(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කළ බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.
සංසදය රැස්වූ අවස්ථාවේ තමා විසින් මෙම යෝජනාව සිදු කළ බවත් එම යෝජනාවට ඒකමතිකව කැමැත්ත පල කළ බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.
ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමටද තීරණය කරන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය නොදීමට තීරණය කලේ ඔබ පමණක් නොවෙයි. 2015 ජනවාරි 08 දා, එජාපයට පින්සිද්ද වෙන්න උඩට ගොඩවීම සඳහා සිරිසේන ජනපතිට ඡන්ද ලක්ෂ 62ක් ලැබුනත්, මීළඟ ඡන්දෙදි ඒකෙන් කොටසක්වත් නොලැබෙන බව සහතිකයි..! වසර 4ක් තිස්සේ එයාගේ වැඩ කටයුතු දැක පුරුදු පක්ෂ නායකයන් එයාට තම පක්ෂයෙන් ජනාධිපති නාම යෝජනා දුන්නොත්, එය එම පක්ෂයේ සිය දිවි නසාගැනීමක් බව අවබෝධ කරගෙන ඇත ! යලිත් වරක් ජනාධිපතිකමට ඒමට ලොල්කමක් තිබේනම් "මීහරකා " ලකුණින් ඉල්ලුවොත් පොලොන්නරුව පළාතේ මීහරක් සමහරවිට රංචු පිටින් ඇවිත් මෙයාට සපෝර්ට් කරන්න හෝ නොකරන්න පුළුවන්. දැන් කලේ උන්ටත් මොලේ ටිකක් තියෙන නිසයි එහෙම කියන්නේ !
මෝඩකමේ උපරිමේ ඉන්නේ. මේ වෙලාවේ ඕකද කරන්න තියෙන්නේ? මේ වගේ මෝඩ තීරණ නිසා වාසි වෙන්නේ කාටද කියලවත් තේරුම් ගන්න මොළයක් නෑ.
ඔබගේ සහය නැතිවුණාට මට ඕනෑතරම් මිනිස්සු ඉන්න බව හොඳින් දැනගන්න ප්‍රමිත පුතේ. ඡන්දෙන් පස්සේ මාව හොයාගෙන අපේ කුස්සිය පැත්තෙන් එනවා හෙම නොවෙයි...හිටන්.
මල්ලියේ මේ ඔහෙටත් එක්ක කියන්නේ. මොකට සහය දුන්නත් කමක් නැහැ මවුබිම විනාශ කරන අවජාතකයින්ට නම් සහය දීලා " අඹුදරුවන්වත් අපාගත කරගන්න එපා " හොඳේ.. මේ ඇහුණයේ... මලයට..
ප්‍රතිපත්තියක් නැති සිරිට සහයෝගය ඉස්සරහට නැත්තටම නැති වෙනවා. අනික ඔය පාර්ලිමේන්තුවේ පොහොට්ටු කණ්ඩායමට අර ලිව්ම ලැබුණු නිසා ඉස්සරහට ඔවුන් කොහොමත් සිරිව ගනන් ගන්න එකක් නෑ...
ලංකාවේ බොහෝදෙනෙක් බලන් ඉන්නේ මිනිහා ජනාධිපතිවරණයට ඉල්ලනකම්... කළගුණ සලකන්න.
අනේ එහෙම කරන්න එපා අප්පෝ.. තමුන්නැහේගේ සහය නැතුව කොහොමද ලොක්කා ගොඩඑන්නේ...? අනේ කොහොම හරි සහය දෙන්න...
ඔබේ ආදරණීය පියාණන් හැඬූ කඳුලින් කියූ කතා මට මතක් වේ..
එකම බලාපොරොත්තුව ඝෝඨාභය රාජපක්ෂ...
අපේ එකම පැතුම නාගානන්ද සහ රොහාන් පල්ලෙවත්ත...!!!
ගෝඨාභය හෝ මහින්ද සහය දක්වන කවුරුන් වුවත් සුළු ජන සහය නොමැතිව ජයග්‍රහණය කළ නොහැක. ජාතිවාදීන් දැනගතයුතු කටුක සත්‍ය එයයි. මැදගොඩ නිකාය, වීරවංශ ගම්මන්පිල පිරිස සිටිනතාක් පොදු අපේක්ෂකයෙකුට වාසි සහගතය. අනෙක් අතින් මෙම කාලය තුළ මහින්ද ලා අමුතු ලකුණක් රැස්කර නැත. මෙවුන්ව කළ වැරදි සියල්ල මහින්ද පාලන කාලයේ ද කර අැත. වහලුන් සේ පසු පස යන ජන කොටසක් සහ සාරධර්ම නොදන්නා මාධ්‍ය වාසිය පමණක් මහින්ද කල්ලියට අැත.
ඒ කිව්වට ඡන්දෙ කාලෙට ඒ පැත්තෙන් වැඩිපුර දුන්නොත්?
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙම වාමාංශිකයන් පවා දුන් කෙනෙකුට අපි කවදාවත් ඡන්දෙ දෙන්නේ නෑ.....
එතකොට ඔය පොහොට්ටු ලොක්කා අපේ රටේ දේපල විදේශිකයිනට වික්කේම නැද්ද?
රට විදේශිකයින්ට වික්ක එකම නායකයා තමයි. කොච්චර වලිකෑවත් ඊළඟ ජනපතිවරණය දිනන්නේ එ.ජා.පෙ. අපේක්ෂකයායි. මධ්‍යස්ථ ජනතාව 90%ක් සිරිසේන - මහින්ද විරෝධියි.
මාතෘ භූමියේ ඉඩම් අක්කර දාහත්දාහක් සහ හමුදා මූලස්ථානය සින්නක්කරම පරදේශක්කාරයින්ට විකුණලා බොරුවෙන් ජනතාව මුලාකරපු නායකයෙකුට ආයේ බලය දෙන්න මේ රටේ බත් කන හරක් නෑ...