තරිඳු ජයවර්ධන
ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තර මැදින් මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් සුදුසු ආයතන හරහා විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්වරයා විසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන මෙම දැනුම්දීම කර ඇති අතර එම ලිපියේ පිටපත් වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇතැයි දැනගන්නට තිබේ.
මෙම මාර්ගය ඉදි කිරීම මගින් සිංහරාජ වනාන්තරයට දැඩි බලපෑමක් එල්ල වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුනේස්කෝවෙන්ම ප්‍රශ්න කරනකම් බලා ඉන්නේ ඉහළ පුටුවල ඉන්නේ හරක්ද, එලගවයින්ද මසට හදන අම්බරුවන්ද? ඇහුවොත් අර ආචාර්ය මේ මහචාර්ය..., අර ඇමතිය මේ ඇමතිය වැරැද්ද හදාගන්න වටේ යනවා ...
අැයි එතකොට විල්පත්තුව?
නොපෙනෙන බලවේග අද සියල්ල පාලනය කරන්නේ... ඉහළ සිට පහළට සියලු දේශපාලකයෝ හා නිලධාරීන් අල්ලේ නැටවෙන රූකඩ තමයි පුම්බගෙන හිටියට...
මෙය බලු බැල්මට මෙය මහා මාර්ගයක් නොවන අතර වනය නැරබීමට එන අයට ඇවිදගෙන යාම සඳහා තනනලද මාර්ගයක් පමණි. මා සිතන්නේ අපි අපේ රටේ දේවල් අපට අවශ්‍ය හැටියට කරනවා විනා, යුනෙස්කෝව කියන ආකාරයට වැඩ කල යුතු නැති බවයි.
කව්ද අපේ රටේ පරිසර ඇමති මෙච්චර දෙයක් වෙනකන් සද්ද නැතිව හිටයේ?
මේ පාර කපන්න පටන් ගත්තේ නාමල් බේබි ඒ ගොල්ලන්ගේ බලය කාලේ මේක කපාගෙන නිදහන් හාරාගෙන තමයි ඉස්සරහට ගියේ... ඒ දවස්වල හුඟක් දෙනෙක් මේකට විරුද්ධ වුණත් බලය උපයෝගී කරගෙන මේක විනාශ කරගෙන ගියා..
ලංකා ඔයා යුනෙස්කෝව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ඇති.. යුනෙස්කෝව නැත්නම් අද අපේ රටේ ඉතිහාසය මකලා දාලා ගොඩක් කල්.. යුනෙස්කෝව නිසා තමා අපට අපේ දේවල් මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන්නේ.. සිංහරාජය ලෝක උරුමයක් නොවෙන්න ඒකට විල්පත්තුවට වෙච්ච දේ මීට කලින් වෙන්නේ.. දැන්වත් පාට කණ්නාඩි ගලවලා ලෝකේ දිහාවේ බලන්න..
මෝඩකම ලෝකෙට පෙන්වන්න එපා. අපට ඕන විදිහ තමයි ලෝක උරුමයන් හැටියට තිබෙන දේවල් පවා විනාශකර ගස්ටික කපාගැනීම. යුනෙස්කෝව කරන්නේ ලෝක උරුමයන් රැකගැනීමට කටයුතු කිරීම. සියල්ලටම පළමුව යුනෙස්කෝවේ කාර්ය භාරය මොකක්ද කියා දැනගන්න.
අපි වැඩ කල යුත්තේ අපේ රටේ අවශ්‍යතා මත විනා, යුනේස්කෝව හෝ වෙනයම් එන්.ජි.ඕ කියන ආකාරයට නොවේ.
අපේ රටේ ඉන්න හොර දේශපාලකයෝ එ්කත් කන්නද හදන්නේ? උඹලාගේ මොලේ කොහෙද තියෙන්නේ...?
පළමුව සිංහරාජ වනය ලෝක උරුමයක් කරන්න හේතුව හොයලා බලන්න. අනික අපේ රට කෙලවාගෙන තියෙන්නේ අපිට ඕන ඕන විදියට වැඩ කරන්න ගිහිල්ල තමා. මේක ආරක්ෂා කල යුතු උරුමයක්.
aravinda දන්නා මගුලක් කතා කරන්න හලෝ... සිංහරාජය විතරක් නොවෙයි සංරක්ෂණය කළයුතු භාෂා 10ට සිංහල භාෂාවත්, සංරක්ෂණය කළයුතු භාෂාවත් හැටියට යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. පාදඩ සිංහලයෝ සිංහල භාෂාවේ වටිනාකම දන්නේ නැහැ. සිංහල භාෂාව කන්නේ සිංහල TV නාලිකා. නමුත් දෙමල භාෂාව දමිලයින් රැක ගන්නවා. මාසමග වාදයකට පැටලුන ඩයස්පෝරා දමිලයෙක් දෙමල භාෂාවට එකතුවුණු වෙනත් භාෂාවක එක වචනයක් පෙන්නන්න කියලා මට අභියෝග කළා. නමුත් සිංහල භාෂාවේ දෙමල සිට පරංගි භාෂාවේ වචන තිබෙනවා. කියන්නේ නම් "අපි වැඩ කල යුත්තේ අපේ රටේ අවශ්‍යතා මත" එහෙම කරලා තමයි අපි ලෝකය ඉදිරියේ බාල්දුවෙලා තිබෙන්නේ. නිදහස් දවසේ ලැප්ටොප් ඩාන්ස් දාන්න හදපු නිවට සිංහලයෝ මේ රටේ ඉන්නේ...
සිංහල භාෂාව රැකගත යුත්තේ රට තුළ වසන මිනිසුන් වන අතර ඒ සඳහා යුනෙස්කෝවට කළ හැකි කෙන්ගෙඩියක් නැත. TV නාලිකාවේ කියන දේ අසා තමන්ගේ භාෂාව වනසා ගන්නවා යයි කියන්නේ, තමන්ගේ ආත්ම ශක්තියේ ඇති දුර්වලතාවය විදහාපෑමක් පමණි...
හලෝ අතර මැදින් දාන වචන ගැන නොවෙයි කියන්නේ බාශාවට එකතුවී තිබෙනවාද කියන එකයි කතා කරන්නේ. අපිත් සමහර අවස්තාවලදී බොහොම ස්තූතියි කියනවා. ප්රශ්නය දෙමළ භාෂාවට එකතු වූ සිංහල වචන මොනවාද? නමුත් සිංහල භාෂාවට එකතු වූ දෙමළ වචන බොහොමයි. කුලම්, වඩේ, කඩේ මේවා අපේ භාෂාවට එකතුවුණු දෙමල වචන. ඉංග්‍රීසි භාෂාවට හැමදාම වචන එකතුවෙනවා. ඔබ දන්නවාද "aswaddumization" කියන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසියට ගියේ අස්වැද්දුම කියන සිංහල වචනයක් බව. ගූගල් සර්ච් කර බලන්න. මම කියන්නේ දමිලයින් ඔවුන්ගේ භාෂාව සංකර කරගෙන නැහැ. එමනිසා පැරණිකමේ වටිනාකම තිබෙනවා. නැතිනම් ඔරිජිනල් තත්වයේ තිබෙනවා. ඒ ගැන දමිළයින් ආඩම්බරයෙන් කතා කරනවා...