(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අවුරුදු අටක් තිස්සේ ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ පිළිබඳව ඉක්මණින් සොයා බලා ස්ථිර විදුහල්පතිවරයකු පත්කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමා ගිය සතියේ තර්ස්ටන් විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වූ බවත් එම විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු අවුරුදු අටක් තිස්සේ නැති බව එහිදී දැනගන්නට ලැබුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ජනාධිපති කියනකං අදාළ නිලධාරීන්ට පෙනුනෙ නැද්ද?
අකිල අනිත් පාක්ෂිකයන්ගෙන් පලි ගන්නවා විතරයිද?.... ඔය ලොකු ඉස්කෝලවල ඒකාධිපති වියරුව නැති කරන්න. විදුහල්පති විතරක් නෙමේ ඔය ඉස්කෝල කන විදුහල්පතිට කඩේ යන ගුරු හොරු ටිකක් ඉන්නවා හැම ඉස්කෝලෙම. ඔන්න ඒ අය මාරු කරලා දාන්න. එන එන විදුහල්පති නමම ගන්න දෙවැනි තුන් වැනි පෙළක් ඉන්නවා. ඔන්න ඕකුන්ව මාරු කරන්න. ඒ අය බොහොම භයානකයි...
ඔය අවුරුදු 8න් 4ක්ම ඔබතුමා නේද ජනාධිපති?
ජනාධිපතිවරයෙකුගේ රස්සාව මොකද්ද? "රටේ කිසිදෙයක් කෙරෙන්නේ නැහැ.. ලිපි ගොනු කිසිදෙයක් මට දෙන්නේ නැහැ. මගේ කන්තෝරුවේ තියෙන්න ඕනෑ ලිපිගොනු සේරම අගමැති උස්සන් ගිහිල්ලා, කරන කිසි වැඩක් ගැන මට කියන්නේ නැහැ.." වගේ ආඩපාලි කියා කියා නහයෙන් අඬන එකද?
අහවලා ආවොත් පැයක්වත් ධුරයේ ඉන්නේ නැහැ කීවා නේද? සමහර දිවිය තලවල පැයක් කියන්නේ මාස ගණනක් වගේලු.. මෙයා ඒ විධියට ගණන් බලලා ධුරයෙන් අයින්වෙන්න ඉන්නවද කොහෙද? මොහු අද එකක් කියා හෙට තවෙකක් කියන කෙනෙක්නේ ...
බොහෝ පාසල් වල ඔය තත්වය තමයි තියෙන්නේ. නාවිකයෙක් නැති නැවක් වගේ ඔහේ යනවා. ඇත්ත තත්වය ඕකයි