( නිමන්ති රණසිංහ)
අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සනෝජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය.
ලබන 29 වැනිදා සිට 31 වැනිදා තෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් උප නගරාධිපතිවරයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ත්‍රස්වාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සමඟ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් තොරතුරු සැපයීයැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාවකට වරෙන්තු වී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්ත මර්දන පනත අහෝසි හෝ සංශෝදන නොකලයුතුයි.