පිලීපීනයේ නිල සංචාරයක් සදහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු විය.
එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි
හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ.
එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
(36698)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලාට දෙන බෙහෙත අහගන්න පුළුවන් වෙයි. පිලිපීන ජනාධිපති තුමා ළඟ තියෙනවා එතුමා ඒවගේ අයට දෙන කියාපු බෙහෙත් වට්ටෝරු ගණනාවක්ම...
පිලිපීන ජනාධිපති කියන්නේ ලෝකෙම පිළිකුල් කරන මිනීමරු පාලකයෙක්. ඔහුගේ සෘජු අණදීම යටතේ 'මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්' යන ලේබලය යටතේ පුද්ගලයන් 5,000 කට වඩා ඝාතනය කර තියෙනවා. ලංකාවේත් ඔය අයුධ පෙන්නන්න යනවා වගේ.
වංචාවට, දූෂණයට කප් ගහපු අපේ ජාතියේම රටක්.. අපේ කෝලමා මොනවා කියවලා, මොනවා ගෙනේවිද දන්නේ නැහැ?
ජනප්රියභාවය සියයට 60කට වඩා වැඩියි.
කොහොමද මචන්.. කොළඹට හරියට වහිනවා හිටන් .. වෙන මොනවා කියන්නද?
58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව මේක වීමෙන්ම තව දුරටත් හිතන්න ඕන නැහැ.
අපේ ගරු නිශාන්ත මුතුහෙට්ටිගම මැතිදුන් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සමග ආරාධනා ලැබීම රටට ආඩම්බරයක්...
ආසියාවේ දුප්පත් රටක් .මැදපෙරදිග වැඩිම ගණිකාවෝ පිලිපීනයෙන්.අපේ අය මෙහෙ දෙවෙනි පවුල් කන්නේ පිලිපින් දත් දොස්තොර වරුන් සමග ....