( රංජන් කස්තුරි)
නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගොස් මීට සති දෙකකට පමණ පෙර වසා දැමුණු පෞද්ගලික දහම් පාසලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (13) බලහත්කාරයෙන් යළි විවෘත කර තිබේ.
ව්‍යාපාරිකයකු විසින් කිසිදු අවසරයකින් තොරව එම දහම් පාසල පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා පාසලේ ගොඩනැගිලි හා වෙනත් සම්පත් අවභාවිත කළැයිද එම විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මිය පැවසුවාය.
තමා අධ්‍යාපන අමාත්‍යංශයට මේ පිළිබඳව කළ පැමිණිල්ලකින් පසු පරීක්ෂණයක් පවත්වා දහම්පාසල තාවකාලිකව වසා දමා තිබු නමුත් ආණ්ඩුකාරවරයා තමාට දුරකතනයෙන් කතා කර අද යළි බලහත්කාරයෙන් විවෘත කර දහම්පාසල පවත්වාගෙන ගිය වද ඇය කීවාය.
අසාද් සාලි මහතා අනුලා විද්‍යාලයට අද පෙරවරුවේ දහම් පාසල් ළමුන් පිරිසක් සමඟ පැමිණ තමාට දුරකතනයෙන් කතා කර ගේට්ටුව විවෘත කරන ලෙස දන්වා බලපෑම් කළ හෙයින් තමා පාසලේ මුරකරුට දන්වා ගේට්ටුව විවෘත කළ බවද සඳහන් කළාය.
තමා ආණ්ඩුකාරවරයා බවත් ජනාධිපතිවරයාගේ නියෝජිත බවත් ආණ්ඩුකාරවරයා තමාට පැවසු බවද හෙතෙම පැවසුවාය.
මේ පිළිබඳව විමසීමේදී අද්යෘපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුයේ අනුලා විද්‍යාලය රේඛීය අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික පාසලක් නිසා ඊට මැදිහත් වීමට ආණ්ඩුකාරවරයාට බලයක් නොමැති බවයි.
මෙම දහම්පාසල වසා දමන ලෙස මීට සති දෙකකට පෙර දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට තියෙන බලතල සහ සීමා මායීම් මුලින්ම ඉගෙන ගන්න ඔන තනතුරු වලට පත්වෙන්න පෙර.
පුද්ගලික වුවත් එය දහම් පාසලකි.. එය වසා දැම්මේ ඇයි?
මෙය බලෙන් කරපු නිසා එය නීතිවිරෝධියි.
ගිරවාගේ කරේ රන්මාලය පැලැන්දුවාම වෙනදේ... දන්නවනේ...
මෙතන යටින් තිබෙන්නේ, බෞද්ධ අධ්‍යාපනය විනාශ කිරීමේ අරමුණක්...
අපට රටක්... රටට හෙටක්...
ග්‍රාමසේවක මෛත්‍රී රජවෙලා නොදන්නා මගුල කරලා, ව්‍යවස්ථා කඩලා පචවුණා. ග්‍රාමසේවක මෛත්‍රී පත් කළ නගර සභා මන්ත්‍රීකම හා මුසල්මානුවකු වීම පමණක් සුදුසුකම් වූ ආණ්ඩුකාරයා කොලේ ඉරාගෙන... ඉක්මණට මෛත්‍රී මොහුව පත් කලේ මුස්ලිම් ඡන්ද බලාගෙනයි.
දහම් පාසල් තියෙන්න ඕනැ පංසල්වල. නුගේගොඩ පංසල් ටියුශන් පංතිවලට කුලියට දෙන නිසාද ඉස්කෝලවල දහම් පාසල් පවත්තන්න වෙලා තියෙන්නෙ?
ආණ්ඩුකාරවරු පත් කරනකොට කියලා දෙන්නේ නැද්ද මේ අයට අයිති රාජකාරි මොනවද කියලා. හැම දේශපාලකයාම හැමදේකටම අතදාන්න ගියාම කොහොමද පාලනයක් හරියට ගෙනියන්නේ? දහම් පාසලක් වුණාම නීතියක් නැද්ද?
මේවට සූත්තර පුංචා වගකිව යුතුයි
හිටංගේ කෙනා වැඩ පටන් අරං. ඔවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොතතු විය නොහැක. පුද්ගලික දහම් පාසල් මොනවද? එ් දහමත් මොඩිෆයි කරලද..?
වඳුරාට දැළිපිහිය ලැබුණා වගේ. අනේ මන්දා..
බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යනවා.
මොන ආගමද මෙහි ඉගැන්වූයේ ?
අලුත් ආණ්ඩුකාරයින්ගෙන් උතුරු, නැගෙනහිරත් ප්‍රශ්න... බස්නාහිරත් ප්‍රශ්න..!! පත්කරනකොටම අපි දැනගත්තා මෙවැනි ප්‍රශ්න මතුවියහැකි වග... මොවුන් රටට, ජාතියට ආදරය කරනවුන් නොවේ.
මුස්ලිම් අය කරන කුඩු බිස්නස් නවත්තන්න කියන්න ඉස්සරවෙලා.. නිකම් ෂෝ දාන්නේ නැතුව..
අමාත්‍යාංශයේ අනුමැතියක් නැත්නම්, ඉස්කෝලෙන් ඉඩ දුන්නෙත් නැත්නම්, මේක ඊට ඉස්සරවෙලා පටන් ගත්තේ කොහොමද? ඒකට අවසර දුන්නේ කව්ද? එතකන් මේ ප්‍රින්සිපල් බුදියගෙනද හිටියේ? ඇයි මේ එකපාරට කුලප්පු වෙලා. මේක ඇතුලේ වෙන සිද්ධියක් තියෙන්නේ. මේ මිනිහ කරපු වැඩේ හොඳයි. මේ දවස්වල දහම් පාසල් යන ළමයි අඩුයි. ඒ නිසා මේවා අරින්න ඕනේ හැම ඉස්කෝලෙකම... සංඝයා වහන්සේලා පන්සල් දේශපාලකයින්ට ඒ අයගේ ආතල් ගන්න ලියලා දීලා තියෙන්නේ...
තවත් මර්වින් කෙනෙක්... මෙයා හරියට මර්වින්, මුතුහෙට්ටිගම වගේ...
මෙහි අැති අැත්ත තත්වය ගැන කතා කරනවා නම් දැනට අනුලා ඒකේ ඉන්න විදුහල්පතිතුමිය සුදුසුකම් නැති තැනැත්තියක් වන අතර... සිසුවියන්ගෙන් මුදල් ගරාගන්න නොයෙකුත් අැඳුම් ටීෂර්ට් අාදිය විකුණමින් බොහෝ දේ කරමින් තම අාධිපාත්යය පතුරවමින් සිටින්නියකි..
එය කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකි. මෙම බාලිකා විදුහලේ නම හෙළ රජදවස විසූ සුප්‍රසිද්ධ දේවියකගේ නමට සමානය. අතීතයේ සිට කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියූ මෙම විදුහලේ වර්තමාන තත්ත්වය එතරම් සුබදායක එකක් නොවේ. ඒ විෂය භාර ඇමැතිගේ අතගැසීම් සහ විදුහල්පතිනියගේ සමහර කි‍්‍රයාකාරකම් නිසාය. මෙම විදුහල ශිෂ්‍යාවෝ 4500කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙරට ප්‍රසිද්ධ බෞද්ධ විදුහලකි. එමනිසා මෙම විදුහලේ විදුහල්පතිනිය විය හැක්කේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ සිටින අයකුට පමණි. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම අධ්‍යාපන ඇමැතිවරයා මෙහි සිටි විදුහල්පතිනියව කිසිම හේතුවක් නොමැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංචිතයට මාරුකර යැව්වේය. ඉන්පසු එම විදුහලට තමන්ට හිතවත් අඩු සුදුසුකම් ඇති විදුහල්පතිනියක් පත් කළේය. එම වැඩබලන විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ අයෙකි. එවැනි අයෙක් කිසිසේත්ම මෙවැනි විදුහලක විදුහල්පති තනතුරට සුදුසු නොවේ. එහෙත් එම විදුහල්පතිනිය පවසන පරිදි ඇය අධ්‍යාපන ඇමැතිවරයාගේ ඥාති සොහොයුරියකි.
නුසුදුස්සන් විසින් නුසුදුස්සන් පත් කිරීමේ පල විපාකයි මේ