දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු හා නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම නතර කළ යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
එම පළාත්වල සිදුකෙරෙන බෞද්ධාගමීකරණය නතර කර ගැනීම සඳහා තමා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියයි.
දේශපාලන වුවමනා එපාකම් මත මෙවැනි කටයුතුවල යෙදෙන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට ද තමා අපේක්ෂා කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඒ බව ප්‍රකාශකර ඇත.
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේ ද පවසා තිබේ.
“දේශපාලනික වුවමනා එපාකම්වලට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධාගමීකරණයක් සිදුවෙමින් තිබෙනවා. එසේ කිරීම බුදු දහමට පටහැනියි. ඒ වගේම ප්රජාතන්ත්ර විරෝධීයි. එසේ කරන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් වේවි.
උතුරේ පළාතේ ආණ්ඩුකාරවරයා විදියට විතරක් නොවෙයි. දෙමළ ජාතිකයකු විදියට විතරක් නොවෙයි, බෞද්ධ දර්ශනය පිළිපදින ඊට ගෞරව කරන කෙනෙක් විදියට වෙන දේවල් හරියි කියන්න බැහැ. මම ඒ ගැන අවධානය යොමු කරනවා.
ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදු දහමේ මූලික කරුණුයි.
එම නිසා දේශපාලන වුවමනා එපාකම් නිසා උතුරු පළාතේ කෙරෙන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි. එය නවත්වන්න අපට බැහැ.
දේශපාලන වුවමනා එපාකම් මත කරන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. අපි මේවාට විරුද්ධ විය යුතුයි. මිනිස්සු තමන්ගේ ප්‍රජාතනත්්‍රවාදී නොවන ක්‍රියාකාරකම් සඟවාගන්න යන අඳුරුතම තැන ආගම කියලා අපි දන්නවා.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලහත්කාරයෙන් තැන් තැන්වල ඉදිකරන මුස්ලිම් පල්ලිත් වහා තහනම් කිරීම කල යුතුයි. අනික ඔය ආණ්ඩුකාරවරයා දන්නේ නැද්ද උතුරු නැගෙනහිර පළාත් වලත් අතීතයෙ බෞද්ධ සංස්කෘතික උරුමයන් තිබුණු බව.
හැමෝම එන්නේ සිංහල ජාතිය, බෞද්ධකම නැතිකරන්න. මේ අපේ හෙළබිම... ඒක කවුරුත් මතක් කරගන්න.
උතුරු නැගෙනහිර සිංහල ජනාවාස සහ හමුදා කදවුරු තිබෙනවානම් කියන්නේ ඇයි. තියනවා කියල දන්නේ නැද්ද ? එහෙම තියෙන ජන සමාජ වලට අවශ්‍ය පෞද්ගලික ආගමික ස්ථාන නෙමෙයි පොදු ආගමික ස්ථාන
ලංකාව බෞද්ධ රටක්. ගැමුණු රජු මේ රට එක්සේසත් කරේ බෞද්ධාගම මුළු ලක්ද්විපයේම ප්‍රචලිත කරන්නයි. මේ මිනිස්සුන්ට බෑ බෞද්ධාගම උතුරෙන් එලවන්න. දෙමළ ජාතිකයන් 13 වැනි සියවසේ ඉන්දියාවෙන් ඇවිත් බලෙන් ලංකාවේ උතුරු පලාත අල්ලගෙන රාජධානි හැදුවට උතුර දෙමළ ජාතිකයන්ගේ වෙන්නේ නෑ. 13 වෙනි සියවසට කලින් උතුර නෙවෙයි, ලංකාවම සිංහල බෞද්ධයන්ගේ. ඔච්චර ලොකු තමිල් නාඩුවක් තියාගෙන මේ පුංචි රටමනේ අල්ලන්න එන්නේ.
ඊලගට කියයි සියලුම බෞද්ධ ඉදිකිරීම් අයීන් කරන්නත් කියලා.
යාපනෙ විතරක් නොව බුදු දහම මුලු රටෙම ව්‍යාප්ත වෙලා තිබු බව මොහුට අමතකය. බුදුදර්ශනය මුලු මහත් සමාජයක උන්නතියට ඉවහල් වන බව මේ අලුත් ආණ්ඩුකාරයාව දැනුවත් කල යුතුය.
හිටංගෙ කට්ටිය පත්කරලා වගේ. මම මේ අැහැව්වමයි බලෙන් බුද්ධාගම පතුරුවන කථාවක් එනඑක මැන්ටල්ලා පත් කරපුවාම ඔහොම තමයි.. මහින්ද මහත්තයාටත් පිස්සු හිටං එක්ක එකතු වෙච්ච එක පිස්සෙක්ට රට කරන්න බැහැනේ...
පෞරාණික ශ්‍රී ලාංකික සංස්කෘතියන් අඩංගු නටබුන් නැවත මතුකරගැනීම සංහිඳියාවට බාධාවක්ද, ජාතික අපරාධයක්ද?
ආණ්ඩුකාරවරු බුද්ධාගමට හීන් නුලෙන් වැඩේ දෙනවා නේද
රේජිනොල්ඩ් කුරේ මහත්තය අයින් කරේ මේ නිසාද
අතීතයේ බෞද්ධ සංස්කෘතික උරුමයන් තිබුණා කියලා බලහත්කාරයෙන් මොනම දෙයක්වත් නොකළ යුතුයි. කරන දෙයක් හැම දෙනාටම පිළිගන්න පුළුවන් විදියට කළ යුතුයි.
එහෙනම් පල ඉන්දියාවටම... මේක සිංහල බෞද්ධ රටක්.. ඊ ළඟට ගහන්නේ, එළවන්නේ ඔය වගේ අදහස් දරන අයයි. මේක සිංහල රටක්...
උතුරු, නැගෙනහිර විතරක් නොවෙයි, මුළු ලංකාවේම අනවශ්‍ය විදියට බුද්ධාගම පැතිරවීම කරන එක සහ අනිත් ආගම වලට හානි කරන එක වහාම නැවැත්විය යුතුයි. ඒ පිළිබද බලතල ජනාධිපතිට නැතුව අගමැතිට දිය යුතුයි.
ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබෙන බව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. එම නිසා දකුණේ කෝවිල් දේවාල තිබෙනවා වගේ උතුරේත් බුදු පිළිම පන්සල් තිබෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා... ආණ්ඩුකාරයා ඇතුළු සියලුම නිලධාරීන් රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළයුතුය... සමහරු විනෝදෙට, ජනප්‍රිය වෙන්න සහ දේශපාලන බලය ලබාගැනීම වැනි පටු අරමුණු ඉටු කරගන්න ව්‍යවස්ථාව කඩන එක දැන් මෝස්තරයක් කරගෙන, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මෙවැනි ප්‍රකාශ කරන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණවිය යුතුය.
ආණ්ඩුකාරවරයා , නියෝජනය කරන්නේ රටේ ජනාධිපති ද? නැතිනම්... ජනාධිපති විසින්ම මෙම ප්‍රකාශය පැහැදිලි කලොත් හොඳ නැද්ද?
බුද්ධ යනු විෂ්ණුගේ අවතාරයක් බව හින්දූන්ගේ විශ්වාසයයි!
මෙතුමාගේ කතාවේ වැදගත්ම කොටස: "ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදුදහමේ මූලික කරුණුයි."
එහෙනම් දකුණේත් අලුතින් කෝවිල් හදන්න එන්න එපා හොඳේ. නැත්නම් අර රූපේ මතුවුණා, මේ රූපේ මතුවුණා කියලා කෝවිල් හදන්න එයි.
කවුද මෙයාව පත් කලේ ?
මදැයි කලා. මේ වගේ මිනිස්සුන්ට පත්වීම් දෙන කොට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. කොහෙද පනින රිලවුන්ට ඉනිමන් තිබ්බනේ.
ආණ්ඩුකාරවරු පත්කරන්නේ ආණ්ඩුව. එයාලගේ වැඩ, කෙරුවාව ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුකාරවරයා. එතකොට මෙතන ආණ්ඩුකාරයාගේ ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ආණ්ඩුවේ අභිමතාර්ථ ඉටුකරන්න දාපු කෙනෙක් නේ, ආණ්ඩුවයි මේකට වැරදි.
"සහජීවනය රෙද්ද පල්ලෙන් බේරීම"... එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි...
මහලොකුවට බුද්ධාගම ඔලුව උඩ තියන් ඡන්ද කරන අපේ නායකයෝ අග්රාණ්ඩුකාරයින් පත්කරලා බුද්ධාගම නැති කරන්නයි හදන්නේ...
ඔය රාගවන් කියන මිනිහාව අයින් කරලා දැම්මනං ජාතිවාදි ත්‍රස්තවාදියෙක් ඉවරයි.
පළමුව හැම අඳබාලයෙක්ම ලංකාවේ ඉතිහාසය දැනගතයුතුයි. සිංහල බෞද්ධ රටක ඉතා නිදහසෙන් වෙසෙන හැම මානවයෙක්ම සිංහල, බෞද්ධ සිරසට පහරන්නට වෙරදරන එක නතරකළ යුතුයි. මෙවැනි ප්‍රකාශවලට වගකිව යුත්තේ එම අඳබාලයින් එතැනට ඔසවා තැබූවන්මය.
බෙදුණු සිංහලයින්ට නියම කනේ පාර. දැන් වත් රට ජාතිය නැතිකරන පර දේශපාලකයන් පස්සේ යන එක නවත්වන්න...
ලක්ෂ 62 ප්‍රාර්ථනය මේ රටේ බෞද්ධ සංස්කෘතිය නැති කරන එකනෙ. ලක්ෂ 62 ඔබට සතුටුයි නේද දැන්.
මෙයා ජාති, ආගම් ආලයෙන් මොරදෙන මරාගේ සහ හිටන් ගේ ගෝලයෙක් නේ? හිටන් ගේ ඡන්ද ටික මෙන්න නැති කරනවා ..!!!!
අපි දැනගන්න කැමතියි ජනාදිපතිතුමාගේ ස්ථාවරය. ඔහු තම මතය රටට ප්‍රකාශ කල යුතුයි. ඉදිරි කාලයේදී හමුදා කඳවුරු ඉවත් කරන්නත් කියන්න පුළුවන්...
උතුරු-නැගෙනහිර වෙන කතෝලිකකරණය කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙ 1981දී තිබුණු කතෝලික පල්ලි ගානයි දැන් 2019 දී තියෙන කතෝලික පල්ලි ගානයි බැලුවොත් වෙනස පෙන්නයි. ඇත්තටම හින්දු ජනතාව ටික ටික කතෝලික වීගෙන එනවා.
රටේ සාමයට කැමැත්තක් නැති ...උපන් රටට ආදරයක් නැති ...අයෙක්...
ආණ්ඩුකාරවරු නියෝජනය කරන්නේ ආණ්ඩුව විතරක් නොවෙයි. එම පිරිස කෙලින්ම වග කියන්න ඕනේ ගරු ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා විසින් මෙම පත්වීම් දෙන්නේ එතුමාට විශ්වාස පිරිසටයි. ආණ්ඩුකාරවරු පළාතේ නියෝජනය කරන්නේ ජනාධිපතිතුමාවයි.
මේ ආණ්ඩුකාරයා ළඟම එන ව්‍යවස්ථා පෙරහරේ කසකාරයාය. කසේ ශබ්දෙන් ව්‍යවස්ථාවේ තිබෙනදේ, කොළ පාට රතුපාට පමණක් පෙනෙන වර්ණඅන්ධයින්ට වඩා, අපිට පෙනේ.
එක ගෝතයෙක් යනකොට තවකෙක් පටන් අරගෙන වගේ කොරේ පිටට මරේ...
අපිට මොන සංස්කෘතියක්ද හලෝ රනිල් ඉන්නවා නම්... එයාට සංස්කෘතිවලින් වැඩක් නැහැ. ආජිතපර ලායිලා... බීජි තපර ලායිලා...
2500 කල් ලංකාවේ තිබුනේ එකම රාජ්ජයයි.එය බොදු රජයක්.විටින් විට ආක්රමනිකයින් පැමිණ සිටියත් හැමවිටම ගහල එලවුව.එකයි සත්‍ය ඉතිහාසය.