගෙවන බදු මුදල් වලින් හෝ පිටරටින් ගත් නය මුදල් වලිනි. රටේ බදු ගෙවන සියලු ජනයාට මෙය විවෘත පැමිණිය නොහැකි බැවින්, ඔවුන්ගේ නියෝජිතයින් මෙය විවෘත කිරීමේ වරදක් නැහැ.
දවසක් පන්ති පාඩු කරගන්නේ නැතුව හෙට උත්සවය වර්ජනය කළා නම් ඉවරයිනේ...
රජයේ පත්වීම් ලබා ගෙන සේවය පතා එන මහජනයාට සත්තම දාන්නෙත් ඔය දේශපාලක දෙවියා මතක් කරගෙන තමයි.
දේශපාලන අතකොලු වෙලා කවුද වගේ හැසිරෙනවා
දැන් ගෙරෙව්වට තව අවරුදු දෙක තුනකින් දේශපාලුවෝ ගාව දන ගහන්න වෙනවමයි....
මේකේ දාල තියන ගොඩක් අදහස් වලින්ම පේනවා අපේ තියන වහල් මනස. වචනවලත් කිසිම සංයමක් නැතුව මෙතන අකුරු කොටලා ඒකෙන්ම එයාගෙ තරම පේනවා. අපි කරන්නේ හැමදාම තියන ක්‍රමේට බැන බැන ඒක වෙනස් කරන්න හදන එකාගෙ කකුලෙන් අදින එක. ඒකයි ලංකාව හැමදාම වල පතුලටම යන්නේ. දැං මේ ළමයි මේ කියන දේ අපි හැමෝම පිලිගන්නවා අනික රනිල් සහ ඒ නඩය ඇවිත් විවෘත කරන්නේ අපේ බදු මුදලින් රුපියල රුපියල එකතු කරල හදපු ගොඩනැගිල්ලක්. ඒත් ඒක 225 සල්ලිදාල හැදුව වගේ කථා කරල විවෘත කරනවා. අනික එනකොට මොනතරම් මුදලක් වියදම් කරල සැරසිලි කන්න බොන්න දේවල් ආරක්ෂාව වගේ එකි මෙකි නොකි සියලු දේ සපයන්න ගොඩනැගිල්ලේ වියදම වගේ තවත් බාගයක් යනවා. මේ වගේ බොරු ෂෝ ඕනද කියන එක ඇයි අපිට දැන්වත් අවංකව හිතන්න බැරි. මං නම් එක හෙලා මේ ළමයින් ගේ මේ ක්‍රියාව අනුමත කරනවා.