(ඩයනා උදයංගනී)
මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත.
ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, සම්මානනීය සාමාජිකයින් වන චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, සුරේන් අභය ගුණසේකර, ධර්ම විජය පදනමේ සභාපති සුමේධ අමරසිංහ, තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති කුසුම් බන්දු සමරවික්‍රම, පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති එස්.පී වීරසේකර, ශාසන සේවක සමිතියේ උපසභාපති ආචාර්ය ජයන්ත වත්තේවිදාන, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ සභාපති ජීවනී සුගුණදාස, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී දිසානායක, බෞද්ධ නීතීඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රයේ සභාපතිනි ආචාර්ය හේමා ගුණතිලක, මහාබෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා, කොළඹ ජයග්‍රහණය සංගමයේ සභාපතිති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, දම්රිවි පදනමේ සභාපති සභාපති මහාචාර්ය අසංග තිලකරත්න, බෞද්ධ නීතීඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, කමිටු සම්බන්ධීකාරක පානි වෑවල, සම්මානනීය සාමාජික එච්.ඩබ්ලිව් ආරියවංශ යන ගිහි බෞද්ධ සංගම් නියෝජනය කරන මහත්ම මහත්මීන් ඇතුළු 29 දෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට, ජාතිය වෙනුවෙන් වසර 2500 ජීවනාලිය වශයෙන් කටයුතු කලේ මහා සංඝයායි. විද්වතුන් පෙලගැසුණි. ව්‍යවස්ථා වෙනස්කිරීම ශාසනයට, රටට, ජාතියට විනයක් වීමට හොඳටම ඉඩ ඇත. මහානායක හිමියන් ඇතුළු මහා සංඝයා ඉදිරිපත්වීම ගෞරවයෙන් සලකමු...
බුදුදහමට සහ සිංහල භාෂාවට මුල් තැන දෙන ව්‍යවස්ථාවක් නම් මෙයට මුලින්ම ආශීර්වාදය ගත යුත්තේ මහා සංඝරත්නයෙනුයි. එසේ නොමැතිව බුදුදහමට සහ සිංහල භාෂාවට ප්‍රධාන තැනදෙනවා කියා මාධ්‍යයට පමණක් කියමින් ෆෙඩරල් දීමට කරන ව්‍යවස්ථාව හරියට බුදු පිළිමයක් ඉස්සරහ ගසා ගත් ලොරියක පිටුපස්සේ හොර හරක් පටවාගෙන යනවා වගේ වැඩකි. ශ්‍රී ලාංකිකයිනි, මෙය ගැන දැනුවත් වෙන්න. එය ඔබේ යුතුකමකි.
දැනට සකසා ඇත්තේ විද්වත් කමිටුවේ අදහස් සහිත කෙටුම්පතක් පමණි. මේ අදහස් ව්‍යවස්ථාවක් බවට පත්වීමට පෙර, එය පාර්ලිමේන්තුවේ විවාද කොට ජනමතය විචාරණයක් සඳහා යා යුතුයි. අද බොහෝ ගිහි පැවිදි උදවිය කරන්නේ මේ සකසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් යයි කියා මහජනයා මෝඩයට අන්දමින් දේශපාලන වාසි ලබා ගන්නට තැත් කිරීමයි.
ඔබ වහන්සේලාගේ සෘජු මැදිහත්වීම ගෞරව පූර්වයෙන් පිලිගනිමි! අපට අන්තිම හෝ බලාපොරොත්තුව සංඝරත්නය පමනි! ලෝක පාලක දෙවියනි, බලලෝභයන් රට ජාතිය පාවාදෙන, දේශපාලකයන්ගෙන් ග්‍රි ලංකාව ආරක්ෂා කරගැනීමට සංඝරත්නයට ධෛර්යය දේවා !
පැත්ත ගියත් ඇත්ත කියන පිටිගල අයියා.
මහා සංඝරත්නයේ ආශීර්වාදය පමණක් මදි. අනෙකුත් ආගම් සහ සියලු ජන කොටස් වල ආශීර්වාදය ගත්තොත් නේද හොඳ?
බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවානම් මහා සංඝරත්නයේ ආශිර්වාදය නොමැතිව ව්‍යවස්ථාවක් ගෙනඑන්නේ කෙසේද? රජය පත්කළ ආණ්ඩුකාරයා පන්සල් ඉඳිකරන්න එපා කියන්නේ කෙසේද?
මේ හදලවත් නැති විවස්තාවක් ගැන මහජනතාව මුලා කරලා බොරුවට කෑ මොර ගහන්නේ මොහොට්ටුවේ සහ ශ්‍රී ල නි පක්ෂේ අය විතරමයි. මොකද ජනතාව මුලා කරලා මේක හොද දේශපාලන අවියක් ඉදිරියේ එන ඡන්ද වලට. මේක රටේ මහජනතාව හොදින් අවබෝධ කරගතයුතු දෙයක්. මේ බංකොලොත් පක්ෂ ජාතිවාදය අවුස්සලා බොරදියේ මාළු බානවා.
ඔය මොකුත් කලබල නැතුව ව්‍යවස්ථාවක් හැදීම මහා සංඝරත්නයට භාර දෙන්න.
රනිල් කියන මොනවද විස්වාස කරන්න පුළුවන්?
ලංකා, ආණ්ඩුවට කඩේ ගියා ඇති දැන්වත් පාට කණ්නාඩි ගලවලා බලන්න.
නීතියේ සිදුරුවලින් රිංගා , සෝරාගත් මුදලින් හෝ රටට වින කටින්න බලාසිටින ජාත්‍යන්තර සංවිධානවලින් ගත් මුදලින් මිනිසුන් මිලදීගෙන , හෝ පොරොන්දුවලින් මින්සුන්ගේ ඡන්ද රැගෙන තම බලය පමනක් ගැන සිතා කටයුතු කරනවුන් රටට වින කටිනවිට අපට එදත් අදත් තිබුණේ මහා සංඝරත්නයේ පිහිට තමයි.
නිර්මල බුද්ධ ධර්මය දේශපාලනය ගාව ගැනීමෙන් නිගා නොකරන්න, දේශපාලකයන්ගේ නරුම , හොර , බොරු වලට ධර්මයේ නාමයෙන් විරුද්ධ වන්න.
නියමයි.. මෙහෙම තමයි මහා සංඝරත්නය වැඩ ඉන්න ඕන..
මේ ව්‍යවස්ථාවක් ඕන කාටද ඩොලර් කාක්කන්ට මහා සංඝරත්නය මේ ක්‍රියාව අගය කරමි රටේ ප්‍රධානම ප්‍රස්නේ ව්‍යවස්ථාවද? ඊට පස්සේ ලංකාව සුරපුරයක් වෙයිද හොර කම නැතිවෙයි දුප්පතුන්න්ට කෑම ලැබෙයි මීහරක් පර්ලිමේංතුවට යන එක නැතිවෙයි....... රජයේ සේවකයෝ උන්නදුවෙන් වැඩ කරයි........