ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් සමඟ අද (13) මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට ලැහැස්ති වුණත් වැඩක් නැහැ. 4%ක්නේ තියෙන්නේ...
මේ නිකන් ආවට ගියාට කියන කතා.
මොනවා කළත් ලබන සැරේ ජනාධිපති වරණයට ඉල්ලුවොත් ඔබතුමා පරදිනවා. ඔබතුමා සභාපතිකම දරන පක්ෂෙට තිබෙන්නේ 4%, ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට එන්නත් 4% මදි
මෙතුමා මීට වඩා බොහෝ දේවල් කරන්නනේ වැඩකරේ... නීතියට හා ව්‍යවස්ථාවට පටහැනිව. ඒවා ඔක්කොම ගඟේ ගියා... පාර්ලිමේන්තුවේ බහුතර බලය කියන දේයි පිළිගන්නට වෙන්නේ. අනිත් අය ඡන්දෙට බයයි කීවාට මෙතුමාත් ජනාධිපති ඡන්දයට බයයි වගේ පේන්නේ. කොහොම වුනත් රටට ප්‍රථමව අවශ්‍ය ජනපතිවරණයක්... නැතිනම් මෙතුමා ආයෙත් රට අවුල් කරනවා. ජනතාව කැමති නව ජනපතිවරයෙක් පත්කර ගන්න ජනතාවට නිදහස තිබිය යුතුයි.
මැතිවරණ, මැතිවරණ, අනේ ඉතින් මෙයාගේ කටේ ඔය වචනේමයි තියෙන්නේ.. වෙන වචන එන්නේ නැහැ... අනේ අපේ සල්ලි ..
දැන් පැහැදිලි ඔක්තොබර් කුමන්ත්‍රනේ අැත්තක් කියලා. මෙතුමා වගේ රට කාපු නායකයෙක් තවත් නෑ. එ්ක නිසා අපිට මුලින්ම ඕන සැබෑ ජනනායකයෙක්....
ඒක නුවණට හුරුයි.