යතුරු පැදිය පැදගෙන ගිය හිමිවරු අනතුරක - හිමිනමක් අපවත්වෙති
මැදිරිගිරිය, බිසෝබණ්ඩාර, යාය 01 තිස්සපුර ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ විසු හිමිවරු දෙනමක් ගමන් ගත් යතුරුපැදියක් අද (16) මැදිරිගිරිය, බිසෝබණ්ඩාර ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් හිමිනමක් අපවත් වී අනෙක් හිමිනම තුවාල ලබා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.