ලංකාවේ ජීවත්වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුළින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුළත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරිණි.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරයි.
කළුතර මහ රෝහලල බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
නව තාක්ෂණය හදුන්වාදීම තුළින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවැසු අමාත්‍යවරයා හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ එම වැඩපිළිවෙල මේ වන විට රෝහල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර ඇතැයි ද පැවසීය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හිඟයක් රට පුරා. ඒ ගැටළුවට විසඳුමක් දීල හිටියානම් හොඳයි නේද ?
රෝහල් වල කළමනාකරණ දුර්වලතා විශාල ලෙස රෝගීන්ගේ රෝග වැඩි වීමටත් රෝගි ජීවිත අනතුරුදායක තත්ත්වයට පත්වීමටත් බලපානවා ක්ලිනික් එකකට ගියාම චාර්ජ් එකක් හොයාගන්න පැය ගණන් ගන්නවා ඇත්තටම මේ සේවා මීට වඩා 100 ගුනයකින්වත් දියුණු නොකර ප්රශස්ත සේවාවක් බලාපොරොත්තු විය නොහැකි එ්තමා ඇත්තම දෙවිවරු වෛද්‍ය වරියන් පැය ගණන් දුරකථන සංවාද වල ලෙඩ්ඩු බලන් ඉන්නවා ඒ නිසා ජංගම දුරකථන රාජකාරි කාලයේ භාවිතය තහනම් කිරීම යෝගයයි
ලංකාවේ ජනතවට නිගිටින්න බැරි එක හේතුවක් තමා මේ හිඟන අසරනකම කියන මානසිකත්වය.
පක්ෂ වාදයකින් හෝ පුද්ගල වාදයකින් තොරව මේ ක්‍රමය ශ්‍රී ලාංකීය සෑම පුරවැසියකුටම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනවානම් මෙය ඉතාමත් වටිනා දෙයක් ලෙසයි මට නම් පෙනීයන්නේ