( නාලක සංජීව දහනායක)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (14) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා කිට්ටුවෙන්ම සිටින අය බැවින් ඔවුන් සමඟ ගමනක් යෑම අපහසු නොවන බවද මන්ත්‍රීවරයා කීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා එකතුවී රට ඉල්ලන අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳත් ඕනේ, රැවුලත් ඕනේ. මුලින්ම ඇමරිකානු පුරවැසි භාවය අයින් කරගන්න එපායි. තවද ඉදිරියේදී නඩු තීන්දුවල් කොහොම වේවිද?
රත්තරන් වචන ටික.
රත්තරන්ද දැන් රටේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ? අනේ රටට ගිය කලක්..!
අපි රත්තරන්ව අඳුනන්නේ කළුතර පැත්තේ කෝච්චියේ යන කාලේ ඉඳලා.
මම යූඑන්පී වුණත් මම ගෝඨාට වෝට් එක දෙනවා.
මම නම් හිතන්නේ නැහැ ගෝඨාභය මහත්තයා මේ රත්තරන් මනුස්සයා වාගේ අයව තම දේශපාලන ගමනට ගාවාගනියි කියලවත්...
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැහැ කියලා කියන ගමන් පොහොට්ටුව දිනවන්න වැඩ කරනවා. මේක වංචාවක් කියලා හිතෙන්නේ මට විතරද?
මේ රත්තරන් ප්‍රකාශය දැක්ක ගමන් ගොඨාභය මහත්මයාට මළපනියි. මොකද එතුමා වියත්මඟ වැනි වැඩසටහන් මගින් තම දේශපාලන ගමනට තෝරාගෙන තියෙන්නේ යම් උගත් පන්තියක පිරිසක් මිසක් මේ වගේ ඉතිහාසගත මිනිස්සු නෙවෙයි.
විලි ලැජ්ජයි ..
ගෝඨාභය සර් රත්තරන් චේන් නැතුව දේශපාලනයට එන තරමට හොඳයි වගේ...මේ වගේ අය නම් එතුමාට එන්න කියන්නේ.
රත්තරන් මන්ත්‍රී තුමෝ ,ඔබ කියන විදියට ඔබ පක්ෂ දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රී ...?
අයියෝ... ආයත් මේ අයමද ජනාධිපති අපේක්ෂකයන්ව ලෝකෙට හඳුන්වලා දෙන්නේ? පව් ගෝඨාභය මහත්තයා...!