නාරා අායතනයෙන් සාගර සම්පත් ගැන පුළුල් ගවේෂණයක් මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ගවේෂණයක් සිදුවන්නේ වසර 38 කට පසුවය. 18 March 2018
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත් බිලක් ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 18 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘ ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය. 18 March 2018
එජාප මහලේකම් ධූරය අකිලගේ අතළඟ එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 18 March 2018
කෙසෙල්වත්තෙන් හමු වු මිනිස් හිසෙහි කද සොයා පරීක්ෂණ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගියදා සොයාගත් පුද්ගල හිසෙහි ශරීරය සඟවා ඇතැයි සැකකරන ස්ථානයක පරික්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අද (18) ආරම්භ කළේය. 18 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වතියි විශ්වාස කරන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ පැවසීය. 18 March 2018
වැලිගෙපොලින් ගල්යුගයේ ජනාවාස 80ක් වැලිගෙපොල කළාපය තුළ ගල්යුගයේ ජනාවාස අසුවක් පමණ තිබෙන අතර මේ වන විට එයින් හතලිහකට ආසන්න ස්ථාන ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්සෝම දේව මහතා පවසයි. 18 March 2018
අනියම් පෙම්වතියගේ ගෙල කපා පෙම්වතා දිවි නසාගෙන වසර ගණනාවක සිට පැවති අනියම් පෙමට පිටු පෑ පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ වැලිපැන්නේ පුද්ගලයකු පසුව විස පානය කර මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 18 March 2018
හෙදියගේ අතින් ඇල්ලූ හෙද නිලධාරියා අත්අඩංගුවට පේරාදෙණිය රෝහලේ හෙද නිලධාරියෙකු විසින් හෙදියකගේ අතින් අල්ලා ඇය අපහසුතාවයකට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය සැකකාර හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. 18 March 2018
ස්ටිව් ජොබ්ස්ගේ රැකියා අයදුම්පත අලෙවියට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් විසින් 1973 වර්ෂයේදී රැකියාවක් සදහා අයදුම් කරන ලද අයදුම්පතක් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය පනස් හතකට (174757.00 ) වෙන්දේසියකදී අලෙවි කොට ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි. 18 March 2018
දැරියක අපයෝජනය කළ මානවහිමිකම් නිලධාරියා දැලේ අවුරුදු අටක් වයසැති දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 57 හැවිරිදි පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 18 March 2018
‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ට රහස් කැබිනට් පත්‍රිකාවක් 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් හරහා උත්සහ දරමින් සිටින බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 March 2018
ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ. 18 March 2018
විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සඳුදා සම්මත වෙයි මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව එළඹෙන සඳුදා දින මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී සම්මත කර ගැනිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 17 March 2018
සකිබ් - නුරුල් දෙදෙනාටම දඩ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ. 17 March 2018
ශ්‍රී ලාංකිකයෙක් ලක්ෂ 14 ක වල්ලපට්ටා සමග කටුනායකදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත වල්ලපට්ටා තොගයක් රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සිකුරාදා රාත්රියේදී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් සහකාර මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 17 March 2018
එජාපය නව නායකයකුට දෙන්න‘යි දිස්ත්‍රික් 25 ක ක්‍රියාකාරීහු ඉල්ලති එක්සත් ජාතික පක්ෂය 2020 විස්සයි විස්සේ දී බලය ලබාගැනීමට නම් වර්තමාන නායකත්වය වහා ඉවත් වී තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (17 වැනිදා) ඉල්ලා සිටියේය. 17 March 2018
වඳින්න ගිය දෙවොල ඇමති හරීන්ගේ හිසමත කඩා වැටෙයි සවුදි අරාබියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසට පැමිණි අමාත්‍යවරුන්ට නිවැසියන් සානුකම්පිතව කරුණු පහදා දුන් අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාති සොහොයුරන් ගෙන් අභියෝගයක් එල්ල විය. 17 March 2018
වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 4ක් පහරදීමකින් රෝහලේ වැටලිමක් සිදුකිරිමට සිවිල් ඇඳුමෙන් සැරසි ගිය විලච්චිය පොලිස් නිලධාරින් පිරිසකට වන්නිහැළඔවැව ගම්මානය ආසන්නයේදි පිරිසක් විසින් ඊයේ (16)දින රාත්‍රියේදි සිදුකල පහරදිමකින් පොලිස් නිලධාරින් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා විලච්චිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. 17 March 2018
දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් නැවතුම්පලේ දෙමාපියන්ට එපා වූ දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් 16 දින පස්වරුවේ වාර්තා විය. 17 March 2018
බංග්ලාදේශ ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීම ගැන සොයයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ. 17 March 2018
මහනුවර අලාභ හානි ගැන තවමත් පැමිණිලි මහනුවර ප්‍රදේශයේ පසුගිය හතර වැනි දා රාත්‍රියේ සිට ඇතිවූ කළහකාරී සිද්ධිවලින් සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් තවමත් පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිසිය කියයි. ඒ දිනවල ඇඳිරිනීතිය සහ බිය නිසා ඇතැමුන් පැමිණිලි දැමීමට පැමිණ නැතැයි ද පොලිස් ආරංචි පවසයි. 16 March 2018
බංග්ලාදේශය අවසන් මහ තරගයට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16) පැවැති නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින් බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 16 March 2018
බිබිලේ පවුල් 52ක් තාවකාලිකව ඉවතට නාය යෑමේ අවදානමක් නිසා බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා ඇතැයි අපදා කළමනාකර මධ්‍යස්ථානය කියයි. 16 March 2018
මාර්තු 31ට පෙර එජාප නව නිලධාරී මණ්ඩලය පත් කරන්න යයි එක්සත් ජාතික පක්ෂයේ 2018 වසර සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම පිළිබඳ වැඩ කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කරීමට සැලසුම් කර ඇතැයි අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි. 16 March 2018
බන්ධනාගාරයේ සිටි රැඳවියාගේ මියයෑම ගැන සොයයි පොලොන්නරුව බන්ධනාගාරය තුල සිටි රැඳවියකුගේ මළ සිරුරක් අද(16) සවස සිරමැදියක් තුළ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. 16 March 2018
සාකච්ඡාවට පෙර සේවයට එන්නැයි අනධ්‍යයන සේවකයන්ට දන්වයි විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා දන්වා යවා ඇත. 16 March 2018
අධිකරණ සංවිධාන කෙටුම්පත ඉවත දමන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. 16 March 2018
මානව හිමිකම් සැසියට තිලක් මාරපන ඇතුළු දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සහභාගිවිමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිසක් ලබන සඳුදා (19) සවිට්සර්ලන්තයේ ජිනිවා නුවර පිටත්ව යෑමට බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 16 March 2018
මුස්ලිම් පල්ලියේ වන්දනයට අදත් භික්ෂූන් වහන්සේලා වැඩම කරති (මොහොමඩ් ආසික්) මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පසුගිය දින කිහිපයයක ඇතිවූ කලබලකාරි තත්වයන්ගෙන් පසුව නැවත එවන් අමිහිරි සිදු වීම් ඇති නොවීම සඳහා ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කර ගෙන දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා අදත් (16) මුස්ලිම් දේවස්ථානවලට වැඩම කළහ. 16 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026