(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියෙන් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කළේය.
එම කෘතිය ප්‍රසිද්ධියට පත් කිරිම ද තහනම් කරන ලදී.
මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරිම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ට්‍රිල්වින් සිල්වා මහතා මෙම නඩුව පවරා තිබිණි.
දිර්ඝ නඩු විභාගයට පසු තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටෝරුවා හැම ගහක්ම කොටනවා. දැන් කෙසෙල් ගහටත් කොටනවා.
දැන් රුපියල් 100 ගානේ හිඟාකයි
පහුගිය කාලේ හොරා කාපු සල්ලි කෝටි ගණන් තියෙනවා.
උගත්කම නැතුව එහෙත් එය තියෙන බව රටට පේන්න නැති උගත්කමක් ඔලුවට ආරුඩ කරගෙන සිටින සමහර දෙනාට මෙය හොඳ ආදර්ශයක්...බුද්ධිමය දේපල පනතවත් නොදැනයි මොවුන් ලේඛන කලාවට බැහැලා තියෙන්නේ. නීතිය ගැන අල්ප මාත්‍රයක් හෝ නොදන්නා මෙවැන්නන් ගැන හැබෑ තතු හෙලිකිරීම ගැන ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය... අතීතයේ මෙහෙම අය තමයි අගවිනිසුරුවරුන් ගැන තීන්දු තීරණ ගත්තේ. දෙවියන්ට පින් සිදුවෙන්නට මොවුන්ගේ රෙදි දැන් දැන් ගැලවෙන හැටි හරිම පුදුමයි නේද?
මෙයින් ඔප්පු වී ඇත්තේ පොතේ ලියපු දේවල් ඇත්ත කියන එකයි. කෝටියක් ගෙවලා හරි ජවිපෙ හෙළුව පෙන්නුවට අපේ උත්තමාචාරය! ජවිපෙ කියන්නේ ජනතා ව්‍යාපාරයක් නොව වෙළඳ ව්‍යාපාරයක් බව මින් පැහැදිලි වේ...
අමාරුවෙන් රැස් කළ මුදල් මෙලෙස දුන්නම මොකද වෙන්නේ? තම දරුවන්ට කන්න දෙන්නවත් මුදල් නැති වෙනවා. එතකොට මෙතුමාගේ දරුවන් නැවතත් මානසිකව වැටෙනවා. ඒ නිසා මෙතුමාව නිදොස් කොට නිදහස් කරනවා.
තුන්මුල්ලේ විමලේ සහෝදරයාට ඔය රුපියල් මිලියන 10 ක වන්දිය සොච්චමක්නේ ! ඇමති පට්ටමෙන් හම්බ කරගත් "චූටි" කොටසක් තමන්ගේ පැරණි සගයෙකුට දුන්නා කියල එයාගේ ධන උල්පත හිඳෙන්නේ නැහැනේ. ඕක ගෙවලා දාල කතාව ටිකක් වෙනස් කරලා වෙන පොතක් එලි දක්වන්නකෝ..!
නීතිය නීතියක් ලෙස ඉටුවීම විශිෂ්ඨයි. විමල් කියන්නේ සියලුම දෙනාට අපහාස කරන කනෙක්. කවදා හෝ මෙවන් දඬුවම් ඔහුට ලැබිය යුතුමයි.
පොතේ ඇති දේ ඇත්ත කියලා නේද මේ කියන්නේ...? දෙයියෝ සාක්කි!
මෙයා අනාගන්න එක ඇනගන්න, නාගන්න එක ඉවරයක් නැහැනේ...
ගිහින් හඳහන බලාගන්න..
දැන් කියයි මේක බටහිර බලවේග වල කුමන්ත්‍රණයක් කියලා. නම් වෙනස් කරන් හොර උප්පැන්න හදලා හොර පාස්පොර්ට් හදලා මදිවට හොරට පොතුත් ගහලා. බලන් ගියාම හිරේ ඉන්න ඕන කෙනෙක් තාම එළියේ...
කූඩල්ලා කෝට්ටේ උඩ තියන්න බැරුවා සේ හොරාට පුරුදු හොරකමමයි.
කෝටි පනහට වෙන්දෙසිවෙන අපේ මැති ඇමැතිලට මේවා සිල්ලර...
බොහොම හොඳයි. එ්ක නෙවෙයි, අර මහබැංකුව හොරා කාපු එකට මොකද වුනේ? ඒවාටත් නඩු තීන්දුවක් ගන්න බැලුවොත් මොකද?
ඉපදුණු දා සිට බොරුව අපහාස විඳි මිනිස්සුන්ට කරන්නේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් දැන් ඒවට ගෙවන්න තමයි තියෙන්නේ..
නන්දලාල්, හෙට අනිද්දාට " හොර පාස්පෝට්" කේස් එකත් ඔප්පු වෙලා, ප්‍රජා අයිතියත් අහිමි වුණාම ඔය කියන තරම් ලේසියෙන් ගොඩ යන්න බැරි වේවි...!!!
ඉදිරි මැතිවරණ වියහියදම් වෙනුවෙන් රුපියල් කෝටියක්ම ප්රදානය කර සහයෝගය දැක්වීම ගැන ජවිපෙ විමලේට ස්තුති කළ යුතුයි.
මේ විදිහට හරි ඒ කාලේ අසාධාරණයෙන් යටිමඩි ගහපු මේ මුදල් කාබාසිනියා වීම ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා.
වහලුන් ගොඩ දෙනෙක් දකින්නේ පොතේ තිබෙන දේ ගැන. මේ නඩුව දැම්මේ ඒ පොත ලියන්න ජවිපෙ ලිපිගොනු හොරෙන් අරන් ඒවා භාවිතා කළා කියන වරදට... අනුන්ගේ දෙයක් හරි වුණත්, වැරදි වුණත් අවසරයකින් තොරව භාවිතා කළ නොහැකියි. නඩු තීන්දුව ඒ ගැනයි මේකෙ සමහරුන්ගෙ අදහස් දැක්කම මේ වගෙ අය පාර්ලිමේන්තු ගිය එක ගැන පුදුමයක් නෑ..
බුද්ධිමය දේපලක් වන්න එය ලියාපදිංචි විය යුතුය..
ඒක නේ ඔච්චර පොරක් දමලා මරා-සිරා යුගල හදපු හඳපානේ යුග දිවියේ ප්‍රධාන චරිතයක් ලබා ගත්තා මදිවාට ඉදිරිපෙළේ අසුනකුත් ලබාගෙන උසස් බලාපොරොත්තු රැසක් තබාගත්තේ මේ තුන්මුල්ලේ වීරයා...!
පහුගිය කාලෙ පුරාවටම හම්බ කළානේ.. දැන් ගෙවන්න.
මිලියන 10 ගෙව්වොත්, එ්කට සල්ලි හොයාගත්ත විදිහත් හෙව්වා නම් තමයි හොඳ...
කාලෙකට පස්සේ ලැබුණු ඉස්තරම් ප්‍රවෘත්තියක්...! බොහොම සන්තෝසයි..!
විමල්ගේ තියෙන්නේ කටේ සද්දේ විතරයි. වැඩ බින්දුවයි.
පාස්පෝට් නඩුව හරි හැටි විභාග කළානම් මේ දඩ මුදල ගෙවන්න වෙන්නේ හිරේ ඉඳන්... රටේ සිවිල් නීතියවත් දන්නේ නැතිව බඩගෝස්තරය සොයාගන්න දේශපාලනයට එනකොට මෙහෙම දේවල් වෙනවා...
මට සමාවෙන්න.. මේ කුලේ වැරැද්දක්ද මං දන්නෑ. පාස්පෝට් එක අද හොරට ගෑනිට පාස්පෝට් අයිඩින්ටි කාඩ් ඔක්කොම හොරට හැදුවා.. කෝටි ගණන් ගෙවල් යාන වාහන ගත්තු පට්ට ගේම් ටිකක්... ලැජ්ජා නැද්ද නැත්නම් බයියන්ට ලැජ්ජා නැද්ද?
පොතේ තියෙන කරුණු ඇත්ත වුනත් බොරු වුනත් අනුන් සතු ලියකියවිලි සොරකම් කර පොත් පළකිරීම වරදක් බව නොදන්නා පිරිසක් තමයි විමල් වෙනුවෙන් මේකෙත් පෙනී ඉන්නේ
ආ දැන් ඊළඟට කියාවි පියාට අතේ තිබුන මුදල් නැතිවී යාම නිසා දරුවන් මානසිකව වැටිලා. එම නිසා නිදොස් කොට නිදහස් කරන්න කියලා. ලැජ්ජයි ! අඩු ගානේ තමන්ගේ දරුවන්ව වත් මේ ජරා දේශපාලන මඩ වලේ නොදමා ඉන්නවා නම් ලොකු දෙයක්...