(රංජන් කස්තුරි )
තෛයිපොන්ගල් උත්සවය වෙනුවෙන් රට පුරා දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීම සම්බන්ධයෙන් ආණුඩුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
තෛයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මීට පෙර මෙවැනි නිවාඩුවක් ලබා දී නොමැති හෙයින් උතුර,නැගෙනහිර සහ මධ්‍යම යන පළාත්වල ආණුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශ අතර ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ෙතෛයිපොන්ගල් නිමිත්තෙන් සඳුදා ( 14) උතුරු පළාතේ සියලු පාසල් වසා දමන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා එම පළාත් ලේකම්වරයාට නියෝග කර තිබු අතර එවැන්නැක් කිරීමට පෙර රේඛිය අමාත්‍යංශයේ කිසිදු විමසීමක් කර නැතැයිද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ බලතල සහ සීමා මායීම් ගැන අවබෝධයක් නොමැති අය තනතුරු වලට දැම්මහම ඔහොම වෙනවා. මෙයාට බලතල නැතුව ඇති ජාතික පාසල් වලට නියෝග දෙන්න.
මෙයාට වඩා ඉහල තනතුරු වල අයත් සීමා මායීම් ගැන අවබෝධයක් නොමැති ලෙස වැඩ කරනවා නේද මේ රටේ??
තෛයිපොන්ගල් දිනය රජයේ නිවාඩු දිනයක් නොවෙයිද?
බල්ලගේ වැඩේ පොල් බූරුවෙක් කරනවා කියන සිංහල කියමන මතක් වෙනවා නේද? ඊට පස්සේ බූරුවා හත්පොලේ ගා ගන්නවා. වරදවා හිතන්න එපා... මම ආණ්ඩුකාර උතුමාණන්ට මොකක් හරි කීවේ නැත.
එහෙම කියලා මෙයාගේ වැරැද්ද නිශ්ප්‍රභා කරන්න බැහැ. පුතා හොරකමක් කළාම තාත්තත් හොරකම් කරනවා කියල පුතාට ගැලවුමක් තිබෙනවාද?
ඔන්න අපි බලය බෙදා ගන්න යන මහත්තුරුන්ගේ තරම ජාතින් වශයෙන් හෝ ආගම් වශයෙන් පදනම්ව බලතල බෙදීමේ පලවිපාක ඉක්මනින්ම මේ රට අවබෝධ කර ගනීවි. පළමුව කල යුත්තේ පළාත් මායිම් එකම ජාතී හෝ ආගම් බහුතරයක් ඇති නොවන ආකාරයට නිර්ණය කිරීමයි. දෙවනුව බලතල බෙදිය යුතුයි. එවිට එක් ශ්‍රී ලංකික ජාතියක් ඇතිවේවි..!!!