ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරිණි.
පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සභාපති තකෙහිකෝ නාකාඕ මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
අසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
(36698)



(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගිවිසුම් අත්සන් කරනවා , ණය ගන්නවා . රටේ ජනතාව මේවා ගෙවිය යුතුයි කියා ගානක්වත් නැහැ . උකසට තියන්නේ රට කියලා ගානක්වත් නැහැ.
මහත් ගෞරවයෙන් පිලිනොගනීද,නය කාරයෙක් එනඑකට.මෙයත් ගන්නව ඒගොල්ලොත් ගන්නව කවුරු මේවා ගෙවල ඉවර කරය්ද?මේ අය මැරිලා යන දවසෙ රට ඉතියෝපියාවක් වෙලා ඉවරයි .
සංවර්ධනය සඳහා ණය ගන්න එකේ වරදක් නෑ. වරද ඒවා ක්‍රමවත්ව , හොරකන් නොකර යොදා ගැනීමයි....