(බිඟුන් මේනක ගමගේ)
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවන්නේ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය.
1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරිය හැටියට තමාට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකරන්නේ යැයි ද අතුකෝරාල මහත්මිය කීය.
විශේෂ මහාධිකරණය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් පැමිණ නැතැයි කී ඇමැතිවරිය එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටුවන්නේ යැයි ද පැවසුවාය.
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළාය.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි එකට කලින් පළවෙනි එකට මොකද වුනේ කියලා කිව්වොත් නරකද? වහන්නේ නැතුව නඩු අහනවා කීවට ඒවා ගැන කිසි ආරංචියක් නැහැනේ. ඒ වුණාට හදන්නා තියා තවම හිතලාවත් නැති නව ව්‍යවස්ථාවක් ගැන නම් පුදුමාකාර ප්‍රචාරයක් තියෙන්නේ.... අර මහ බැංකු මංකොල්ලයටත් වැඩිය ඉස්තරම්... කොරහේ කිඹුල්ලුනේ කවුරු කවුරුත් මේ පෙන්වමින් මහ ජනතාව ගොනාට අන්දන්නේ...
ඒවා ගැන බලන්නේ විශේෂ එකකින් කියලා තමයි කියන්නේ. අනික දැන් මහබැංකු හොරකම ගැන කථාකළාම සූත්තර පුංචට කඩේ යන අයට තරහ යනවා. බලාගෙන...
පලමු එකෙන් අල්ලපු හොරෙක් ඉන්නවාද ? ඒ මදිවට අලුත් ව්‍යවස්තාවක් ගේන්නත් හදනවා. බොහොම අමාරුවෙන් ගත්තු ආණ්ඩුව ආයෙත් සවුත්තු කරගෙන ගෙදරම යන්න තමයි මේ හදන්නේ. මුලින්ම මිනිස්සු අතර ආණ්ඩුවට ඉහළ පිලිගැනීමක් හදගන්න බලන්න ඔන එහෙම නැතුව මේවා කරලා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න හදන්නේ.
ආණ්ඩුව පත්කරනකොට තිබු හදිස්සිය දැන් නොමැත. ඒවා මතක් වන්නේ ඡන්දෙ ළංවෙනකොටද?