(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය පක්‍ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහින්ද රාජපක්‍ෂ මහතාද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ චමල් රාජපක්‍ෂ මහතාද යන්න වැදගත් නැතැයි කී එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු සමඟ ඉදිරියට යා යුතු බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන මහතා වැනි සන්ධානයේ සෙසු පක්‍ෂ නායකයින් එක්ව එම තීරණය ගනු ඇතැයි ද එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
එතෙක් කිසිවෙක් කලබල වීම හෝ අදහස් දැක්වීම නොකළ යුතු බව කී එස්. බී. දිසානායක මහතා එවැනි කතාබස් ඇතිකරගැනීමෙන් සිදුවන්නේ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීම පමණක් බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් දිනපතා උදේ සිට රෑ වන තුරු අපේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රී බව ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් කලබල වී ආරවුලක් ඇතිවීම පමණක් බව කී මන්ත්‍රීවරයා එය ගොඩනගන පුළුල් සන්ධානයට හා ඉදිරි ගමනට අවාසිදායක බව ද කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය ගත් අවස්ථාවේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ආණ්ඩුව සමඟ සිටීමට උත්සාහ කළ බව කී දිසානායක මහතා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට ‘පක්‍ෂයෙන් එ.ජා.පයට යන අයට මෙන්ම පොහොට්ටු පක්‍ෂයට යන අයටත් දඬුවම් කළ යුතුය’ යනුවෙන් හා ‘ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වන බවට මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු විය යුතුය’ යනුවෙන් යෝජනා දෙකක් ගෙනැවිත් ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්කිරීමට උත්සාහ කළ බව ද කීවේය.
එස්. බී. දිසානායක මහතා මේ බව පැවැසුවේ පුංචි බොරැල්ලේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය. තරම් කයිවාරු ගහන්නේ. නැතිව. පුලුවන්නම් ඉදිරිපත් කරන්න. මනුස්ස ජිවිත. ඝාතනය නොකළ, සතයක්වත් සොරකම්. නොකළ පුද්ගලයකු ඔය පක්‍ෂයෙන්
එස් බී. මහත්කතයා රුණාකර ඔබ ශ්‍රිලනිපය හෝ පොදුජන පෙරමුන ගැන කතා නොකරන්න. එසේ කිරීම සඳහා ඔබට සදාචාරමය අයිතියක් නැත. ඔබේ නිහඩ වීම එම පාර්ශවයන් වටා රැස් වූ ජනතාව සඳහාවට ඉතා වැදගත් වේ.
තව කයිවාරුත් ගහනවා.
මෙයා මොනවා කිව්වොත්, දැනටමත් දෙපාර්ශවය අතර ගැටුම් ඇති වෙලා. තවත් මොනවාද? පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයන කැමති නැහැ මෛත්‍රී පාර්ශවයට. මෛත්‍රී පාර්ශවය කැමති නැහැ රාජපක්ෂලාට. වෙල්ගම කැමති නැහැ මහින්ද හැර දෙපාර්ශයටම.
එස්. බී. දිසානායක කියන කතාව නම් හරියටම හරි ! ඒක කියවන විට මට මතක් උනේ ආඬි හත්දෙනා උයපු කැඳ හැලියේ කතාවයි. ඔක්කොම හොරු නිසා හැලියට එකෙක්වත් හාල් ඇටයක්වත් නොදැම්මා වගේම තවම ජනාධිපති අපේක්ෂකයෙක් හොයාගන්න හැමෝම තටමනවා, ඒකයි තිත්ත ඇත්ත. ඉදිරිපත්කරන හැම අපේක්ෂකයෙකුටම ඔහුට එරෙහිව සිටින අනික් අය පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත "පුළුල් සන්ධානයේ" එකිනෙකා අතර කිසිම විශ්වාසයක් නැත. එමෙන්ම එකෙක් අනිකා දෙස බලන්නේ විශාල සැකයකින් මෙන්ම මහ පුටුව "මගේ පක්‍ෂයේ එකාට ලැබිය යුතුය" යන සංකල්පනාවෙනි!
මෙතුමා කියන කිසිම දෙයක් තවම සිද්ධවෙලා නැහැ.
හැංගි හැංගි වෙස් බැන්දට එලියෙනේ නටන්න වෙන්නේ.
ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්ඩ බැරිවෙච්ච අයගෙ කයිවාරු කථා. ලබන ඡන්දෙදිත් මෙයා ඉල්ලුවොත් පැරදි තමා.
රංගේ...රංගේ....මේ මම....ඔයා දැන් එනවා නේද...ඒ කයිවාරු මතකද?