( වීනීතා එම්. ගමගේ )
මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කර ඇත.
‘‘පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන’’ යටතේ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප්‍රදේශ වල වනාන්තර සහ විල්ලූ හෙක්ටයාර 3415 ක භූමි ප්‍රමාණයක් කෘෂි කාර්මික හා සත්ත්ව පාලනය ආශි‍්‍රත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට එම ඉඩම් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර ඒ සඳහා 2018 නොවැම්බර් මස 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මහවැලි ගෙඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශි‍්‍රත ව පිහිටි විල්ලූ හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම් වලට ලබා දීමට සැලසුම් කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
300 කට අධික අලි ගහනයකගේ නිජබිම වන මෙම ප්‍රදේශය විනාශ කිරීම සිදු වුවහොත් දැනට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලි -මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇතැයි ද ඔව්හු පෙන්වා දෙති.
මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලි - මිනිස් ගැටුම පවතී. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇත. පසුගිය වසරේ දී වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් අලි මරණ 23 ක් හා අලින්ගේ පහර දීම් හේතුවෙන් මිනිස් මරණ 6 ක් පමණ සිදු ව තිබේ. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ගොවීන්, අලි - ඇතුන් හා වගා බිම් විශාල ප්‍රමාණයක් රටට අහිමි වනු ඇතැයි ඉඩම් හා කෘෂීකර්ම සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා ලංකාදීපයට පැවැසීය.
ගැටලූ ගණනාවක් පවතිද්දී අක්කර 8500 ක වනාන්තර හා විල්ලූ විනාශ කර වාණිජ කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමෙන් කන්දකාඩුව, ගල්කන්ද, සිංහපුර, මුතුවැල්ල වැනි ප්‍රදේශවල අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මහවැලි මහ සැලැස්මට අනුව කි‍්‍රයාත්මක වූ මහවැලි කඩිනම් යෝජනා ක්‍රමය හේතුවෙන් අවතැන් වූ අලි - ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට වාසස්ථාන සැපයීම හා කෘෂිකර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු කිරීමට හා ජල පෝෂක ප්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මහවැලි පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය ස්ථාපිත කර ඇති බව පෙන්වා දුන් චාමිකර මහතා වස්ගමුව ජාතික වනෝද්‍යානය, ගංගාධාර ස්වභාව රක්ෂිතය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය වශයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික රක්ෂිත ජාලය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම රක්ෂිත වනාන්තර ජාලයේ අලි - ඇතුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට හා විල්ලූ ඇතුළු මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ ජල පෝෂක වල පැවැත්මට දැඩි තර්ජන එල්ල කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටන කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප්‍රදේශයේ වනාන්තර හා විල්ලූ මෙම කටයුත්තට යොදා ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
මේ නිසා වහා ම කන්දකාඩු හා ති‍්‍රකෝණමඩු වනාන්තර සහ විල්ලූ සමාගම් වලට ලබා දීමේ කි‍්‍රයාවලිය නතර කර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු යැයි ද චාමිකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා කාලකන්නි වැඩ...
එයත් කැලෑ කපන්න යෝජනා ගෙනාවා නම් අනිත් අය ගැන කවර කතාද? විල්පත්තුව සහ සිංහරාජය ගැන අදහස අතහැර ගනිමු. දේශප්‍රේමී වෙස් ගත්තු හිවල්ලු...
හත්දෙයියනේ... අපි හිතුවේ මේ හාදයා අද, හෙට රහත් වෙයි කියලා.. දෙන ටෝක් බැලුවම. එයාටත් කැලෑ පේන්න බැහැ වගේ ..ම්ම්...ම්ම්...පතෝල, වැටකොළු වගේ හිටියට වැඩ නම් සංස්ථා වානේ වගේ. හොඳයි යනකොට පෙට්ටියේ දාගෙනම යන්නකෝ...
සියලු පොදු ජනතාව දවසට එක්වරක්වත් මේ කාලකන්නින්ට "හෙණ ගහපන්" කියා ශාප කළ යුතුයි.
කවුරු කෙසේ මොනවා කීවත්, මේ අය දන්නවා තමන් බලයේ ඉන්න තාක් රට කාබාසිනියා වුවත් කොහොම හරි තමන්ගේ පවුලේ අයට සුඛෝපභෝගී ජීවිතයක් ඉදිරි අනාගතයේ ගත කරගන්න හම්බකර ගත යුතු ආකාරය. එ් වගේම ජනතාවත් දන්නවා මේ මහත් හොරු කෙතරම් රටට වින කලත්, මේ ගොල්ලන්ගේ වහල්ලු ලෙස දෙපැත්තට කතිරෙ ගහමින් සුදු මහත්තුරු ණය එවනකං මුහුදට දත නියව නියවා ඉන්න.
රටක අවාසනාව... මුළු රටේම මිනිස්සු පරිසර විනශ වලින් විටින් විට බැටකන මේ වෙලාවේ .. අපේ මෝඩ දේශපාලකයෝ අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වෙන මුළු පරිසරයම වනසන මේ වගේ වැඩවලින් පිබිදෙමු පොළොන්නරුවක් හදන්න පුලුවන් නම් හරි පුදුමයි...
රටට අවශ්‍ය අහාර රට තුළ නිපදවීම සඳහා ඊට යෝග්‍ය ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා යෙදවීමේ වරද කුමක්ද? මෙවැනි දේට විරුද්ධ වන අය යෝජනා කරන්නේ රටට අවශ්‍ය අහාර සැමවිටම පිට රටින් ආනයනය කරන්නටද? රටක වැඩිවන ජනගහනයේ අවශ්‍යතා පරිදි වනගත ප්‍රදේශ එළි කිරීමට සිදුවීම නොවැලැක්විය හැකි දෙයකි. පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේදී කොළඹ ප්‍රධාන නගරයට දකුණින් වූ භූමිභාගය සතුන්ගෙන් ගහන වන පෙදෙසක් වුවත්, අද එම ප්‍රදේශය මිනිසුන් විශාල ප්‍රමාණයක් වසන ජනාවාස බවට පත්වී ඇත. එසේනම්, අතීතයේ කොළඹ අවට තිබූ වනගත ප්‍රදේශ කපා හෙළි පෙහෙළි කිරීමත් වරදක්ද?
අනිවාර්යයෙන්ම මොලේ පරික්ෂා කරන්න වෙනවා.
ඇත්තටම මේ රට කරන්නේ ' අමුම අමු මෝඩ රැලක් '..කොහෙන් හරි ඩොලර් කිහිපයක් දෙනවයි කිවොත්. ඇයි දෙයියනේ මේ රටේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා 1948 ඉඳලා අද වෙනකම් රට කමින් ඉන්න ඔක්කොම එලවාදමා , අලුත්ම අලුත් උගත්, වැදගත් ,බුද්ධිමත්, සොබාදහමට- රටට අවංකවම ආදරයකරන අවංක තරුණයින් පිරිසක් රටේ පාලනයට පත් නොකර ගන්නේ...? ඡන්ද කාලෙට දේශපාලුවන් බෙදන බත් මුලට, රුපියල් දාහට, අරක්කු බෝතලයට, සිල් රෙද්දට තමන්ගේ වටිනා ඡන්දය හුවමාරු කරගන්නා ' වහලුන් ' සිටිනාතක් කල් ...ලෝකයේ තියෙන අසමත්ම රාජ්‍යය ලෙස නම් කරන තෙක් ... අපේ රට ඔහේ පාවී පාවී තියේවි. එයයි අපේ අවාසනාව.
ජනපති වූ පලියට පරිසරය පිළිබඳව අවබෝධයක් නොමැතිව මෙවැනි තීරණ ගන්නේ කොහොමද ? පරිසරවේධීන් කීවොත් මෙයින් වෙන්නේ මහත් විනාශයක් කියා ඕනම කෙරුමෙක් ඊට සවන් දිය යුතුයි. හැබැයි එයට පිටුපා ක්‍රියා කරන්න හදනවානම් ඔවුන්ව දේශද්‍රෝහියෝ ලෙස බ්ලැක් ලිස්ට් කල යුතුයි.
මං දන්න විදියට නම් කැබිනට් සංදේශයකට අදාල කරුණු යටතේ ඊට අදාල රජයේ දෙපාර්තමේන්තු විසින් නිරීක්ෂණ ඉදිරිපත් කල යුතුයි. එතකොට මේ වගේ යෝජනාවක් නිවැරදි කරල අනුමැතිය දුන්න නිලධාරින් කවුද. දේශපාලකයො කියන අය කරන කරන හැමදේම හරිය කියන රජයේ නිලධාරින් ඉන්න රටක් මේක. අනික නාරද කියන කෙනා කහින්නේ කා වෙනුවෙන්ද. ඔබ ලංකාවෙන් ටිකක් එහාට ගිහිං ලෝකය දෙස බලන්න. කොරියාව ජපානය වැනි රටවල අධිවේගී මාර්ග දෙපස පවා වනාන්තර වගේ. ඒ රටවල් අද මහාපරිමාණ වශයෙන් වනාන්තර වගා කරනවා. මුළු රටපුරාම එකම හරිත යායක්. නමුත් ජපානය කන්න නැතුව බඩගින්නේ ඉන්න රටක්ද. ඔබ කියන විදියට නම් ඒ රටේ එක වනාන්තරයක් වත් ඉතුරුවෙන්න විදියක් නෑ වැඩිවන ජනගහනයට ආහාර දෙන්න ගස් කපන්න ගියොත්. එහෙත් රහස තියෙන්නේ ඔවුන් හැකි සෑම බිම් අගලකම වගා කරනවා. ටොකියේ නගරය ඔවුන්ගේ අගනුවර උනත් ඉන් කිලෝමීටර කීපයක් එහාාට ගියතැන සිට දුම්රිය මාර්ග දෙපස පෙනෙන්නට තිබෙන්නේ වී, කොමඩු, බඩඉරිඟු සහ එලවළු වගාබිම්. ඇයි අපිට ඒ රටවලින් මේ ආදර්ශ ගන්න බැරි.
ගස් හිටවලා අලුතින් වනාන්තර ඇති කරන්න ඕනේ වෙලේ තියන කැලා කපන්න කියන අනුවන මිනිස්සු