(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේදී ඉකුත් දා පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන්ද සමඟ මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය යවා ඇත.
දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද එම විකල්ප ක්රියාමාර්ග වලින් ඕනෑම ක්රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇතැයිද පැවැසේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ප්රකාශකයෙකු සඳහන් කළේ දැනට පවතින නෛතික ගැටළු විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකුවට උඩ දාගෙන නැටුවට කොමිසම් සභා වලිනුත් ජනතාවට වෙච්ච සෙතක් නම් නැහැ. දැන් වෙලා කොමිසමත් බලාගෙන ඉන්නවා අර පෙර පරිදිම උඩින් කියනකම් ඡන්දය තියන්න. මට නම් කොමිසමෙයි දෙපාර්තුමෙන්තුවෙයි වෙනසක් පෙන්නේ නැහැ
පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියා පසුගියදා ජනපති පැවසුවා. වැඩි දිනක් නොගොස්ම එය ඉක්මනින් පවත්වා ගැනීමට අධිකරණයට යන බව තව කට්ටියක් පැවසුවා. අධිකරණයට යෑමේ වැඩපිළිවෙල පිටුපස සිරිසේන ජනපති වරයා සිටින බව ඉතා පැහැදිලියි. දැන් මැතිවරණ කොමිසමත් මේ වැඩ පිළිවෙලට කිසියම් තල්ලුවක් දෙනවාදැයි කෙනෙකුට සිතෙනවා වෙන්නට පුළුවන්. මැතිවරණය ඉක්මන් කල යුතුයි. අපද එයට එකඟයි. ඒත් මෙතන තියෙන බලවත්ම කාරණය නම්, රටේ නීතිය හා ව්යවස්තාව උල්ලංගනය කල ජනපති ඉක්මනින්ම අයින්කිරීමට ජනපති වරණයක් පැවැත්වීමට ඉක්මනින් කලයුතු බවට පැවසීමට ඉහත කිසිවෙකුට කශේරුවක් හා ආත්ම ශක්තියක් නොමැති වීමයි. ප්රථමයෙන්ම ජනපතිවරණයක් පවත්වා එම අසුන පිරිසිඳු කොට අනතුරුව අනෙක් සියලු මැතිවරණ පැවැත්වීම රටේත් ජනතාවගේත් යහපතට හේතු වන්නේය. විය යුත්තේද එයයි.