(ශාන්ත ප්රදීප් කුලරත්න)
තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ හෝකන්දර හන්දියේ සිට මීටර් 200ක පමණ දුරින් මාර්ගයේ කොටසක් අද(17) ගිලා බැස ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මාර්ගයේ එක් ස්ථානයක අඩි 10ක පමණ කොටසක් එක්වරම ගිලා බැස ඇති අතර ඊට යාබදව ස්ථාන කිහිපයක්ම සුළු ගිලාබැසීම් සහ ඉරිතැලීම් සිදුව තිබේ.
බර වාහන ධාවනයත්, පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වයත්, මාර්ගය හරහා ජලය ගෙන යන නළ පද්ධතියේ කටයුතු නිසි ප්රමිතියකින් සිදු නොවීමත් මෙම ගිලා බැසීමට හේතු වන්නට ඇති බව ප්රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ කොටසක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබිණි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කිරීමට පොලිසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් රටම ගිලා බහින බවට සංඥාවක්.
මේ පාර හදල අවුරුද්දක් යන්න කලින් වෝටර් බෝර්ඩ් එකෙන් පාර කපන්න ගත්ත. හැම තැනම වලවල් හැමදාම වගේ වතුර බට ලීක් වෙන්නේ ප්රමිතියක් නැතිව .ටෙස්ට් නොකර බට දාල තියෙන නිසයි. මහජනතාවගේ සල්ලි නේද මේ නිකන් පුටු රත් කරන නිලධාරීන් විනාශ කරන්නේ (අද ගිහින් බලන්න අදත් පාර මැද වතුර ලීක් එකක් )
රට හූරපු - සුභ අනාගතයකින් හදපු පාරක්ද? නැත්තන් හවුල් කැද ආණ්ඩුවෙන් හදපු පාරක්ද?
කවුරු හැදුවත් මේ පාරේ අපි හොඳට එහා මෙහා ගියා . අවුරුදු 4 පාලනය කල අයට ගිලා බහින්න වත් පාරක් හදා ගන්න බැරිඋනා. රටේ දේවල් ගිලා බහින්නේ ඉන්න පාලකයින්ගේ කරුමක්කාර කමටයි." රාජා බවතු ධම්මිකෝ" කියන පාඨය මේ අයට අයිති නැත.